මට ආරාධනාවක් කලාදෝ
ඔය දෑසේ කොනින් කී කතාවෙන්
බිතු සිතුවම් ලෙසින් ජීවිතෙහි
ආදරෙයි ආදරෙයි සැමදා මා.......
නිල්නිම්නයේ අතරමං වී සිතින් හඬන
මට පාර පෙන්නූ තරු නෙත් ඔබේ
රැක ගන්නෙමි ඔබව නිකැළැල් මලේ
ඔබේ ප්‍රේමාදරේ මියෙන තුරු ස්නේහයේ.....
මල් යාය කී දේ මට වාසනාවන්ත
සුවඳින් නැවුම් ගී ලියා දී වගේ
පෙර අත්භවෙහි බැඳුනා වගේ
ඔබ ආවාද මගේ ලොවට අරුනෝද වී.......