ඇඟේ මාළු නටන සිද්ධි

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,486
    6,351
    113
    මට වෙලාවකට පුදුම හිතෙන දෙයක් තියෙනවා. මම පොඩි කාලෙ අපේ ගෙවල් ළග මට වඩා අවුරුද්දක් දෙකක් වැඩිමල් අක්කා කෙනෙක් හිටියා. ඒ අක්කා ඉස්කෝලෙ ගියේ මික්ස් ස්කූල් එකකට. ඒකෙ ප්‍රින්සිපල්ගෙ දුව ගැන එයාට මොකද්දෝ මන්දා අමුතු හුටපටයක් තිබුණා. හැබැයි ඒ පිනාගෙ දුවගෙ පැත්තෙන් අක්කා ගැන එහෙම මුකුත් තිබුණෙ නෑ වගේ. ඒක නිකං one side love එකක් තරම් බරපතල දේකුත් නොවෙන සාමාන්‍ය friendship එකකුත් නොවෙන නිකං ක්‍රෂ් එකක් වගේ මොකද්ද මන්දා එකක්. ඒ අක්කට ම ඉස්කෝලෙ ටීචර් කෙනෙකුටත් එහෙම මොකද්ද මන්දා එකක් තිබුණා, ඒ ටීචර් එයාගෙ අම්ම නිලිය වගේ. ආසම නිලිය සබීතා.
    ඔය 7 8 9 10 වගේ කාලෙ තමා මට මතක හැටියට. පස්සෙ ඒ අක්කා එක්ක ලොකුවට ආශ්‍රය කරන්න උනේ නෑ. ඒ අක්කා තාමත් බැදලා නැහැ. ඉතිං මම හිතුවෙ එයා ලෙස්බියන් කෙනෙක් කියලා. මම medical transition උණාට පස්සෙ ගෙවල් ළග අය එක්ක ලොකු කතාවක් නැහැ.ඒත් පාටි එකකදී එයාව ආයෙත් ළගකදී හම්බ උනා. ඒ වෙලාවෙ එයා මම එක්ක කතා කරන්න උනන්දුවක් තිබුණේ නිසා කතා කරන්න පටන් ගත්ත එක අතීත කතා වෙනකම් ම ඇදිලා ගියා. එතන දී දැන ගන්න ලැබුණෙ එයා බදින්නෙ නැත්තෙ බැලින් නම් එයා යාළු වෙලා ඉන්නෙ බැදපු මිනිහෙක් එක්ක. ඒක අතෑරගන්න බැරුව ඉන්නෙ. 🤦🏻‍♂️ මම ඉතිං කිව්ව මම හිතුවෙ එයා ලෙස්බියන් කෙනෙක් කියල බව. එතකොට ඒකි කියපි ඒව මොනවද අනේ ඔය නොතේරෙන කාලෙ එහෙම උනාට මං කවදාවත් එයාලා එක්ක ජීවත් වෙන්න ඕනෙ කියල හිතලවත් ප්ලෑන් කරලාවත් නෑ , ඔයා දැන් කියන කම් මම එහෙම කරාද කියලාවත් මතක තිබුණෙ නෑ කියලා.. මම තුෂ්නිම්භූත උනා!
    තව ටිකක් කතා කරද්දි කියපි " දැන් ටික්ටොක් එකේ එහෙම ඉන්නෙ ම ඒ වගේ කෙල්ලො කෙල්ලො and කොල්ලො කොල්ලො යාළු වෙන ඒවනෙ. මට හිතා ගන්න බෑ එයාලා ඒවා ඇත්තට කරන කියන දේවල් ද නැද්ද කියලා " ඒ කතාව අහලා මගේ මොලේ තව ටිකක් කැරකිලා කැරකිලා වළකට වැටුණා 😵‍💫😵‍💫😵‍💫
    මේ කියන එකී විතරක් නෙමෙයි මං මේ වගේ එවුන් දැකලා තියෙන්නේ. අපි පොඩි කාලෙ කොල්ලො වගේ ඉදපු ගෑනු ඒලෙවල් වෙන්නත් කලින් කොල්ලො එක්ක පැනලා ගියපු උනුත් ඉන්නවා.

    මට කවදාවත් පොඩි කාලෙවත් ගෑනියෙක් විදියට හිතිලාවත් නෑ අඩුම ගෑනියෙක් වගේ ඇවිදින්නත් බෑ. මම පොඩි කාලෙ ඉදන් straight. ගෑණුන්ට වත් කොලුකාරයොන්ටවත් තියෙන විදියේ desires තිබිලත් නෑ මොහොතකවත්. මම දන්න කියන අනිත් trans අයත් එහෙමයි. එතකොට ඇයි බං මේ සාමාන්‍යයි කියල කියා ගන්න සාමාන්‍යයි කියලා හිතන් ඉන්න මිනිස්සු මෙච්චර විකාර?
    මුංගෙ පොඩි කාලෙ එක විදියක් දැන් එක විදියක්. නොතේරෙන කාලෙ මෙහෙම දේවල් හිතෙන උනුත් ඉන්නවද කියන එක මහ විකාරයි. මම මේ කියන කාලෙ ඔය lgbtblah blah ඒවා ඇහැකට දකින්නවත් තිබුණ කාලයක් නෙමෙයි. බරපතල අතීත කාලයක් මේ අක්කා ඉස්කෝලෙ ගිය කාලෙ. මෙහෙම උන් ම ඉතිං උන් සාමාන්‍යයි කියලා ලේබල් ගහගෙන අපි අසාමාන්‍යයි කියල නටන එක තමයි ඇගේ මාළු නටන සිද්ධිය. 😑
     
    Last edited: