වයස 40යි..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    men-dating-younger-women.jpg



    දින දින වැඩි වෙද්දී කරනා වැඩ..............තොගය
    ඉඳහිට වැඩි උනා එන පැමිණිලි...............තොගය
    ඉවසන දනා රුපු යුධයට ජය..................කොඩිය
    පෙර පඬි වදන් සිහියට එයි අඩු..................නැතුව

    ආවා විධානය බොස්ගෙන් උඩ ...............ඉන්න
    ගියා හනික පීරන් කොණ්ඩය .................උඩට
    මේ අයි කමිං සර් කීවා මං එළියේ ..............සිට
    ඇහුණේ නැතත් කම් කීවා පුරුදු ..............ලෙස

    කැන් යූ හැන්ඩ්ල් දිස් ඕඩස් ෆ්‍රොම් ............සෞදී
    මේ අයි ඉන්ට්‍රඩියුස් යූ වන් ඔෆ් නිව් ...........ලේඩී
    වෙන්නේ කිමද නොදත් නිසා හිස ............කැසිමී
    සිටියෙමි මෙමා කරබාගෙන හිත ..............ගැස්සී

    ලේඩී කෙනෙක් නොම දුටුවෙමි මෙතෙක් ......වෙලා
    බොස් ඉන්නවා ලැප් එකටම දෙනෙත් ............විදා
    කා එක්කදෝ චැට් කරනවා මටත් ..............හොරා
    ලේඩී හිටියේ බොසාගේ ලැප් එකට ............වෙලා

    අහුවෙමි අලුත් ලේඩිව මම කොහිද .........කියා
    අයි විල් සෙන්ඩ් ටු යූ හර් ස්කයිප් ..........කියා
    එව්වා ඇගේ අයි ඩී එක අපේ .............බොසා
    හම්මෝ ඉටිකිරිස් නිලියක් වගේ .............එයා

    ආවා කඩාගෙන බිඳගෙන මගේ අසුන .........වෙත
    දුන්නා මුරපදය ලොග් වී ස්කයිප් ..............වෙත
    දෙවරක් වරද්දා ගෙන ලොග් උනා ..............මම
    ඒ ඩිංගටත් ඈ ලියලා "හායි" ....................මට

    හායි මැඩම් හවු ආර් යූ අයිම් ...............ෆයින්
    දෙබස් පැටලුනා වනද්දී කඩුව ..............හිමින්
    ආර් යූ කිඩිං මී අහද්දී මියුරු ................හඬින්
    තේක ඉහිරුණා බිමටම "චිරිස්".............හඬින්

    මැඩම් නෙමෙයි මගේ නම "හිරු"වෙයි .........සබඳ
    මට තව විසි එකයි ඇයි මේ හැටි ගරු ..........සරුව
    මීට පස්සේ "ඩෝන්ට් කෝල් මී මැඩම්" ........ලෙස
    "යූ ආ සෝ ෆනී ගයි" කීවා කොමළ.............ලෙස

    ගොනා හැරෙන බව පොල් පැල ...............බුදින්නට
    පසක් උනා රට තණකොල ගිලපු ...................මට
    අයෑම් නොට ෆනී ගයි පෙනුනට ..................එහෙම
    මට හතලිස් එකයි දැන් මේ හිටියට ................යසට

    ඕ මයි ගෝඩ් යූ ආ නොට් දැට් මච් ............මැචුවඩ්
    සිනා සුනා පෙන්නා ඇගෙ මුතුවන් .................දත්
    ඔයා කියන්නේ බොරුමයි මං මොක ..........ඇහුවත්
    කරනා කොලොප්පං වයසට නොම වෙයි .........මැච්

    බොසා දීපු ඕඩර් එක මේසේ ...................උඩ
    ඈ මගෙ වයස ගැන විමසයි විටින් .............විට
    ප්‍රශ්න පිටට තවත් ප්‍රශ්න මොටද ...............මට
    දුවේ කියා ඇමතූවෙමි නාකි ..................ලෙස

    හිකිස් කියා පෑ හිනාව හරි ...................මනරම්
    ඩෝන්ට් කෝල් මී ඩෝටර් යූ ................ඉඩියට්
    අයි ඕල්රෙඩි චෙක් ඔන් යුව ප්‍රොෆයිල්.......... පික්
    අයි කැන් සී වන් ගයි ඉන් කැෂුවල් ..............කිට්

    පෙනුම අඩු උනත් මම හෙන නාකියි ...........දැං
    වසර විස්සකින් ඔයාට වැඩිමල් ..................මං
    ෆොටෝ දානකොටනං හෙන තරුණයි ..........මං
    එන්නං දුවේ Gas වලට බෙහෙත් ..............අරං

    මොනවා කියනවද දන්නෑ මළ ...............කෝලං
    බොස්ගේ ඕඩ එක එවන්න එහෙනම් .............දැං
    කිව්ව පමාවට දැම්මා ඕඩරේ ......................මං
    වයස බොරු නිසා බේරුණා ජොබ්එක ..........නං

    ගොනා මී හරකා උකුණා .................කැන්ගරුවා
    ආදර වදන් හතර අතින් මට ...................ඇසුණා
    උනේ කුමක්දැයි බලන්න නෙත ...............යෙමුවා
    බොස්ගේ දෙවෙනියා ආවා ෆයර් ................වෙලා

    උඹ ඇයි කීවේ අර කෙල්ලට ලොකු ............වයසක්
    ඒ ගැන අහයි ඈ දවසට දහ .....................සැරයක්
    උදේ ඉඳන් කරන්න නෑ කිසිම ...................වැඩක්
    උනේ මොකද්දැයි කියපං නොකා ...............දෙකක්

    ලොක්කා කිව්වා ඕඩර් ගැන ...............බලන්නට
    ඈයත් එක්ක හවුලෙ වැඩ ..................කරන්නට
    ආව නිසා ඇය පාරක් ......................කපන්නට
    වහලා දැම්මේ බොරු වයසක් ..............කියාගෙන

    -නිමි-
    බලාපොරොත්තු සුන් කළාට සොරි.:rofl: