"ණය සහ පොලිය"

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ශබ්දකෝෂයෙන් පවා ඉවත් කළ යුතු "ණය සහ පොලිය"

    ලොව පුරා ක්‍රියාත්මක වන සහ ශ්‍රී ලංකාව තුළ වැඩියෙන්ම ක්‍රියාත්මක කෙරෙන නීත්‍යානුකූල ගසාකෑම වන්නේ ණය සහ පොලිය යෑයි සඳහන් කළොත් එය නිවැරදිය. ඒ වගේම මේ රටේ ආර්ථිකය හදාගන්නට බැරි ලොකුම හේතුව වන්නේද ණය සහ පොලියමය. හරියට බැලුවොත් ණය සමග පොලියද පොලිය සමග ණය ද ක්‍රියාත්මක වන්නේ 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවත් සමග රටට හඳුන්වා දුන් සහ වෙන් කරන්නට නොහැකිව ක්‍රියාත්මක වන අනුපාත ඡන්ද ක්‍රමය සහ මනාප ක්‍රමය ලෙසින්ය. එපරිදි එම ක්‍රමය මේ රටට බරක්‌ වී ඇති සේම ණය නම් වූ මිථ්‍යාව සහ පොලිය නම් වූ මහා අසාධාරණය විසින් ද දෙපයේ වීරියෙන් නැගී සිටින්නට වෙර දරන රටවල් පමණක්‌ නොව පුද්ගලයන්ව ද දණ ගස්‌සවන්නට සමත් වී ඇත.

    මෙම පැහැදිලි කිරීමට පූර්වාදර්ශයක්‌ කර ගනිමින් පසුගිය 06 වැනි දින මෙම පුවත්පතෙහි කතු වැකියෙහි සඳහන් වූ එක්‌ අපූරු පාඨයක්‌ මෙසේ උපුටා ගන්නෙමි.


    "ශ්‍රී ලංකාව යනු ණයටම දුවන රටකි. එක්‌දහස්‌ අටසිය ගණන් වල මැද දී ශ්‍රී ලංකාවේ ලාභ-පාඩු සොයා ගැනීම පිණිස බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව විසින් අය-වැය ලේඛනයක්‌ පිළියෙල කළේය. එයින් ඔප්පු වුණේ රට පාඩු පිට දුවන බවත්, පාඩුව පියවා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව දිගින් දිගටම මුදල් පොම්ප කර ඇති බවත් ය. මේ නිසා ඉහළ වේතන ලබන ඉංගී්‍රසි නිලධාරීන් ශ්‍රී ලංකාවෙන් ආපසු ගෙන්වා ගත් ආණ්‌ඩුව ඒ වැටුප් වලින් 20 න් එකකටත් වඩා අඩු මුදලට වැඩ කිරීම සඳහා ඉංගී්‍රසි උගත් සිංහල ලිපිකරු සහ සිංහල මැනේජර් පරම්පරාවක්‌ බිහි කළේය. ඒ මැනේජර් පරම්පරාවේ මී මුණුපුරෝ අද මේ රටේ පාලන තන්ත්‍රය තුළ සිටිති. ඔවුන්ට පත පොතේ වැඩ මිස රටේ අභිවෘද්ධියට බතල වැල් කැබැල්ලක්‌ පස්‌ යට කරගන්නට තරම් දැනුමක්‌ නැත. එබඳු ජාතියක්‌ සිටින රටක්‌ මෙබඳු පාඩු පිට දිවීම පුදුමයක්‌ නොවේ. අප පුදුම විය යුත්තේ මේ රට මෙපමණ දුරවත් ගමන් කිරීම ගැනය."

    ඒ අනුව ණයට සහ පොලියට අපි හුරු පුරුදු වුණේ කෙසේද යන්න ගැන තව දුරටත් ගැටලුවක්‌ නැත. ගැටලුව තිබෙන්නේ එම මිථ්‍යාවෙන් සහ අසාධාරණයෙන් මිදෙන්නට අපේ වගකිවයුත්තන්ට තවමත් හැකියාවක්‌ නැතිකමය. ප්‍රායෝගික මොළයක්‌ නැතිකමය. අපේ මේ මිනිස්‌සු ඔක්‌කොම දෙනා තියරිකාරයින් නොහොත් න්‍යායාචාර්යවරුන් පමණක්‌ වීමය. එහෙමත් නැත්නම් සූත්තර පුංචන් වීමය. ඒ අනුව මේ අය උද්ධමනය, අවධමනය හෝ ජීවන වියදම වැනි ආර්ථික ගැටලුවක්‌ පැන නගින අවස්‌ථාවලදී න්‍යායාත්මකව හැසිරෙන්නට සහ මොකක්‌ හෝ සූත්‍රයක්‌ ඉදිරිපත් කරන්නට සමතුන්ය.



    ඒ වගේම ඒ කාරණාවට අදාළව පමණක්‌ මෙලෝ වගතුවක්‌ නැති ජාතික ප්‍රතිපත්තියක්‌ කියා එකක්‌ හදන්නට ද සමත්ය. එහෙත් රාජ්‍ය (මූලික) ප්‍රතිපත්තියක්‌ නැති රටක නිර්මාණය වන ප්‍රශ්න විසඳන්නට එවන් සූත්‍ර සහ අංශානුකූල වන පැලැස්‌තර ප්‍රතිපත්ති ඔරොත්තු නොදෙන බවවත් ප්‍රායෝගික ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු වන බවවත් ඔවුහු නොදනිති.

    එනිසාම වැඩියෙන් ණයට ගැනීම සහ පොලිය ගෙවීම මේ අමනෝඥයන් දකින්නේ ඔවුන්ගේ හපන්කමක්‌ ලෙසින්ය. අපේ ආණ්‌ඩුවක්‌ තියනකොට වැඩියෙන් ණයට ගන්නට හැකිය. අපි වැඩියෙන්ම ණය ගන්නේ අඩු පොලියටය. අපි ආශ්‍රය කරන්නේ අපට වැඩි වැඩියෙන් ණයට සහ පොලියට දෙන සහෝදර රටවල් සමග පමණය. එනිසාම මේ රට හදන්නට අපට බලය ලබා දෙන්නටය කියා ඡන්දයක්‌ පැමිණි විට ඔවුන් පවසන්නේ උජරුවෙනි. ඒ වගේම මෙතෙක්‌ කල් ආණ්‌ඩු බලය අතට ලැබුණු හැම ආණ්‌ඩුවක්‌ විසින්ම පළමුවෙන් කළේ ණයට ගැනීමය එම කිහිලිකරු ප්‍රතිපත්තිය අනුගමනය කිරීමය. එම ප්‍රතිපත්තියේ පමණක්‌ පිහිටා සිට අනෙක්‌ ආණ්‌ඩුවට වැඩියෙන් ණය ගෙන පෙන්වීමය. රටක්‌ රාජ්‍යක්‌, ආයතනයක්‌ ලෙස පමණක්‌ නොව පවුල් සංස්‌ථාවක්‌ හෝ පුද්ගලයෙක්‌ ලෙසද මේ රටේ ජනතාව ණයට හුරුකරවීම සහ ණයට ඇති බය නැති කරවීමය. ණයට කන්නට සහ පොලියෙන් ජීවත් වන්නට හුරුකරවීමය. එහි ඇති බරපතළකම සහ නිස්‌සාර බව පහදා නොගැනීමය. ඒ හැරෙන්නට දෙපයින් නැගී සිටින ආකාරය කියා දීමට හෝ එවන් වටපිටාවක්‌ නිර්මාණය කිරීමට ක්‍රියා නොකිරීමය. ඒ සඳහා අවශ්‍ය ආදර්ශය ලබා නොදීමය.

    එපරිදි මේවාට වගකිව යුතු දේශපාලනඥයන් සහ අදාළ නිලධාරීන් විසින් අමනෝඥ ලෙස මෙතෙක්‌ ගෙන ඇති තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට ගලේ පැහැරූ බළලුන් මෙන් කලබල වී ඇත. කට මැත දොඩවන්නට පටන්ගෙන ඇත. තම නොහැකියාවන් වසං කිරීම සඳහා පට්‌ට පල් බොරු ඇදබාන්නට පටන්ගෙන ඇත. 2500 න් ජීවත් වන ආකාරය උගන්වන්නට පටන්ගෙන ඇත. එපමණක්‌ නොව තවත් විවිධාකාර වැරදි තීන්දු තීරණ ගන්නට පටන්ගෙන ඇත. ඒ අනුව හිටි හැටියේම බදු වැඩි කරන්නට සහ අඩු කරන්නට පෙළඹෙනවා ඇත. පොලී අනුපාත අඩු කරන්නට සහ වැඩි කරන්නට පටන්ගෙන ඇති බව පෙනෙන්නට ඇත. එහෙත් ඒ එකක්‌වත් තුලනය වන බවක්‌ නොපෙනෙන අතර පවතින ප්‍රශ්න සහ ගැටලු තව තවත් ඔඩු දුවන බව නම් පෙනෙන්නට ඇත.

    ඒ අනුව මේ වන විට මේ රට පොලී කාක්‌කන්ගෙන් පිරුණු සහ ඔවුන්ගේ මනදොල පිනවන පාරාදීසයකි. ආකර්ෂණීය පොලී ක්‍රම සහ විධි අලුතෙන් හඳුන්වා දෙන රටකි. ඒ සඳහා රාජ්‍ය අංශය සමග තරග වදින පුද්ගලික අංශයකින් සමන්විත වන රටකි. අවුරුද්දේ තුන්සිය හැටපස්‌ දවසම මහ පොලව සමග ගැටෙන ගොවියාගේ සහ වැඩ බිමේ කම්හලේ දහදිය වගුරන කම්කරුවාගේ දහදිය බිඳුව මෙන්ම නිෂ්පාදකයාගේ නිපැයුම පොලියට සාපේක්‍ෂව අවතක්‌සේරු කරන රටකි. එනිසාම මහන්සි වී වැඩ කරන අහිංසකයන් නිකමුන්ගේ ගැත්තන් බවට පත් වූ රටකි. එසේ කිරීමට මහා පරිමාණයෙන් ආයතන පිහිටුවන රටකි. ලොවට මුදල් කියන මෙවලම අවශ්‍ය වූයේ කුමක්‌ සඳහා ද කියා නොදන්නා ආර්ථික විශේෂඥයන් වෙසෙන රටකි. මේ රටේ ජීවත් වන්නේ ආර්ථික විද්‍යාව සාමාන්‍ය පෙළ පොතේ "මුදලේ ඉතිහාසය" නම් වූ පාඩම සැබෑ පාඩමක්‌ කර නොගත් පණ්‌ඩිතයන් පිරිසකි. සුදුසුකමක්‌ සහ සදාචාරයක්‌ නැතිව දේශපාලනයට පිවිසෙන ගොනුන්ගේ නාස්‌ ලණුව අතට ගත් සහ වැරදි දිසාවට ඔවුන්ව දක්‌කාගෙන යන ලොකු ලොකු සහ වගකිව යුතු නිලධාරීන් විසින් පරිපාලනය කරන රටකි.

    එනිසාම මේ රට තුළ මෙතරම් ව්‍යාකූලත්වයක්‌ ඇතිවන්නට හේතුව කුමක්‌ද කියා සොයන්නට මෙම සියලුම අමනෝඥයන් අපොහොසත්ය. කොපමණ අපේකම් ගැන කතා කළත් විනාශ කරන තරමක්‌ විනාශ කරන්නේද අපේ දේවල්මය. දැන හෝ නොදැන ගැතිකම් කරන්නේද සුද්දන්ටමය. ක්‍රියාත්මක කරන්නට හුරු පුරුදුව සිටින්නේද සුද්දන් විසින් හඳුන්වා දුන් ක්‍රමවේදයන්මය.


    සුද්දන්ට බැණ බැණ සහ උන්ට විරුද්ධව උපවාස කරමින් අත උස්‌සන්නේද සුද්දන් කී කළ දේ අනුමත කරන්නටය. යන තරමක්‌ යන්නේද ඔවුන් ගිය මගෙහිමය. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවතත් පොලී අනුපාත ඉහළ නංවා ඇති බව දැනගන්නට ඇත. මෙම තීරණය ගනු ලබන්නේ මේ රටේ ව්‍යාපාරික ප්‍රජාවෙහි සහ පුද්ගල ණය වර්ධනය ඉහළ අගයක පවතින නිසා එය පාලනය කරගැනීම පිණිසත් පවතින උද්ධමනය අඩු මට්‌ටමක පවත්වා ගැනීමේ අපේක්‍ෂාවෙන් බවත් අසන්නට ඇත. එහෙත් රට තුළ මූල්‍ය අර්බුද පැනනගින විට කොළ තුනේ සූදුව කෙළිනව වගේ ඔවුන් විසින් මේ කරන්නේ කුමක්‌ද කියා අපට නම් වැටහෙන්නේ නැත. අපට තියා ඔවුන්ටද ඒ ගැන එතරම් වැටහීමක්‌ හෝ විශ්වාසයක්‌ තිබෙන බවක්‌ද පෙනෙන්නට නැත. මේ ටික මේ රටේ වර්තමාන අධ්‍යාපන අමාත්‍ය සහ හිටපු මුදල් ඇමැතිවරයකු මෙන්ම ගණිත විද්‍යාව සහ ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රවීණයකු වන බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාටවත් තේරෙනවද යන්න අපි නොදනිමු. ඒගොල්ලන්ගෙ න්‍යායන් සහ සූත්තර කෙසේ වෙතත් මේ සඳහා ප්‍රායෝගිකව සිදු කළ යුතු වන කරුණු කාරණා දෙක තුනක්‌ ගැන නම් අපට විශ්වාසයක්‌ ඇත.

    අවුරුදු 2500 ට පමණ පසු 2004 දී අප මුහුණ දුන් එකම සුනාමියෙන් පසු අපට සිදු වුයේ කුමක්‌ද, තවමත් එහි විපාක විඳවන්නේ එයට මුහුණ දුන් අහිංසක මිනිසුන්ය. අපි ඒ ගැන කියමින් ජාතියක්‌ ලෙස වැඩියෙන් දුක්‌ වූයේ කුමකටද, සිදුවූ ජීවිත හානි ගැනද එසේත් නැත්නම් දේපල හා ධන හානිය ගැනද, තවත් ඒ ගැන දොඩවමින් නාහින් අඬන්නේ කුමක්‌ ගැනද, එවන් විපතක්‌ සිදුවීමද මේ රටේ පාලකයන්ට ඔවුන්ගේ වැරදි වසා ගන්නට අස්‌වැසිල්ලක්‌ පමණක්‌ නොවේද, අපේ දේශපාලුවන්ට එවන් දෙයක්‌ සිදුවීම යනු අඬන්න ඉන්න එකාගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වැනිය.

    එහෙයින් අපේ රට කරවූ සහ කරවන මෙන්ම කරවන්නට කෙල හලන දේශපාලනඥයන් විසින් දත යුතු වන්නේ, වරින් වර ගනු ලබන ණය මතවත්, අය කරනු ලබන පොලී මතවත්, වැඩි කරනු ලබන බදු මතවත්, රටක්‌ ගොඩනැගිය නොහැකි වන බවයි. එවන් රටක්‌ තුළ කවදාවත්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය ස්‌ථාපිත කළ නොහැකි වන බවයි. මෙම ණය යනු මිථ්‍යාවක්‌ පමණක්‌ නොව පාප කර්මයක්‌ නොහොත් දුකක්‌ බව සියලුම ආගමික ශාස්‌තෘවරුන් පවා පෙන්වාදී ඇත. බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ පැහැදිලි කර ඇත්තේ ණය නැතිකම (අණන සුඛය) සැබෑ සැප හතරෙන් එකක්‌ ලෙසය.


    ඒ වගේම පොලියට දීම හෝ ගැනීමද සෑම ආගම් ශාස්‌තෘවරයෙක්‌ විසින්ම ප්‍රතික්‍ෂේප කර ඇත්තේ එය මහත් පාපකර්මයක්‌ මෙන්ම අසාධාරණයක්‌ සහ අපරාධයක්‌ ලෙසද පැහැදිලි කරමිනි. ශුද්ධ වූ කුරාණයේ ද එය පැහැදිලිය. එනිසාම එම පවට බය සමහර ඉස්‌ලාමීය රටවල් සහ බැතිමතුන් අදටත් පොලිය ප්‍රතික්‍ෂේප කරති. එමෙන්ම බදු ගෙවීම පිළිබඳ ප්‍රශ්න කිරීමේදී සීසර්ගෙ කොටස ඔහුට දෙන ලෙසත් දෙවියන්ගේ කොටස දෙවියන්ට දෙන ලෙසත් ඡේසුස්‌ වහන්සේ දේශනා කර ඇති ආකාරයෙන් ගම්‍ය වන්නේද රජයේ කොටස රජයට හිමි විය යුතු වන බවත් ජනතාවගේ කොටස ජනතාවට හිමි විය යුතු වන බවත්ය. එහෙයින් ජනතාවගේ දහදිය ලේ ටික උරා බොන්නා සේ බදු අය නොකළ යුතු වන බවයි. එහෙත් එම දේශනා අනුව මගපෙන්වන්නට කැප වී සිටින අපගේ සංඝයා වහන්සේලා ඇතුළු වෙනත් ආගමික නායකයන් පවා පොලියට දෙන බවත් ගන්නා බවත් ප්‍රසිද්ධ රහසකි. ඒ අන් කිසිවක්‌ නිසා නොව අපේ ආරෙට මේ රට දුවන සැටිය. මේක ශ්‍රී ලංකාව වන නිසාය. එපමණක්‌ නොව මෙවන් සමාජයක්‌ තුළ එසේ නොකර අසරණ නොවී රැඳෙන්නට අපහසු වන නිසාය.

    අප රටට නිදහස කියා එකක්‌ ලැබුණ දා සිට දේශපාලනඥයන් කළේ කුමක්‌ද, ඔවුන්ට උපදේශනය සැපයූ විද්වතුන් කළේ කුමක්‌ද? මේ රටේ ඉහළ තනතුරු හොබවමින් පරිපාලනය සිදු කළ වගකිව යුතු නිලධාරීන් සිදු කළේ කුමක්‌ද, පනින රිලවුන්ට ඉනිමං බඳින්නා සේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය වළපල්ලට ඇද දමමින් ඒකාධිපතිවාදය සහ ධනපතිවාදය පෝෂණය කිරීම නොවේද, ඒ සඳහා වැඩියෙන් බදු පැනවීම, වැඩි වැඩියෙන් ණය ගැනීම, පොලී ප්‍රතිශත ඉහළ දැමීම, කුමක්‌ හෝ ආපදා අරමුදලක්‌ මුවාවෙන් ලොතරැයියක්‌ නිර්මාණය කිරීම, නිපැයුම් ක්‍ෂේත්‍රය විනාශ කරමින් වෙළෙඳ ක්‍ෂේත්‍රය පුළුල් කිරීම, අතරමැදියන් සහ පොලී කාක්‌කන් බෝ කිරීම, පොලියෙන්ම කන බොන අඳින සහ අනෙකුත් සියලු වුවමනා එපාකම් පිරිමසා ගන්නා නිකමුන් බෝ කිරීම, නොවන්නේද?

    එහෙයින් මෙවන් කොළ තුනේ සූදුව බඳු වූ ආර්ථික සැලසුම්වලින් බැහැරව, ණය කියනු ලබන මිථ්‍යාවද පොලිය කියනු ලබන මහා අසාධාරණය ද ශබ්දකෝෂයෙන් පවා ඉවත් කර, බදු සහ ලියාපදිංචි ගාස්‌තු, බලපත්‍ර ගාස්‌තු සහ මුද්දර ගාස්‌තු යනාදිය පමණක්‌ රජයේ ප්‍රධාන ආදායම ලෙස සලකමින්, එය සාධාරණව සහ ප්‍රමාණවත්ව අයකර ගනිමින්, පරිපාලන සේවා සහ යටිතල පහසුකම් සඳහා කරනු ලබන වියදම් රජයේ මූලික වියදම ලෙසද සලකමින්, රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය යනු කුමක්‌ද, එය කෙසේ ක්‍රියාත්මක විය යුතුද යන අවබෝධයෙන් යුතුව වී ඇටයෙන් සහ එළවළු ටිකෙන් පමණක්‌ රට ස්‌වයංපෝෂිත කරන්නට සැලසුම් නොකර, කළමනාකරණය කරගන්නට පහසු සහ සුදුසුකම් ඇති මේ කුඩා රට ස්‌වයංපෝෂිත කරන්නට හැකි සෑම අංශයක්‌ම, ක්‍ෂේත්‍රයක්‌ම සහ සෑම ස්‌ථරයක්‌ම ආවරණය කරමින් සහ පෝෂණය කරමින් මේ රට හදනු පිණිස අලුත් ඇසකින් බලා යථාර්ථවාදීව ක්‍රියාත්මක වන්නට මීටත් වඩා අත්දැකීම් බහුල කාලයක්‌ නැවතත් උදා නොවනු ඇති බව අපගේ දැඩි විශ්වාසයයි.

    බී.එම්.එස්‌. බාලසූරිය
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පොලිය යනු.?

    පොලිය යනු අද ලොව පිළිලයක් මෙන් පැතිරී ගිය සංකල්පයකි. පොලිය යනු ධනවාදයේ ප්‍රධාන අතුරු ඵලයකි. එහෙත් ධනවාදය කෙතරම් ඔඩු දුවමින් පවතීද ඊටත් වඩා වේගයෙන් පොලිය ලොව පුරාම ඔඩුදුවා පැතිරීමට ප්‍රධාන හේතුව නම් සමාජවාදී රටවලද බැංකු මගින් පොලිය අනුමත කර තිබීමයි.

    අද ‍යුරෝපයේ බොහෝ රටවල කෙනෙකුට නිවසක් අවශ්‍ය වී දේපල විකුණන සමාගමකට ගියහොත් අවශ්‍ය නිවස මාසික ගෙවීමේ ක්‍රමයට ලබා ගැනීමට ඔවුන් පහසුකම් ලබාදේ මෙම ක්‍රමය ඉතා පහසු බැව් රැකියාවක් කරන කෙනෙකුට සිතුනද එමගින් ඔහු විශාල උගුලකට අසුවන බැව් ඔවුන්ට නොදැනේ. මෙසේ නිවාසය ගෙවීමේ ක්‍රමයට ගන්නා ඔවුන් ඉන් පසුව වාහනයද ගෙවීමේ ක්‍රමයට ගනියි. නිවසට අවශ්‍ය භාන්ඩ මෙන්ම එදිනෙදා දේද ණයපත් හෙවත් ක්‍රෙඩිට් කාර්ඩ් Credit card මගින් ලබා ගතහැක. බැලු බැල්මට මෙය ඉතා පහසු දිවියකි. නමුත් ඇත්ත තත්වය නම් නිවාස ණය, වාහන ණය, ගෘහ භාන්ඩ ණය සහ ක්‍රෙඩිට් කාර්ඩ් යන මේ සියල්ල ඇතුලත තිබෙන්නේ පොලිය නොවේද?

    පසුගිය වකවානුවේ යුරෝපය තුල ආර්ථික කුණාටුව Economic crisis හැමු පසුව මධ්‍යම පාංතික බොහෝ දෙනෙකු ඉතාමත් ඉක්මණින්ම මහ පාරට ඇද වැටුනේ මේ නිසාය. හැමු ආර්ථික කුණාටුවේදී බොහෝ දෙනෙකු‍ට සිය රැකියා අහිමි විය. ඉන්පසුව නව රැකියාවක් සොයාගත නොහී මාස කිහිපයක් නිවාස ණය ගෙවා ගැනීමට අපහසු වීම නිසා නිවාස අහිමි විය. වාහන වල ණය වාරික ගෙවා ගත නොහී මාස දෙක තුනකින් වාහනද අහිමි විය. ගෘහ භාන්ඩ අහිමි විය. වියදම් පියවා ගන්නා ක්‍රෙඩිට් කාර්ඩ් ණයද ගෙවා ගැනීමට බැරි වී බොහෝ දෙනෙක්ට උසාවි ගානේ රස්තියාදු වීමටද සිදුවිය. පොලියට ගන්න අවස්ථාවේ හරි සනීපයක් දැනුනද පොලියේ සැබෑ අරුමය වැටහෙන්නේ මෙම අවස්ථාවේදීය.

    පොලියෙන් සිදුවන විනාශය මෙය පමණක් නොවේ. ණය ලබා ගැනීමේදී ලබාගන්නා මුදල මෙන් නොව ණය ගෙවීමේදී ඔබ පොලිය වශයෙන් ඊට වඩා විශාල මුදලක් ඔබගේ පොකැට්ටුවෙන් ගෙවීමට සිදුවෙයි. නිදසුනක් ලෙස දීර්ඝ කාලීණ ණයක් ලෙස නිවාස ණයක් ලබා ගැනීමේදී ඔබ ගත් මුදලට 100% කට ආසන්න වන්නටම පොලිය ගෙවීමට සිදුවන අවස්ථා ඇත. පොලියෙන් සිදුවන අනෙක් හානිය නම් එමගින් ඔබගේ ණයබර දිනපතා වැඩි කිරීමයි. දිනපතා ඔබගේ ණය මුදලට පොලියක් අය වන නිසා ඔබ ණය වාරික නොගෙවුවහොත් සමහර විට ඔබ මෙතෙක් කල් ගෙවු මුදලද වතුරේ යන තත්වයකට පත්වනු නොඅනුමානය.

    ලංකාව තුලද අද බොහෝ දෙනෙක් පොලියට පුරුදුව සිටිති. රථවාහන, දේපල ඇතුළු සියළුම දේ පොලියට ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. බොහෝ දෙනෙකු කැමති මොකක් හෝ බිස්නස් එකක් කිරීමටය. ඒ නිසා ඔවුන් බැංකු ණයක් ලබාගෙන ව්‍යාපාර පටන් ගැනීමට හදති. බැංකු වලින් නිකම් ණය දෙන්නේ නැත. ඔවුන්ට ඇපකර අවශ්‍යය. අපේ ‍බොහෝ දෙනෙකු ඇපකර වශයෙන් බැංකුවට තබන්නේ සිය නිවාස හෝ ඉඩකඩම්ය. ඇත්තටම නිවාස සහ ඉඩකඩම් යනු අපගේ පවුලේ ආර්ථිකය තුල වස්ත්‍ර මෙනි. වස්ත්‍ර උකසට තැබු පසු එය සින්න වුවහොත් සිටින්නට වන්නේ ආර්ථිකව නිරුවතිනි. බැංකු ණය වාරික ගෙවා ගැනීමට මුදල් නැති අවස්ථාවලදී කණකරද උගස් කරති. මේ නිසා සමහරුන්ට ව්‍යාපාර බංකොලොත් වන විට ඉඳුම් හිටුම් වැනි සියල්ල අහිමි වනවා පමණක් නොව පවුල්ද කඩා ඉහිරෙන තත්වයකට පත්වන්නේය.

    මෙම ණය මත දුවන ආර්ථික ක්‍රමය තුල ධනවතා යනු කවුරුන්දැයි වටහා ගැනීමටද අපහසුය. මන්ද බොහෝ දෙනෙකු සිය ව්‍යාපාර යොදවා ඇත්තේ ණය මතය. ඇත්ත වශයෙන්ම අද ලොකුම ධනවතා හෙට ලොකුම පොලු කාරයෙකු වන්නට පුළුවන. මෙයට ප්‍රධානතම හේතුව නම් පොලියයි.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මේ කතාව නම් සහතික ඇත්ත...
    හැබැයි මම කියන්නේ ගිනි පොලියට දෙන(කොම්පැනි සහ එවුන්) ගැන..... පොලියට දෙන එකාට එක නිකන් ඉදන් හම්බු කරන හොද ජොබ් එකක් වගේ පෙනුනට නැති බැරි මිනිහා පොලිය ගෙවන්න පට්ට දුකක් විදින්න ඕන..
    අපි මෙහෙම කිව්වට පොලි කාරයා නම් කියන්නේ ''එහෙමවත් දෙන හින්දනේ ගන්න එකා ජිවත් වෙන්නේ'' කියලා...කොහොම වුනත් ඔයි කරන පව් ගෙවන්න වෙන බව මතක් වෙන්නේ නැහැනේ ඕකුන්ට...
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඔලගේ ආගමේ කියලා තියෙනවා නේද ණයට ගන්න එපා,පොළී ගෙවන්න එපා කියලා..:P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කාලෝචිත මාත්තෘකාවක්,,මොකද දැන් පොලියට ගන්න එක වැඩිවෙලයි තියෙන්නේ.
    හැබැයි මෙතැනදී රාජ්‍ය බැංකු වලට මුකුත් කියන්ඩ කලින් දෙපාරක් හිතන්ඩ වෙනවා
    මොකද ඒවායින් අයකරගන්නේ බොහොම සීමිත පොලියක්
    අන්තිම සාධාරණ විදිහටයි ඔව්න් කටයුතු කරන්නේ.
    බැංකුවලින් ඒ වගේ ණය අරගෙන දියුණු වෙච්ච,,හිසට සෙවනක් හිමිවුන,,වාහනයක් ගත්ත
    කිදෙනේක්නම් අප අතර සිටිනවාද.සමහර අයට බැංකු නොතිබ්බනම් මේ කටයුතු සිහිනයක් පමණයි.....
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    උඔලගේ ආගමේ කියලා තියෙනවා නේද ණයට ගන්න එපා,පොළී ගෙවන්න එපා කියලා..:P

    හරියටම හරි සහෝ...හරියටම හරි. :yes: :yes: :yes: රැවටෙන්න එපා...
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උඔලගේ ආගමේ කියලා තියෙනවා නේද ණයට ගන්න එපා,පොළී ගෙවන්න එපා කියලා..:P

    ණය ගන්න පුලුවන් බට් ඒක හරියට ආපසු දෙන්න පුලුවන් නම් නැත්තම් ඉතින් පාඩුවේ ඉන්න තමා වෙන්නේ ..
    ..පොලිය කිසි සේතම ගන්ට බෑ තරයේ තහනම් ඒ වගේමයි දීමත් :yes::yes:
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කාලෝචිත මාත්තෘකාවක්,,මොකද දැන් පොලියට ගන්න එක වැඩිවෙලයි තියෙන්නේ.
    හැබැයි මෙතැනදී රාජ්‍ය බැංකු වලට මුකුත් කියන්ඩ කලින් දෙපාරක් හිතන්ඩ වෙනවා
    මොකද ඒවායින් අයකරගන්නේ බොහොම සීමිත පොලියක්
    අන්තිම සාධාරණ විදිහටයි ඔව්න් කටයුතු කරන්නේ.
    බැංකුවලින් ඒ වගේ ණය අරගෙන දියුණු වෙච්ච,,හිසට සෙවනක් හිමිවුන,,වාහනයක් ගත්ත
    කිදෙනේක්නම් අප අතර සිටිනවාද.සමහර අයට බැංකු නොතිබ්බනම් මේ කටයුතු සිහිනයක් පමණයි.....
    :yes: මේ කතාවෙත් ඇත්තක් තියෙනවා :D
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,565
    1,452
    113
    Sri Lanka
    උඔලගේ ආගමේ කියලා තියෙනවා නේද ණයට ගන්න එපා,පොළී ගෙවන්න එපා කියලා..:P
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,565
    1,452
    113
    Sri Lanka
    me surangana katha walata rawatenna epa.
    me lipiya "shariyawa" wakrawa adunwa deemak.
    hambayanta poliyata denna thahanam.
    commercial bank site ekata geen balapall. hambayanta wenamama ginum thiyanawa.