ඔන්න මචංලා මට හිතුනා පොඩි වැඩක් පටන් ගන්න. ඒ තමා මංගල සේවයක් පටන් ගන්න එක Elakiri.Com එකේ. අපි ගොඩාක් වෙලාවට පරිඝණකයත් එක්කමයි ජීවත් වෙන්නේ. කොහේ ගියත් කොල්ලෙක්නම් පොඩ්ඩක් වට පිට බලනවා කෙල්ලෙක් ඉන්නවද කියලා. මම හිතන්නේ කෙල්ලොත් එහෙම වෙන්න ඇති. එයාලත් බලනවා ඇති කොල්ලෝ ඉන්නවද කියලා. ඉතින් කෙල්ලෝ නැතුව ඉන්න කොල්ලන්ටත් කොල්ලෝ නැතුව ඉන්න කෙල්ලන්ටත් මේ ත්‍රෙඩ් එකෙන් කෙල්ලෙක් හෝ කොල්ලෙක් සෙට් කර ගන්න හැකියාව ලැබෙන්න කියලා මම පතනවා. ඉතින් මට ඔයාලගේ නම නැතුව සමාන්‍යය විස්තරයක් එවන්න. ඒ කියන්නේ කරන කියන රැකීරක්ෂා ඉන්න ගම් පලාත පවුල ගැන පොඩි විස්තරයක් වගේ දේවල් එවන්න. කැමතිනම් ඔයා හොයන්නේ මොන වගේ කෙනෙක්ද කියලත් එවන්න. එතකොට මම ඒ විස්තරය මේ ත්‍රෙඩ් එකේ දාන්නම්. ඉතින් කවුරු හරි ඒ විස්තරය දැකලා එම තැනත්තාට කැමතිනම් එයාත් එක්ක කතා කරන්න කැමති නම් මට කියන්න. ඊට පස්සේ මම අදාල පුද්ගලයාට ඒ කැමති අයගේ විස්තර දෙන්නම්. ඉතින් අර මුලින් මම විස්තර දාපු කෙනා කැමතිනම් එයාලට පුලුවන් කතා බහ කරලා දැන අඳුර ගන්න පුලුවන්. හැබැයි පුතේ තම තමන්ගේ පෞද්ගලි කත්වය තම තමන් ආරක්ෂා කර ගන්න. මොකද මට කියන විස්තරය තමා මම දාන්නේ. කෙනෙක් මට බොරු කිව්වොත් මම හිතන්නේ ඒ කියන්නේ ඇත්ත කියලා මොකද මට ගෙවල් ගානේ ගිහින් හොයන්න බෑනේ කට්ටියගේ විස්තර. ඒක නිසා මෙතන බොරු කරලා අහුවෙන්න එපා එකෙක්වත්. මට ඔයාලගේ අදහස් කියන්න. මේ වැඩේ සර්ථක කර ගන්න. වැඩේ නැගලා ගියොත් අපි ෆේස් බුක් එකේ ෆෑන් පේජ් එකක් දාලා ලොකුවට වැඩේ කරමු. කට්ටිය මොකද කියන්නේ කවුද පලවෙනි වාසනා වන්තයා හෝ වාසනා වන්තිය.මට PM එකක් එවන්න එතකොට මම ඔයාලගේ පෞද්ගලිකත්වය රැකෙන විදිහට මම ලස්සනට විස්තරය දාන්නම්. මම ඔයාලගේ පෞද්ගලිකත්වය රකිනවා. ඒක ගැන සැකයක් තියා ගන්න එපා.






