බොදු බල සේනාවේ අය හලාල් පිළිබඳව පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්චාව ගැන හැමෝම දන්නවා.
youtube.com/watch?v=CeJY0WkDVXU
මේ video එකේඇති ප්‍රශ්න සහගත ප්‍රකාශයන් list කර ඇත. Check කර බලන්න!
time @1:45 & 7:45 & 13:00...
ප්‍ර: "මෙය බලහත්කාරයෙන් අනුන් මත පටවා ඇත."
පි: අනුන් කන කෑම පාලනය කරන්න මුස්ලිම්වරුන්ට අවශ්‍ය නැත. කැමති අය හලාල් සහතිකය ඉල්ලනවා. කැමති අය ඒවා කනවා. අකමැති අයට කන්න වෙන කෑම ජාති ඕන තරම් තියනවා. මේක ඉතියෝපියාවක් නෙවෙයි.
පි- ඒක ඇත්ත නමුත් වෙන ආගම් වල අය ඒ ඒ අයගේ ආගම් වලට අනුව කෑම සහතික වෙන්න ඕනි කියුවොත් මුස්ලිම් ඔයාලටත් එහෙම සහතික වෙච්ච කෑම ගන්න වෙනවා නේ. ඒක ඔයාට ගැටලුවක් නැද්ද. මේක ඉතියෝපියාවක් නෙමෙයි තමයි බන් නමුත් මේ යන විදිහට එහෙම වෙන්න ඉඩ තියනවා. මිනිස්සු එදිනෙදා ගන්න කෑම වලට හලාල් දැම්මම ඒක බලහත්කාරයෙන් නෙ පටවලා තියෙන්නෙ මොකද බහුතරයක් හලාල් ඉල්ලන් නෑනේ. උඔලා පස්ස රත් වෙලා කෑ ගහන් නැතුව හලාල් තියන වෙන කෑම හොයා ගනිල්ලා..හෑම මගුලම හලාල් කරන් නැතුව.
@2:48
ප්‍ර: "අපි කතා කරන්නේ ජාතිවාදයක් හෝ ආගම්වාදයක් ගැනද?"
පි: පැහැදිලිවම!! පංච සීලය කඩ කරන මත්පැන්/bars, අසභ්‍ය චිත්‍රපට, ගණිකා මඩම් ආදිය තහනම් කරන්න මෙච්චර උත්සහයක් ගන්න බව නම් පේන්නේ නෑ. ආරවුල් ඇතිකරන මාතෘකා තමයි තෝරගෙන ඇත්තේ!
පි- මොන මාතෘකාව ගත්තත් ආරවුල් ඇති වෙනවා බන්...පොඩ්ඩක් පත්තර බලපන් ඔය හැමදේටම විරුද්ධව මිනිස්සු එකතු වෙලා කටයුතු කරනවා. ආරවුල් ඇති වෙනවා කියලා මේක බංගලාදේශ වෙන්න දෙන්න බෑනේ නේ. ඒ රටවල්වලට මොකද වුනේ.....
@3:25
ප්‍ර: "රට පුරා විවිධ ස්වරූප වලින් ඉස්ලාම් අන්තවාදය පැතිරී ඇත."
පි: එවැනි අන්තවාදයින් (සිටී නම්) බිහිවන්නේ මෙවැනි අන්තවාදයින්ගේ ප්‍රකාශ/ක්‍රියා නිසාය.
පි- මේ සංවිදාන මෙහෙම එලියට එන්න බොහොම කලින් මුසිලිම් අන්තවාදය බිහි වුනේ බන්. තලෙයිබන්වල බුදු පිළිම කැඩුව මොකෝ අපිද ගිහින් ඒවා කැඩුවේ. ලංකාවෙ සෑහෙන්න කාලෙකට කලින් CID එකෙන් මුස්ලිම් අන්තවාදී අල්ලුව කොළඔ. ඔබ කවද්ද බන් ලංකාවට ගොඩ බැස්සේ..පොඩ්ඩක් හොයලා බලපන්.. කටට ආවට කියවනවා...(ඔබලා ආගම විශ්වාස කරනව වගේ කවුරු හරි කියපු ගමන් ඔලුව වනලා පිලිගෙන මේවා POST වල දාන්න එපා බන්)
@5:00
ප්‍ර: "හලාල් යනු අල්ලාහ් දෙවියන්ට කැප කරපු ආහාර."
පි: වැරදියි. එය අරාබි වචනයක්. හලාල්=අනුමත. හරාම්=තහනම්. එච්චරයි. එලෙස කිව්වොත්, බෞද්ධයින්ට සත්ව ආහාර හරාම්, ශාඛමය ආහාර හලාල්(බෞද්ධාගමේ නීති අනුව - වැරදි නම් කියන්න).
මුස්ලිම්වරු කෑම ගැන විතරක් නොව ජීවිතයේ සෑම දෙයකම හලාල්/හරාම් සෙවීම කල යුතුයි.
සත්ව මූලද්‍රව්‍ය අඩංගු ආහාර වල මුස්ලිම්වරුන්ට හලාල් සහතිකය දැමීම බෞද්ධයින්ට ප්‍රශ්නයක් නොවේ. ඇයි? බෞද්ධයින් කෙසේවත් ඒ ආහාර නොකන නිසා!
පි- ඒක නම් මම වැඩිය දන්නෑ බන්..නමුත් ශරීයා නීතිය අනුව කුරානයෙ තියන දෙයක් නෙ මේ නේද.
උඔ එහෙම කියනවා නම් මේ ආහාර වල සත්ව මුලද්‍රව්‍ය කිසිදෙයක් තියෙන් බෑ මොකද.. බෞද්ධයින් කෙසේවත් ඒ ආහාර නොකන නිසා!..අපි ACJU එකට කියමු සියලුම ආගම් වලට සාධාරණ වන විදිහට එයාලගෙ නීති හදන්න කියලා.. එතකොට අපේ කිසිම ප්‍රශ්ණයක් නෑ..අපිත් හලාල් කෑම විතරයි ගන්නේ(එහෙම වුනොත්)...
@6:45
ප්‍ර: "ආගමික සමගිය සහ සහජීවනයට එරෙහි පල්ලි කණ්ඩායම්..."
පි: ආගමික සමගිය නැති කරන්නේ පල්ලි/පන්සල් වල තම තමන්ගේ ආගම අදහන අයද, නැතිනම් බලෙන් ඇවිත් පල්ලි/කෝවිල් කඩන අයද???
පි- ඒක ඇත්ත නමුත් ( http://dawn.com/2012/09/30/muslim-protesters-torch-buddhist-temples-homes-in-bangladesh/ ) මෙහෙහත් දෙවල් ලෝකෙ වෙනවා...අනික කොවිල්/පල්ලි/පන්සල් හදන්න විදිහක් තියනවානේ නේද...කොහෙ හරි ගිහින් බුදු පිළිමයක් තියපු පලියට ඒක පන්සලක් වෙන් නෑ.. අනවසරෙන් ඉඩම්වල අගමික දෙශන කලා කියලා ඒවා පල්ලි වෙන් නෑනේ නේ..
@10:20
ප්‍ර: "හලාල් සහතිකය ගන්න රු. ලක්ෂ 1/75"
පි: ගෙවීම ඒ භාණ්ඩය අදාල පරිමාණය/ප්‍රභේදය අනුව වේ. උදා: අඩුම පරිමාණයේ එකකට මාසයකට රු.800-1000, වසරකට රු.10,000-12,000. භාණ්ඩ ගණන අනුව මුලු ගෙවීම වෙනස් වේ. ලක්ෂ 1/75 x 4000 (භාණ්ඩ ගණන) ලෙස ගණන් හැදීම මහජනයාව මුලා කිරීමක්!
මේ video එක පරිස්සමෙන් බැලුවොත් තේරෙයි, කොම්පැනියක් ලක්ෂ 1.75 ගෙවන බවත්, හලාල් භාණ්ඩ ගණන 4000 ක් බවත් කියලා පස්සේ ඒ දෙක ගුණ කරනවා (1.75 x 4000 = millions). මේ විදිහට ගණිතය කලොත් බිංදුව තමයි ලැබෙන්නෙ. අමතක වුනාද එක කොම්පැනියක් භාණ්ඩ වර්ග ගොඩකට හලාල් ගන්න බව. ඒකෙ කොම්පැනි තියෙන්නේ දහස් ගණන් වලින් නෙමෙයි, සිය ගණන් වලින්!
පි- කොහොම හරි කොටි 700 කිට්ටු මුදල් ප්‍රමාණයක් එයාලට ලැබෙනවනේ නේද..එවා සමස්ථ සාමාන්‍ය ජනතාවගෙ මුදල් නේ.. මුස්ලිමි උඔලා විතරකි නෙමෙයිනෙ කෝටි 700 දෙන්නේ..
@12:43
ප්‍ර: "දෙයියනේ මොකද්ද අපි කරපු කරුමෙ?"
ප්‍ර: දැන ගන්නයි අහන්නෙ. බෞද්ධයින් දෙවියන් විශ්වාස කරනවාද?
පි- මේක වෙනම තෙරඩ් එකක දාලා අහපන් උඔට දැන ගන්නම ඔනි නම්....
@13:00
ප්‍ර: "එක එකාගෙ මේව ප්‍රචාරය කරන්න අපි සල්ලි දෙන්නෙ මොකටද?"
පි: ඒක උපකල්පනයක් විතරයි. ඒකේ ඇත්ත නැත්ත හොයන්න කලින් චෝදනා කිරීම වැරදියි. සිංහල ව්‍යාපාරිකයෝ හලාල් සහතිකය ගන්නේ ඇයි? එතකොටයි මුස්ලිම්වරු ඒභාණ්ඩ ගන්නේ. ඇයි? හරාම් (එනම්, ඉස්ලාමයේ අනුමත නැති) වූ දේ ඒ භාණ්ඩ වල කලවම් වීඇතිදෝ කියන සැකය නැතිවන නිසා. එසේ සැකයක් ඇතිනම් ඒවා කොහොමත් ගන්නෑ. එනිසා ව්‍යාපාරිකයෝ හලාල් ගන්නේ කැමැත්තෙන්. හලාල් නිසා බඩු මිල වැඩි වුනාකියලා හෝ හලාල් නැතිකල නිසා මිල අඩු වුනා කියලා හෝ කිසිම සාක්ෂියක් නෑ.
පි- ඇයි ACJU 2000 හෙ incorporate කරන්න කලින් උඔලා මොනාද කෑවෙ..ඔවු ඉතින් සාක්ෂි නෑ තමයි..එත් ඉතින් කම්පැනි කාරයො තමන්ගෙ අතින් කයිට් කරන් හලාල් සහතික ගන්න සල්ලි දෙනවා කියලා හිතන්න බෑ නේ....
උඔලට ඔනි දෙ උඔලා කාපන් අපි එපා කියන් නෑනේ...මේ කෑම හැමෝටම සාදාරණ විදිහට ගන්න තමා අපි හදන්නෙ..උඔ නැට්ට පාගන් උඩ පනින එපා......