මට කියන්න වගේම තේරැම් කරගත යුත් කරැණු කිහිපයක් තියෙනවා. මුස්ලිම්වරැ හලාල් ලංජනය අඩංගු ද්‍රව්‍ය පමණමද පරිභෝජනයට ගන්නේ ?? එහෙමනම් ඒක අමූලික බොරැවක්. මොකද මීට අවුරැදු දහයකට පමණ පෙර ලංකාවේ බොහෝ පරිභෝජන ද්‍රව්‍ය වල හලාල් ලංජනය තිබ්බේ නෑ. ඒ කාලේ මුස්ලිම් වරැ ද්‍රව්‍ය පරිභෝජනය නොකර හිටියද ?. ඒ වගේම අද වර්තමානයේ මම ඉන්න ස්වීඩනයේ හුගක් පරිභෝජන ද්‍රව්‍ය වල කිසිම හලාල් සලකුණක් නෑ. නමුත් මෙහි වසන මුස්ලිම්වරැන් ඒවා ද්‍රව්‍ය පරිභෝජනය කරනවා.
ඒ බොදු බල සේනා සංවිධානය ගැන මම එක දෙයක් කියන්න ඕනේ. ඔව හලාල් වර්ජනය ගැන ඔවුන් සදහන් කරපු දේවල් වලින් ඔවුන් දෙන්න හදන්නේ ලොකු පණිවිඩයක්. මම ඔවුන්ගේ සියලු ප්‍රකාශ සමග එකග වෙන්නේ නෑ. නමුත් වර්තමානයේ සිංහල බෙෘද්ධයින්ට අවශ්‍යම කර්තව්‍යයක් ඉටු කරන්නේ මෙවැනි බොදු සංවිධාන මගිනුයි. බෙෘද්ධයින්ට, බුද්ධාගමට තර්ජන හිරිහැර සිදුවෙන අවස්ථාවන් දැන් දැන් මේ රටේ වැඩියි. ඒවට වගකිවයුත්තන් ගොලුවත රකිද්දි ආගම ජාතිය බේරා ගැනීමට විශාල වැඩ කොටසක් කරන්නේ මේ බොදු සංවිධාන මගිනුයි. ඔය හලාල් ගැන බොදු බල සේනා වලට චෝදනා කරන මුස්ලිම් වරැ කවදාවත් කතා කරනවද කූරගල බෙෘද්ධ පුරාවිද්‍යාත්මක නටබුන් මුස්ලිම් වරැ ඩෝසර් කරනකොට. එදා සෝමාවති සහ සේරැවාවිල බෙෘද්ධ ස්ථාන වලටත් ඔය තර්ජන එල්ල වුනා එදා ඔය මුස්ලිම් දේශ හිතෛෂියෝ කොහෙද හිටියේ. අද ඇෆ්ගනිස්ථානයේ බෙෘද්ධ සිද්ධස්ථාන අක්කර ගනන් විනාශ කරන්න යද්දි මොන මුස්ලිම් සංවිධානයද තමන්ගේ සහෝදර ජාතිකයින් වෙනුවෙන් ප්‍රකාශයක්වත් නිකුත් කලේ. ඒ වගේ දේවල් වලදි නිදාගෙන ඉන්න ඔය මුස්ලිම් යාලුවෝ ටික ඊශ්‍රායලයේ ලංකාවේ තානාපති කාර්්‍යාලයක් විවෘත කරන්න යනවා කිව්ව ගමන් ඔන්න නැගිටලා කෑ ගහනවා. ඕවටත් පිළිතුරැ අවශ්‍යයි.
මමත් සියලු ජාතීන් එකට මේ රටේ ජීවත් වෙනවට හුගක් කැමතියි. නමුත් එක කොටසක් තමන් ගැන පමණක් හිතමින් තමන්ගේ ජාතිය ගැන පමණක් හිතීම කොයිතරම් වැරදිද. අදටත් මේ රටේ බහුතරයක් මුස්ලිම් වරැ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර ක්‍රිකට් තරගයක් තිබ්බොත් cheer කරන්න පාකිස්ථානයට. සමහරැ පකිස්ථානය මොන වගේද කියලා දන්නෙත් නෑ. මේක උදාහරණයක් විතරයි. ඉතින් මේ රටේ ඉපදිලා මේ රටේ ඉගෙනගෙන හම්බ කරලා මේ රටට ද්‍රෝහී වෙන එක ගැනත් මේ අපේ මුස්ලිම් යාලුවෝ හිතන්න ඕනේ.
ඔබේ සෑම ප්‍රශ්නයකට වගේ පිළිතුරු කලින් reply වල තියනවා.
1. Halal=ඉස්ලාමයට අනුව පරිභෝජනයට අනුමත දේ. ලාංජනය එන්න කලිනුත් යම් දෙයක් හලාල්ද කියා බලලයි ගන්නේ. සැකයක් තියනවනම් ගන්නෑ. Haram=තහනම්=හලාල් නැත. උදා: ඌරගේ සෑම දෙයක්ම, ලේ, සවභාවිකව මැරුනු සතුන්ගේ මස්, ඉස්ලාමීය නොවන ක්‍රමයට මැරූ සතුන් ආදිය. ශාඛමය ආහාර කොහොමත් හලාල්.
එනිසා, මස් වර්ග ගන්නෙ මුස්ලිම් කඩවලින් විතරමයි. ශාඛමය දේවල් ඕන කඩයකින් ගන්නව. ප්‍රශ්නෙ තියෙන්නෙ සැක සහිත කෑම වලයි. එනම්, කොම්පැනි නිෂ්පාදන වල ingredients වල සත්ව මූලද්‍රව්‍ය බොහෝයි. උදා: gelatin (in yoghurt etc.), emulsifier (in ice cream etc), cocheneal (insect coloring in "smarties") etc...
(Chart එක බලන්න)


(පැහැදිලි රූප සඳහා http://www.mediafire.com/?7x88ujac4eckj0u එකෙන් pdf එක download කර ගන්න).
එවිට, ඒ නිෂ්පාදනය හරාම් යැයි සැක නිසා නොගෙන සිටීමට පෙළඹේ. ගන්නේ නම්, මුස්ලිම් නිෂ්පාදකයෙකුගෙන්ම එවැනි නිෂ්පාදන ගැනීමට පෙළඹේ. මක් නිසාද යත්, මුස්ලිම් නිෂ්පාදකයින් යොදාගන්නේ හලාල් අමුද්‍රව්‍යයි යන විශ්වාසය නිසා.
හලාල් සහතිකය යනු මෙලෙස සෑම අතින්ම යම් නිෂ්පාදනයක් හලාල් යැයි තහවුරු කිරීමයි. එය විද්‍යාත්මක පරීක්ෂන වලට පසු දෙනු ලබන සහතිකයකි (ඒකට වියදමක් යනවා). මේ සහතිකය නිසා මුස්ලිම් නොවන නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන ගැන සැකය නැතිවී මුස්ලිම්වරු ඒවා පරිභෝජනයට ගන්නවා. එලෙස ආදායම වැඩිවෙන නිසා නිෂ්පාදකයො හලාල් ලාංජනය ගන්නෙ කැමැත්තෙන්. කිසිම බල කිරීමක් නෑ. ඒක ගන්න ලක්ෂ ගනන් යන බවත්, එකෙන් කෝටිගනන් ACJU උපයන බවත්, ඒක නිසා බඩු මිල වැඩි වන බවත්, එනිසා මුස්ලිම් නොවන අයටත් එමගින් tax වන බවත්, යන්න මහම පට්ට පල් බොරු!!
හලාල් වල කතාව එච්චරයි. එනිසා තේරෙනව ඇති, හලාල් වර්ජනයෙන් මුස්ලිම්වරුන්ට කිසිම හානියක් නොවන බව සහ එය බලපාන්නෙ මුස්ලිම් නොවන නිෂ්පාදකයින්ට බව. බොදු බල සේනාවෙ අයට මෙවැනි සරල දෙයක් තේරෙන්නෙත් නෑ, එහෙම ඕනකමකුත් නෑ. මොකද, ඔවුන්ගෙ අරමුණ මුස්ලිම්වරු නැති කිරීම මිසක්, බුද්ධාගම රැකීම නෙමෙයි.
2. කවුරු හෝ cricket වලදී පකිස්ථානයට support කිරීම ගැන අපේත් පැහැදීමක් නෑ. එවැනි ක්‍රියාවන් කිරීම නුසුදුසු බව ACJU ඒකත් පැහැදිලිව පවසා තිබෙනවා.
බංගලාදේශයේ වුන දේවල් හෙලා දැකමින් ACJU නිකුත් කල ප්‍රකාශ අමතකද? අනිත් රටවල්වල ඔබේ ප්‍රශ්නවලට ලංකාවෙ මිස්ලිම්වරු පලිද? මුස්ලිම්වරු මේ රටට වින කරනවාය කියන්න පැහැදිලි සාක්ෂි ඇතිව එක subject එකක් හරි ගේන්න බලමු. ඕව ජාතිවාදීන්ගෙ පට්ට පල් බොරු!
3. ඔබ කීවා BBS අයගේ හැම ප්‍රකාශයක් සමඟම එකඟ වෙන්න බෑ කියල. එහි තේරුම, ඒවා මුසාවාද හෝ ජාතිවාදී ප්‍රකාශ යැයි ඔබත් පිළිගන්නා බවද? මේ thread එකෙන් පෙන්වා දෙන්න හැදුවේ ඒකම තමයි.
කලින් කිව්වා වගේ, බහුතර සාමකාමී සිංහල බෞද්ධයින් සමඟ අපේ කිසිම අමනාපයක් නෑ. ඒ අය හොඳ මිනිස්සු. ඒ අයට අප සමඟත් කිසි අමනාපයක් නෑ. ඒත්, මේ BBS යනු ජාතිවාදී, අන්තවාදී, ත්‍රස්තවාදී සුළුතර මැර කණ්ඩායමක් බවයි අපේ අදහස.
Last edited:




