කෙල්ලෙ..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කනපිට හැරුනු සුදු කොලරය ඉස්සෙන්නේ...
    කොත උස ගැසුනු කොන්ඩය වට ජෙල් වෙන්නේ...
    ඇග හිර කෙරුණු නිළ ඇදුමකි ඇදගන්නේ.....
    අදවත් නැතිද කලියෙන් අකුරට යන්නේ.........

    පුසුඹින් සියලු විකසිත මල් පරදවනා.......
    පෙනුමෙන් රූප රාජිනියන් ලෙස පෙනෙනා...
    පැහැයෙන් රුවැති සුර අගනුන් දෙවෙනි වෙනා...
    ඈතින් ඇදෙන එක් රුවකට හිත බැදුනා.... :rolleyes::love:

    කොන්ඩය ලේය(ර්) කට්, ගෙතුමට නොහැකි වෙනා....
    ගවුමත් උඩින් දනිහට , කොලු සිත් බිදෙනා........
    ගස්සා පුළුලුකුල , දන මන ඔකද වෙනා......
    තිබ්බා අඩිය ඇය , පාසල වෙත සැනිනා..........

    කුමරිය පාඨශාලාවෙහි හිදින සද..............
    කුමරුන් ඔහුට පසුපෙල වැඩ කරයි නද...
    සිහිනෙන් මවයි ඈ සමගින් පසෙක හිද....
    පෙම්බස් දොඩනයුරු ඇගෙ සවනට නිඹද.....

    සන්සුන් රුවන් හද මන්දිර තනාලා.....
    රන්වන් පාට සලුපිලි ගත ඔතාලා....
    මන්මද කරන ගී වැල් නිති ගයාලා......
    පින්වත් කුමරිගේ අත යමි පතාලා.....

    පාටින් පාට කොල්ලන් ඉගි පා යන්නේ....
    කුමරිට නෑ වගක් කෙලිදොලයෙන් ඉන්...
    ආඩම්බරය පමණයි ඇගෙ වැඩි වෙන්නේ....
    එනමුත් කුමරු නැත සටනත් හැර යන්නේ....

    ඉල්ලා ඇගේ අත ආදර බස් කියලා.......
    දහවල් විවේකය වන විට මග රැකලා.....
    කඩයෙන් ගත්ත ලොකු චොකලට් එක පුදලා....
    කොල්ලා හදේ ඇති සිතුවිලි වචන කලා........

    මේ මොන ජරාවක්දෝ ඔය මට දුන්නේ....
    පිස්සුද ඔහෙට නෑ මට නං තේරෙන්නේ....
    ලැජ්ජා නැද්ද තත්වය දැන හැසිරෙන්නේ...
    ඔබගේ චාටු බස දැක නෑ රැවටෙන්නේ........

    කෙතරම් පැමිනියත් දමමින් ඇවිටිල්ල......
    කෙල්ලත් හරි ගනං වෙන්නෙම නෑ මෙල්ල.......
    ලීවා ඇයට ආදර මගෙ රන් කෙල්ල..........
    අහං ඉන්න මාගේ දුක් ගැනවිල්ල...........

    ලොකු ලොකු කථා ලොකු ලොකු දේවල් කියලා.......
    මගෙ දුප්පත් කමත් තුට්ටුවකට දාලා...........
    රජ මැදුරකින් වැඩියත් පාමින් ලීලා........
    මට නං වැඩක් නෑ මින්පසු ඔබ මාලා.........

    අසරනකමට ආදරයක් කලේ නැතේ........
    හිත රිදවමින් ඔබ ගැන තව සිතන් නැතේ...
    යලි මගෙ හිතේ ඔබ ගැන කිසි දෙයක් නැතේ...
    නොලැබෙන දෙයක් ලුහුබැද මට ථලක් නැතේ...

    උ පෙල දිනුමටයි වැඩි සිත යොමු වෙන්නේ.....
    මිතුරන් සමගිනුත් පොඩි ජොලියක් යන්නේ....
    නෑ කිසි විටක ආදරයට බය වෙන්නේ....
    ඔබටත් වඩා හොද කෙල්ලෙකි බැද ගන්නේ.... :P
     

    temp_

    Member
    Jul 4, 2012
    538
    69
    0
    ඉගෙන ගෙන කැම්පස් ගිහින් රස්සා කරල කෙල්ලො හොයන්න ගියොත් ඉතිං කොල්ලෙක් තමා හොයාගන්න වෙන්නෙ.
    පුලුවන් තරම් පොඩි කාලෙම වල බැහැලා කෙල්ලෙක් හොය ගනින්..
    උ.පෙ පාස් නම් රු30000 ක විතර පඩියක් හොයා ගන්න පුලුවන් සුටුස් ගලා...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ela ela +6
    :D
    11.gif