ආචාර්ය_ඒබ්‍රහම්_ටී.කොවුර්

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ආචාර්ය_ඒබ්‍රහම්_ටී.කොවුර්

    ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් ගේ "දෙවියෝ සහ භූතයෝ"


    අපේ රටේ,ඉන්දියාවේ විතරක් නෙමයි,මුළු ලෝකයේම හේතුවාදය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් උන ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් ගේ "Gods, Demon and Spirits" යන පොතේ සිංහල පරිවර්තනය වන "දෙවියෝ සහ භූතයෝ" යන පොත ගැන කෙටි සටහනක් දාන්න මං හිතුවා.මේක සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ එච්.එස්.ධර්මපාල සේනාරත්න මහතා විසින්.
    ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් ගැන සමහරවිට ඕගොල්ලෝ අහලත් ඇති.මං හැමෝටම දැන ගන්න එක්ක එතුමා ගැන කෙටි විස්තරයක් කියන්නම්.
    1898 අප්‍රේල් 10 වෙනිදා ඉන්දියාවේ මල්බාර් වල තමයි මෙතුමා ඉපදුනේ.කොවුර් මහතාගේ පියා ක්‍රිස්තියානි පල්ලියක පූජක වරයෙක්.පසු කලෙක ශ්‍රි ලංකාවට පැමිණි මෙතුමා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ලෙස සේවය කලා.
    විවිද යාග හෝම,මවා පෑම් කරන්නන් ,සාස්තර,ජෝතිෂ්‍ය අනාවැකි කියන්නන් හා තමන් දේව දූතයන්,මහා පඩි වරුන් ලෙස පෙනී සිටිමින් ජනතාව මුලාවේ දැමූ වංචාකාරයන්ට ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් එක එල්ලේ අභියෝග කලා.ඒ ය අතරින් ඉන්දියාවේ දේව දූතයෙකු ලෙස පෙනී සිටි "සායිබබා" ද සිටියා.සයිබබාට වත් ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර්ගේ අභියෝග වලට මුහුණ දීමට හැකි උනේ නෑ.:yes::yes::yes:
    හේතු වාදය නිසා ලෝකයේම කීර්තියට පත් උන ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර්හට එක්සත් ජනපදය විසින් ආචාර්ය උපාධියක් පවා පිරි නැමුවා.පහලින් තියෙන්නේ මේ පොත කියවද්දී ගොඩක් තර්කානුකූල මෙන්ම හිත ඇදීගිය කොටසක්,


    "මස්තිස්කයෙන් තොරම මනසක් පැවතිය හැකිනම් එය නැවත උපදිනු ලැබිය හැකි නම් පෘථිවිය මත ජීවීන් බිහිවීමට පෙර මේවා තිබුණේ කොහේ ද? සිතන්නෙකුගෙන් තොරව සිතුවිල්ලක් තිබිය හැකි ද? මතක තබාගන්නෙකු නොමැතිව මතකයක් පැවතිය හැකි ද? පුද්ගලයෙකුගෙන් තොරව විඥානයක් තිබිය හැකි ද?
    7.gif
    7.gif

    ඉන්ධනයකින් තොරව ගින්නක් තිබිය නොහැක්කා සේ ශරීරයකින් තොරව ජීවයක් හෝ ස්මරණයක් තිබිය නොහැකිය. මරණයෙන් ජීවිතය හා මනස අවසන් වෙයි.

    ජීවිතය හා මනස, ශරීරය මිය යාමට පසුත් පැවතිය නොහැකි බැවින් සදාතනික ජීවිතයක් ගැන කතා කිරීම සම්පප්‍රලාපයකි. සදාතනික ආත්මය යන අදහස ද මීට වෙනස් නොවේ. මේ සත්‍ය දැන් සිටි ගෞතම බුදුන් සියවස් විසි පහකට ඈත අනාත්ම ධර්මය දේශනා කළහ.

    ගෞතම බුදුන්ගේ පරිනිර්වාණයෙන් කලකට පසු අනාත්ම ධර්මයට විරුද්ධ වූ බමුණු විස්වාසයක් වන පුනුරුප්පත්තිවාදය බෞද්ධ ලිපි ලේඛණවලට ඇතුලත් වීම අවාසනාවන්ත සිදුවීමකි."
    page-81


    මේ වගේ කරුණු හා විද්‍යාත්මක පර්යේක්ෂණ මෙන්ම එතුමා විසින් විවිධ පුද්ගලයන් සඳහා කරන ලද අභියෝගද මෙම පොතේ සඳහන් වෙනවා.


    "අන් සියලු ලමයින් මෙන්ම මමද මා පියන්ගේ ආගම් වල ඇති මිත්‍යා ඇදහිලි හා පූජා විධි සම්බන්ධයෙන් මානසික පුහුණුවක් ලැබුවෙමි.වැඩිහිටි වියට පත් කල මූඪ අදහස් වලින් නිදහස් වීම මට අතිශයින් දුෂ්කර කාර්යයක් විය"
    යනුවෙන් ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් පවසා තිබෙනවා.මේ පොත කියවගෙන යද්දී අපිටත් මේ හැගීම අනිවාර්යයෙන්ම හිතට එනවා.මේ පොත දැනට පොත් කඩ වල හොයා ගන්න අමාරුයි.මොකද මේ පොත අවසාන් වරට මුද්‍රණය වෙලා තියෙන්නේ 1998 අව්රුද්දෙ.පොත කියවන්න ආසාවක් තියෙනවා නම් දුක් වෙන්න එපා.පහල තියෙන පොතේ පිට කවරය උඩ Click කරන්න.පොත කියවන්න පුළුවන්. :)
    11.gif
    11.gif
    11.gif


     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,284
    17,211
    113
    නියමයි මචන්....තව පොතක් තියනවා " මා කල ගවේශන " කියලා...ඒකත් මේ වගේ :yes::yes:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔය සම්පූර්ණ ලිපි පෙලම ඉරිදා ලක්බිමේ ගියා..... :yes:
    මම වරද්දන්නේ නැතුව කියවපු එකක් ඒක. කොවුර් මහත්මයත් එක්ක ලංකාව පුරාම කරක් ගහපු අමුණුගොඩ තිලකරත්න මහත්මය තමයි ඒ ලිපි පෙල ලිව්වේ.....
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    නියමයි මචන්....තව පොතක් තියනවා " මා කල ගවේශන " කියලා...ඒකත් මේ වගේ :yes::yes:

    ඔය සම්පූර්ණ ලිපි පෙලම ඉරිදා ලක්බිමේ ගියා..... :yes:
    මම වරද්දන්නේ නැතුව කියවපු එකක් ඒක. කොවුර් මහත්මයත් එක්ක ලංකාව පුරාම කරක් ගහපු අමුණුගොඩ තිලකරත්න මහත්මය තමයි ඒ ලිපි පෙල ලිව්වේ.....

    පොත් 3 ක් තියනව මචන් අනිත් එක දෙවිවරු යක්කු සහ භූතයෝ ඉදිරියට එවත් දෙන්නම්...........
    11.gif
    11.gif
     

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    විස්වාස කරන ය විස්වාස කරන්න. නැති අය නොකරන්න.
    දෙවියෝ භූතයෝ, යක්ෂයෝ , රක්ෂයෝ ඉන්නවා. දේවාල වල දෙවියෝ යක්ෂයෝ එක්ක ගනුදෙනු කරන ය ඉන්නවා.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    විස්වාස කරන ය විස්වාස කරන්න. නැති අය නොකරන්න.
    දෙවියෝ භූතයෝ, යක්ෂයෝ , රක්ෂයෝ ඉන්නවා. දේවාල වල දෙවියෝ යක්ෂයෝ එක්ක ගනුදෙනු කරන ය ඉන්නවා.

    redda thamai:P
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    කොවුර් කියන්නේ ක්‍රිස්තියානි ආගමේ සංකල්ප වලට හැර අතට අහු වූ වෙනත් ආගම් වල සංකල්ප වලට විරුද්ධව ක්‍රියා කළ කෙනෙක්... ඔහුට ලැබුණ සම්මාන වල අරමුණ මෙයයි.

    ඔය පොතේ පුළුවන් නම් සර්වබලධාරී දෙවියන්වහන්සේ මිත්‍යාවක් බව පෙන්වන්න උත්සහ කරල තියන තැනක් තියනවද කියල හොයල බලන්න.

    බුදු දහම අනුව භෞතිකවාදීන් යනු අනිවාර්ය අපායගාමීන්....:rolleyes:
     

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    කොවුර් කියන්නේ ක්‍රිස්තියානි ආගමේ සංකල්ප වලට හැර අතට අහු වූ වෙනත් ආගම් වල සංකල්ප වලට විරුද්ධව ක්‍රියා කළ කෙනෙක්... ඔහුට ලැබුණ සම්මාන වල අරමුණ මෙයයි.

    ඔය පොතේ පුළුවන් නම් සර්වබලධාරී දෙවියන්වහන්සේ මිත්‍යාවක් බව පෙන්වන්න උත්සහ කරල තියන තැනක් තියනවද කියල හොයල බලන්න.

    බුදු දහම අනුව භෞතිකවාදීන් යනු අනිවාර්ය අපායගාමීන්....:rolleyes:
    :yes::yes::yes::yes: