මෙන්න නිල් තිර වල ඇත්ත කතාව!!!!!

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මෙන්න නිල් තිර වල ඇත්ත කතාව!!!!!

    මෙ සිද්ධිය උබලටත් වෙලා ඇති අනිවා..........:yes:

    දුටු තැන ලෙසටම අමතලත් ඇති...:D:D

    ඉතිං මට හිතුනා මොකක්ද මෙ සිරාවටම වෙන්නෙ කියලා හොයලා බලන්න:shocked::shocked:
    බලද්දි මෙන්න මෙකයි සීන් එක...:eek::eek:

    නිල් තිර කියන්නෙ BSOD වලට
    BSOD(Blue Screen Of Death) යනු පරිගනකයෙ ක්‍රියාකාරීත්වය සම්පූර්නයෙන්ම ඇනහිටවන දෝෂ සම්බන්ධව භාවිතා කරන්නාට දැනුම් දෙන ආකාරයකි.
    සාමාන්‍යයෙන් පාලක වැඩසටහන් සමඟ ක්‍රියා කිරිමෙදි දක්වන error massage වලට වඩා මෙය වෙනස් වෙ.
    මෙම massage එක පැමිනි සැනින් පරිගනකය ක්‍රියා විරහිත වෙ.මෙය නිල් පාට පසුබිමක සුදු අකුරෙන් දිස් වෙ.
    මින් දැක්වෙන තොරතුර ප්‍රධාන කොටස් කීපයකි.
    පලමු කොටසින් කියවෙන්නෙ පාලක වැඩසටහන ක්‍රියාත්මක වීම නතර වන බවයි.
    දෙවන කොටසින් දැක්වෙන්නෙ දෝෂයට හෙතු වූ උපාංගය හෝ වැඩසටහනයි.
    දෙවන කොටසින් දැක්වෙන්නෙ තත්වය මඟහරවා ගැනීම සදහා ඔබ විසින් ගතයුතු පියවරයි.

    පහතින් දක්වා ඇත්තෙ එසෙ ලැබෙන error massage කිහිපයක විස්තරයන්ය..

    මෙම සෑම error එකක් සදහාම අංකයක් ලබාදෙන අතර error එක පිලිබදව විස්තරයක්ද අඩංගු වෙ.

    1)
    0xA IRQL_NOT_LESS_OR_EQUAL Check device drivers or services used by backup or antivirus utilities

    මෙම error එක මගින් කියවෙන්නෙ පරිගනකයෙ උපාංග සදහා යොදා ගනු ලබන drivers හෝ services හෙතුවෙන්ද, නැතිනම් antivirus වැඩසටහන් මගින් ලබාගනු ලබන backups නිසාද මෙම දෝෂය ඇති විය හැකි බවයි.



    2)
    0xD1 DRIVER_IRQL_NOT_LESS Check device drivers or ser-OR_EQUAL vices used by backup or antivirus utilities

    ඉහත දැක්වු error එකට සමානකමක් දක්වන අතර පරිගනකයෙ device එකක් හා සම්බන්ධව පවතින ගැටලුවක්ද මෙයට හෙතු විය හැකි බව IRQ යන වචනයෙන් අදහස් වෙ.



    3)
    0x2E DATA_BUS ERROR Test memory modules;disable memory caching in system BIOS;check hardware configuration

    උපාංග සම්බන්ධ වන cables පරීක්ෂා කල යුතුය.එසෙම memory එකෙ ඇති දෝෂයක්ද මෙයට හෙතු විය හැක.
    මෙවැනි අවස්ථාවක BIOS වලට පිවිස memory caching කොටස disable කිරීමෙන් දෝෂය සමනය කර ගත හැක.



    4)
    0x24 NTFS_FILE SYSTEM Test the hard disk for error

    මූලීක වශයෙන් Hard disk එකෙහි පවතින දෝෂයකි.
    Hard disk එක errors සදහා පරීක්ෂා කර බලන්න.



    5)
    0x1E KMODE_EXCEPTION_NOT illegal or unknown instruction;
    HANDLED check the driver referenced in the error message

    පරිගනකයට තෙරුම් ගැනීමට නෙහැකි විධානයක් ක්‍රියාත්මක වීම මෙයට හෙතුවයි.මෙ සදහා Drivers වල ක්‍රියාකාරීත්වය සොයා බැලිය යුතුය.



    6)
    0x50 PAGE_FAULT_IN_ Check printer drivers

    Printer එකෙහි Drivers පරික්ෂා කල යුතුය.



    7)
    0x7B INACCESSIBLE_BOOT_DEVICE Incorrect or missing hard disk
    device driver;press F6 at startup and supply correct driver on floppy disk

    පරිගනකය ආරම්භ වීමට අවශ්‍ය කරන hard disk එකෙහි driver වල ගැටලුවක් හෝ එය සොයා ගැනීමෙ අපහසුතාවයක් මෙයට හෙතු වෙ.
    විසදුමක් ලෙස පරිගනකය ආරම්භයෙදී F6 විධානය ලබාදී ඒ කොටස යටතින් floppy disk එක boot device එක ලෙස ලබා දෙන්න.



    8)
    0x7F UNEXPECTED_KERNEL_Test hardware and RAM;check
    MODE_TRAP SCSI configuration if in use;make sure CPU is not overclocked

    පරිගනකයෙ ඇති hardware එකිනෙක පරික්ෂා කිරීමත් RAM එකෙහි
    ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීමත් කල යුතුය.



    9)
    0x9F DRIVER_POWER_STATE_Check power management and FAILURE CD-writing software;disable management temporarily;reinstall or upgrade CD-writing software

    power management එක හා CD-write කිරීමට භාවිතා වන software එක පරික්ෂා කිරීම කල යුතුය.
    BIOS වලට පිවිස power management එක disable කිරීම හෝ CD-write කිරීමට භාවිතා වන software එක reinstall හෝ upgrade කිරීම වැදගත් වෙ.



    10)0xC21A STATUS_SYSTEM_Reinstall third-party programs;
    PROCESS TERMINATED use System File Checker with the Scannow option(SFC/Scannow) to check system files

    පරිගනකයෙ ඇති system files වල පවතින ගැටලුවකි.
    මෙ සදහා Start>Run යටතෙ sfc /scannow ලෙස type කර system files check කර ගත හැක.

    හප්පෙ දැන් නම් කොටලම ඇගිලි ගෙවිලා:lol:.....
    නිකම්ම බලලා යන්නෙ නැතුව ඉතිං පොඩ්ඩක් සලකලා එහෙම යන්න:yes:;)...
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    වටිනා කියන වැදගත් Thread එකක්. :yes:

    (සලකන්න විදිහක් නැහැනේ මේ පැය 24 ප්‍රශ්නය හින්ද...):no:
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    වටිනා කියන වැදගත් Thread එකක්. :yes:

    (සලකන්න විදිහක් නැහැනේ මේ පැය 24 ප්‍රශ්නය හින්ද...):no:

    තෑන්ක්ස්...:)
    අවුලක් නෑ සහෝ..;)
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අන්න හොදම ලිපියක් මචෝ
    බොහොම වටිනවා
    මම Text ෆයිල් එකක් විදියට සෙවූ කරගත්තා
    මොකද ඔෆිස් එකේ එහෙම ඔය මගුල් ආවම
    ඇන්ටිලා බය වෙලා වටේම දුවනවා
    පට්ටම සහෝ