පාඩම් කරන්න පහසුම මග – මතක සිතුවම් (Mind Mapping)

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    පාඩම් කරන්න පහසුම මග – මතක සිතුවම් (Mind Mapping)




    ඔයාට හෝම් වර්ක්(Home Work) වලට ගත කරන කාලය අඩකින් අඩු කරලා ටිකක් වැඩිපුර හිනාවෙන් ගතකරන බව හිතා ගන්න.
    ඔයා කළ යුතු ව්‍යාපෘතියට හොඳ ආරම්භයක් ලබා ගෙන ඉතා හොඳින් නිම කළ හැකි සූත්‍රයක් හොයා ගත්ත බව මවා ගන්න.
    හිතන්න ඔයා රහස් බලගතු මන්ත්‍රයක් ලැබුනොත් ගැටළු පහසුවෙන් විසඳන්නත්, මතකය වැඩි කරගන්නත්.
    ඇත්තටම දැන් මේ සිහිනය සැබෑවක් කර ගන්න ඔයාට පුළුවන්.
    ඒ බලගතු රහස් මංත්‍රය තමයි මතක සිතුවම් කියලා කියන්නේ.



    Mind Mapping වලට නියමිත හරි සිංහල වචනයනම් මානසික අනුරූපිත වෙන්න ඕනි.
    හැබැයි මම මේ සඳහා යොදා ගන්නේ මතක සිතුවම් කියන වචනය.
    මම ඔබෙන් ඉල්ලනවා හොඳ නමක් යෝජනා කරන්න කියලා.





    මොකක්ද ඇත්තටම මේ මතක සිතුවම්?

    *** මතක සිතුවම් ඔබට අවශ්‍ය තොරතුරු මතකයට ඇතුල් කරන්නත්, නැවත ලබා ගන්නත් පුළුවන් පහසු ක්‍රමයක්
    *** මතක සිතුවම් පාඩම් කිරීමෙ සහ පුණරීක්ෂණය කිරීමේ ඉක්මන් ප්‍රථිපළ පෙන්වන නවීන ක්‍රමයක්
    ***මතක සිතුවම් අළුත් අදහස් සහ ව්‍යාපෘති වඩා හොඳින් කර ගන්න පුළුවන් ක්‍රමයක්

    මතක සිතුවම් කියන්නේ ඔබ ලබා ගන්නා තොරතුරු, වචන,
    පාට, ඉරි සහ චිත්‍ර මගින් සංවිධානය කරන ඔබේ ධාරණ ශක්තිය වැඩි
    කරන පහසු උපක්‍රමයක්. මතක සිතුවම් නිසා ඔයාට….
    *** පහසුවෙන් මතක තබා ගන්න ,
    *** නව අදහස් ඇති කරන්න,
    *** හොඳ ප්‍රථිපළ ලබා ගන්න,
    *** ඔබේ අදහස් සහ ජීවිතයම ක්‍රමානුකූළ කරන්න පුළුවන් විනෝදාංශයක්.
    කොහොම උනත් අන්තිම ප්‍රථිපළය ඔයාගේ විනෝදය වැඩි වීම තමයි.





    left_right_brain_xp11.jpg


    අපිට ඉගෙන ගන්න තියෙන දෙයක සටහන් තබා ගන්න උනාම වැඩි පුර භාවිතා වෙන මොළය මොකක්ද?

    බලන්න සටහනක් තියා ගන්න අපිට කරන්න වෙන දේවල්
    ඉරි තියන කොළ
    ලයිස්තුගත තොරතුරු
    වචන
    තර්කානුකූල බව


    පංති කාමරේත් පේලි වලටම නේද?
    මොනා හරි දෙයක් මතකයෙන් ගන්න ඕනි උනාම වචනයි අංකයි ඔබ මතකයට නඟා ගන්න උත්සහ කරනවා නේද?
    මේ හැම එකක්ම වම් මොළයේ දක්ෂතා.
    ඒ කියන්නේ ඔයා මතකය සඳහා මේ ගතානුගතික ක්‍රම නිසා පාවිච්චි කරන්නේ
    මොළයේ ශක්තියෙන් හරි අඩක් විතරයි.



    හැබැයි මතක සිතුවමක් නිර්මාණය කරන්න පටන් ගත්තාම,
    ඔයාට ප්‍රධාන අදහස සිතේ තියා ගෙන අතුරු හැම අදහසක්ම එකතු කරගන්න වෙනවා.
    එහෙම උනාම ඔයාගෙ මොළයේ කොටස් දෙකම පාවිච්චි කරන්නම වෙනවා.
    එහෙම උනාම ඒ මතකය ඉරා දාන්න හරිම අමාරුයි.
    එහෙම වෙන්න බලපාන ප්‍රධානම හේතුව තමයි මොළය හිතන්නේ වර්ණ සහ චිත්‍ර වලින් වීම.



    මතකද ඔයාගේ හිත ගත් කෙනෙක්.
    මොනාද මතක් වෙන්නේ.
    ඔවු. එයගේ මූණ නේද? හිතන්න මෙහෙම.
    ඔයාගෙ ගෙදර අත හැරලා ඔයාට පිටරටකට යන්න වෙනවා.
    ඔයාට ඕනි ගෙදර තියන විදිහ මතක තියා ගන්න.
    කොහොමද මතක තියා ගන්නේ? සටහනක විදිහටද ලයිස්තුවක් විදිහටද? නෑ නෙද?
    ඔයා මතක තියා ගන්නේ සිතුවම් වලින්.
    මේ උපක්‍රමය පාවිච්චි කරාම පඩම් මතක තියා ගන්නත් ඔයාට හොඳට පහසුවෙන් පාඩම් කරන්න පුළුවන් වේවි.
    ට්‍රයි කරමුද?



    අඳින විදිහ ඉගෙන ගන්න කලින් මේ ගැන ඔයාට හොඳ අවබෝධයක් ලබා ගන්න මම අන්තර්ජාලයෙන් හොයා ගත්ත මතක සිතුවම් කිහිපයක් පෙන්වන්නම්.
    මේවාගේ අයිතිය හා ගෞරවය ඒ වෙබ් අඩවි සංස්කාරක වරුන්ට හිමි වෙන්න ඕනි.







    mind-map-intro.jpg



    memory.gif


    mindmap3.jpg



    mind-map-as-memory-map-5901.png






    ඕන දේවල්


    කොළයක්
    පාට පෑන්
    ඔයාගේ මොළය





    paper.jpg



    කරන විදිහ



    1. ඔබේ සටහනේ ප්‍රධාන මාතෘකාවට අදාල සිතුවමක් මැද අඳින්න.



    2. සටහනට අදාල ප්‍රධාන අනු මාතෘකා ගනන සොයා ගන්න

    අනු මාතෘකා යටතේ තිබෙන කරුනු ගොනු කරන්න ඉඩ තබා ගෙන විකාර හැඩ ඇති මහත ප්‍රධාන අතු අඳින්න.
    එක එක අත්ත වෙන වෙනම පාටින් අඳින්න මතක තියා ගන්න.
    ඔන්න ඉතාමත්ම වැදගත් දෙයක් වෙනවා මේ අවස්තාවේදී.
    ඔයාට හිතෙන අතු ගණන නෙමෙයි අඳින්නේ.
    අදාළ අතු ගණන විතරයි. දැන් ඔයාගේ සිතුවිලි ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා වැඩේට.


    3. ප්‍රධාන අනු මාතෘකා වල ලේබලය ඒ අත්තේ හැඩ යටම ලියන්න.
    ලිවිය යුතු අඩුම ඒත් කියන දේ ගැන හොඳින්ම වැටහෙන වචනය තෝර ගන්න.
    ප්‍රධාන අතු නියෝජනය කරන්නේ ඔයාගේ සටහනට අදාල ප්‍රධාන මාතෘකායි.


    4. අවශ්‍ය උප අතු සාමාන්‍ය ප්‍රමාණයෙන් අඳින්න. ඒවා ලේබල් කරන්න.
    ඔයාට දැන් හොඳ ඉවක් තියා ගන්න වෙනවා අවශ්‍ය වෙන ඉඩ ගැන.
    පුළුවන් හැම ලේබලයකටම ඒ අදහස ඉස්මතු කරන පුංචි චිත්‍රයක් අඳින්න.



    5. ඔබට මගහැරුනු කරුණු නැති බව තහවුරු කර ගන්න.


    6. අතු විහිඳුවන්න. අළුත් කොළයක වඩාත් නිරවුල්ව සහ සරළව නැවත සිතුවම ගොඩනගන්න.
    කොළය හරව්න්නේ නැතුව කියවන්න පුළුවන් ලෙසින් ලේබල් කරන්න.



    7. නැවත පාඩම් කරන්න ඕනි උනාම ඔබේ මතක සිතුවම ගන්න.
    මුළින්ම ඔබ කරන්න කැමතිම දේවල් ගැන මතක සිතුවමක් ගොඩනගන්න.
    ඔබේ මුහුණ, කොළේ මැද ඇඳලා කැමතිම දේ කියලා ලියන්න. බලන්න ප්‍රධානම මාතෘකාවන්. සතුන් එක මාතෘකාවක් ද?
    පරිගණක, ක්‍රීඩා, සංගීතය, ඔබේ කැමති දේ ගැන හිතන්න.



    එහෙම කරන්න ගියාමත් අපහසුවක් දැනෙනවානම් කැමතිම දේවල් සයක් ගැන විතරක් හිතන්න.
    දැන් නම් කරන්න. චිත්‍ර අඳින්න. අතු විහිඳුවන්න. සංගීතය එක කැමැත්තක් නම් එහි උප මාතෘකා මොනවාද කියලා හිතන්න.
    ඔයාට යන්න පුළුවන් අතු ගන්න නිමක් නෑ.


    ඔබට අමතකව ගිය කරුණක් නැවත මතක් කරගන්න ඕනි නම්, මතක සිතුවමක් තියෙන මතකයේ ප්‍රමාණයෙන් අඳින්න.
    බලන්න එවිට නැති වූ මතකය නැවත ලැබෙන විදිහ.



    ඔබේ මොළය එකම සරළ රේඛාවක ගමන් කරන්නේ නෑ.
    ඒ නිසා තමයි ඔයා එක සටහනක් නැවත නැවත කියවලා මතක තියා ගන්න උත්සහ කරන්නේ.
    එහෙම කළා කියලා අත්වෙන ප්‍රථිපළය එකමයි. ඒක කාලය නාස්ති කිරීමක්.


    අපි පුංචි දෙයක් කරලා බලමුද? ඔයා එක ලිපියක් තෝරලා ගන්න.
    ඒක කියවලා මතක තියා ගන්න බලන්න. ඔයා කියවන්න කියවන්න ඔයාගේ අසරණ මතකය තව ටිකක් මතක තියගන්න උත්සහ කරනවා.
    දැන් වෙන මාතෘකාවක් තෝරා ගන්න. ඒක ගැන ඔයාට ඔයාගේ මිතුරෙකුට කෝල් කරලා කියන්න වෙනවා.
    එයාට කියන්න ඕනි දේවල් මතක තියා ගන්න.



    බලන්න. ප්‍රතිපලය වෙනස් නේද?
    මතක සිතුවම් ගොඩනගන්න ඕනි වුනාම ඔයාගේ මතකය වැඩ කරන විදිහ වෙනස්.



    Credit goes to Mr. Sanath Gamage
     
    Last edited: