photography with amilaboy

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Metering Modes

    KING GBN මලයා අහලා තිබ්බා මොකද්ද මේ Metering Modes කියන්නේ කියලා.
    හොදයි Metering Mode,Camera Metering,exposure Metering ඔය මොකක් කිව්වත් අදහස් කරන්නේ එකම Metering එකක් ගැන තමයි.ඇත්තටම මොකද්ද මේ Metering කියන්නේ? Metering කියන්නේ කැමරාවට එන ආලෝකය සහ කැමරාවේ sensor එකේ ස්වභාවය අනුව කැමරාවේ shutter speed එකත් aperture එකත් තිබිය යුතු අගයන් කැමරාව විසින්ම ගනනය කිරීමයි .කොටින්ම කියනවානම් expose එක ගනනය කිරීමයි..ඉස්සර කාලේ නම් කරේ light meter උපාංගයක් වෙනමම භාවිතා කරා ඔය වැඩේට.

    1227426660f113dv.jpg

    ඉස්සර කාලේ light meter උපාංගයක්

    හැබයි ඉතින් දැන් හැම අලුත් කැමරාවකම වගේ මේ පහසුකම තියෙනවා .හැබයි තවමත් professional photographers ලා මේ meter උපාංගය පාවිච්චි කරනවා .

    skl358.jpg

    220pxerkanumut2.jpg

    නවීන light meter උපාංගයක් සහ භාවිතා කරන අවස්තාවක්

    ඔයාලගේ කැමරාව manual කරලා viewfinder එක ඇතුලෙන් බැලුවම මැද බින්දුවක් තියෙන දෙපැත්තට චලනය වන පොඩි මීටරයක් පහලින් දකින්නට පුලුවන් වෙවි .(canon කැමරාවකනම් බොහෝවිට දකුණු පැත්තේ )
    nikonviewfinder.jpg


    ඔයාලගේ කැමරාව දීප්තිමත් ආලෝකයක යොමු කරොත් ඔයාලට පෙනෙයි මීටරය + අගය පැත්තට යනවා ..ඒ වගේම අදුරු පැත්තකට යොමුකරොත් මිටරය - පැත්තට යනවා.ඒ අනුව අපිට තීරනය කරන්න පුලුවන් කැමරාවේ shutter speed හෝ aperture එක අඩු ක්කරනවාද නැත්නම් වැඩි කරනවාද කියන එක.

    අදකාලෙ බහුලව භාවිතාකරන Metering Modes වර්ග 3ක් තියෙනවා.

    1. Matrix Metering
    27893417.jpg

    මේක තමයි බොහෝවිට default .කැමරාවේ තියෙන්නේ .මේකෙදී වෙන්නේ සම්පූර්ණ frame එක කොටස් වලට කඩලා color,distance, subjects, highlights වගෙ කරුනු සලකලා සමස්තයක් වශයෙන් සම්පූර්න frame එකේම exposure එක හදන එක .මේ ක්‍රමය බොහෝවිට ආදුනිකයන්ට ගැලපෙනවා. landscape photography වලටත් මෙ ක්‍රමය බහුලවම හාවිතා කරනවා .

    2.Center-weighted Metering

    centerweightedmetering.jpg

    මේකෙදී කරන්නේ frame එකේ මැද කොටස විතරක් සැලකිල්ලට අරගෙන (සාමාන්‍යයෙන් මුලු frame එකෙන් 60 % ක් විතර )අනෙකුත් කොටස් අත ඇරලා දාන එකයි ..මේ ක්‍රමය ගොඩක් වෙලාවට පුද්ගල චායාරූප වල යොදා ගන්නවා ..එතකොට මුහුන කොටස ඒ කියන්නෙ frame එකේ මැද නිවැරදිව expose වෙනවා.හැබැයි පුද්ගලයා frame එක මැද නෙමෙයි නම් ඉන්නේ මේ ක්‍රමය හරියන්නේ නෑ .මොකද පුද්ගලය ඉන්නේ expose zone එකේ නොවන නිසා බොහෝවිට under expose වෙනවා .
    හරියට මේ වගේ
    79462436.jpg


    3.Spot Metering

    spotmetering.jpg

    මේකෙදී වෙන්නේ focus point එකේ විතරක් exposure එක හදන එකයි ..මේ ක්‍රමය පාවිච්චි කරනව concert photography වගේ කරද්දී . මොකද එවායේ lightning system එක ටිකක් අමුතුයි. එක නිසා පින්තූඅය ගන්න ඕනා වස්තුව පමනක් expose කිරීමකට ලක්වෙනවා.
    capturefr.jpg

    capturerehf.jpg

    29445014.jpg



    ඔන්න එක්කත් ඉවරයි.තව කාටහරි ප්‍රශ්න තියෙනවනම් දාන්න
    ..හොදයි නම් ඉතින් රෙපක් කොමෙන්ට් එකක් එකක් දාලා යන්න
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    අපි හිතමු අපිට ස්පොට් එxපො දාලා එක්කෙනෙක්ගෙ මුනක් තමා හයිලයිට් වෙන්න ඔනි කියල. හෑබෑයි එයා ඉන්නේ අපි ගන්න ඵොටෝ එකේ එක කොනක. එතකොට අපිට Spot Metering එකේ Spot එක මුනට තියල shutter එක බාගෙට ප්‍රෙස් කරල ඉට පස්සේ අපිට ගන්න ඕනි ඵොටෝ එකේ විදිහට ඒකෙනාව අයිනට හිටින්න ගත්තම අපිට ඕනි කෙනාගේ මුන හයිලයිට් වෙලා එයිද.
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    අපි හිතමු අපිට ස්පොට් එxපො දාලා එක්කෙනෙක්ගෙ මුනක් තමා හයිලයිට් වෙන්න ඔනි කියල. හෑබෑයි එයා ඉන්නේ අපි ගන්න ඵොටෝ එකේ එක කොනක. එතකොට අපිට Spot Metering එකේ Spot එක මුනට තියල shutter එක බාගෙට ප්‍රෙස් කරල ඉට පස්සේ අපිට ගන්න ඕනි ඵොටෝ එකේ විදිහට ඒකෙනාව අයිනට හිටින්න ගත්තම අපිට ඕනි කෙනාගේ මුන හයිලයිට් වෙලා එයිද.

    අලුතින් එන හැම කැමරාවකම වගෙ Spot Metering එක දැනට තියෙන focus point එකට දෙන්න පුලුවන්. එක නිසා ගින්නක් නැතුව ඒක කරන්න පුලුවන්. මං දාලා තියෙන concert pictures වලත් බලන්න පුද්ගලයා ඉන්නේ කොනේ. හැබැයි මේ වැඩේ කරන්න පුලුවන් Spot Metering එකෙන් විතරයි. Matrix Metering,Center-weighted , වලින් ඕක කරන්න අමාරුයි
     
    • Like
    Reactions: Rockey_ssr

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    අලුතින් එන හැම කැමරාවකම වගෙ Spot Metering එක දැනට තියෙන focus point එකට දෙන්න පුලුවන්. එක නිසා ගින්නක් නැතුව ඒක කරන්න පුලුවන්. මං දාලා තියෙන concert pictures වලත් බලන්න පුද්ගලයා ඉන්නේ කොනේ. හැබැයි මේ වැඩේ කරන්න පුලුවන් Spot Metering එකෙන් විතරයි. Matrix Metering,Center-weighted , වලින් ඕක කරන්න අමාරුයි


    elakiri thanks machan....
    compact digital cam wala mama oya uda qiwwa widihata witharai ne karanna puluwan.... ehema karama wadea harai yai da....