ටොකෝ...ටොකෝ...

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
හරියටම අවුරුදු දෙහෙකට විතර පස්සේ අද බස් එහෙක ගියා.අන්තිමට බස් එහෙක ගමනක් ගියේ මිට අවුරුදු දෙහෙකට කලින්...බස් වලත් මරු මරු වැඩනේ වෙන්නේ....

කොහොමින් කොහොම හරි බස් එකේ නැග්ගා කියමුකෝ...වාඩි වෙන්න ෂිට් එකක් බලත්දී පිටි පස්සට වෙන්න ෂිට් එකක් තිබුන නිසා ලගට ගියා.බැලින්නම් ෂිට් එකේ සුකිරි බෝලයක් වගේ ගෑණු දරුවෙක්.රූපේනම් ඇත්තටම හැඩයි...ඒක වැඩක් නෑ...

කොහොම හරි ඉතින් ලගට ගිහින් ඒ ෂිට් එකේ වාඩි උනා...වාඩි වෙත්දී ගැනු දරුවා මාත් එක්ක යාන්තමට හිනා වෙලා අයිනට වෙලා ඉඩ දුන්නා....

ඔන්න බස් එක හිමින් හිමින් යන්න පටන් ගත්තා කියමුකෝ....මාත් ඉතින් මගේ පාඩුවේ ගියා,අර ගැනු දරුවත් එලිය බලාගෙන පාඩුවේ ගියා.... ටිකක් දුර යත්දිනේ මරුම වැඩේ උනේ....හප්පේ තාමා හිනා මට මතක් වෙත්දී.... :D

මේ ගැනු දරුවට එක පාරටම ඇමතුමක් ආවා,දුරකථනය තිබ්බේ බැග් එකේ පොකට් එකේ...කෝල් එක එනවත් එක්කම කෙල්ලට උන් හිටි තැන් අමතක උනා....ඇයි මරු රිගින් ටෝන් එකක්නේ ඇහෙන්න පටන් ගත්තේ...

'' යුවර්-මයි පම්කින් පම්කින් හලෝ හනි බනී,ආම් යුවර්..................හලෝ හනි බනී,ෆිලින්ග් සම්තින් සම්තින් හලෝ හනි බනී....හනි බනී....''

කෙල්ලගේ මුණ ලජ්ජාවෙන් රතු උනා...ඇයි යකෝ දාගන්න එකේ දාගනින්කෝ ලජ්ජවෙන්නේ නැති සින්දුවක්....කෙල්ලට එක පාරටම කෝල් එක කට් කරගන්නත් බැරි උනා...

ෆෝන් එක අතට ගන්නවත් එක්කම එක පාරටම සින්දුවේ ඉතුරු කෑල්ලත් ගියා

''ටොකෝ....ටොකෝ.....................''

මට බකස් ගාලා හිනා ගියා....ගැනු දැරිවිටත් හිනා ගියා මුණ රතු වෙලා,ලැජ්ජාව නිසාම ගැනු දැරිවිත් හිනා වෙනවා....මටත් බහිනකම් හිනා...කාලෙකට පස්සේ හොදට හිනා උනා...පස්සේ කොච්චර බය උනාද,ලජ්ජා උනාද කියනවනම් පටස් ගාලා පොන් එක ඔෆ් කරලා බැග් එකට දා ගත්තා...ඊට පස්සේ ජනේලෙන් එලිය බලාගෙන හිනා වෙවිම ආවා.මටත් හොදටම හිනා මමත් ඉතින් හිනා වෙවිම ආවා....තාම හිනා යනවා මතක් වෙත්දී....

මං බහින තැන ලං උනා....තවත් හිනා යනවා වැඩියි..මං ඉතින් බහින්න සුදානම් උනා...අර ගැනු දැරිවිත් හොරැහින් බැලුවා....මං ඒ ගැනු දැරිවිට පුංචි විහිළුවක් කරලා බස් එකෙන් බැස්සා...

''ටොකෝ....ටොකෝ............''

----------------------------------------
හි......හි......හි......හි......හි......


මේක ඉස්සුවෙ දසුන් අයියගෙ(Dasun Wanaguru) ෆේස්බුක් ස්ටේටස් එකෙන් :D:D දැනට විනාඩි 20කට කලින් වගේ අප්ඩේට් කලේ. පොරටත් මරු වැඩ වෙන්නෙ :lol::lol:
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    ටොකෝ....ටොකෝ
    roflmao.gif

     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ah eka misak mokada umba wage ekek e kellage langa waadi wela aawanam me weddi kellata toko toko ma thama lol
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    පූස්;14302307 said:
    හරියටම අවුරුදු දෙහෙකට විතර පස්සේ අද බස් එහෙක ගියා.අන්තිමට බස් එහෙක ගමනක් ගියේ මිට අවුරුදු දෙහෙකට කලින්...බස් වලත් මරු මරු වැඩනේ වෙන්නේ....



    මේක ඉස්සුවෙ දසුන් අයියගෙ(Dasun Wanaguru) ෆේස්බුක් ස්ටේටස් එකෙන් :D:D දැනට විනාඩි 20කට කලින් වගේ අප්ඩේට් කලේ. පොරටත් මරු වැඩ වෙන්නෙ :lol::lol:


    මගේ Ring Tone එකත් ඕකම තමා :yes:;)