සුජාත දියණි (..)

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    0.jpg

    images

    ජාතික රුපවාහිනියේ විකාශය වන සුජාත දියණි නම් මාලා නාටකය ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර ඉතාමත් ප්‍රසිද්ධියට පත්ව තිබේ.

    බාල, තරුණ, මහලු සියලුම කාන්තාවන් සතියේ දිනයන්හි සවස 6.30 සිට 7.30 දක්වා දහසකුත් වැඩ පැවතියද ඒ සියල්ල නවතා පුරා පැයක් සුජාත දියණිය බැලීමට රුපවාහිනිය ඉදිරියේ රැස්ව සිටියි.

    එහෙත් මෙම නාටකය කෙරෙහි බොහෝ පුරුෂයන්ගේ කැමැත්තක් නොමැත. ඔවුන් පවසන්නේ මේ තුලින් ලංකාවේ කාන්තාවන්ගේ මනස විකුර්ති කර ඇති බවයි.

    අප මෙ පිළිබඳ ශ්‍රී ලකාවේ පාසල් වල සොයාබැලීමක් කල අතර එහිදී අනාවරණය වුයේ ඇතැම් පාසල්වල ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සිසුවියන් චන්ගුමි මෙන් කතා කිරීමටත්, ඇඳුම නවා එය තුලට දෑත දමාගෙන චන්ගුමි මෙන් ඇවිදීමටත් පුරුදුව සිටින බවයි.

    මේ අතර ප්‍රථමික පන්තිවල පිරිමි ළමයින් Ben 10 අනුගමනය කරමින් කඩදාසි වලින් ඔරලෝසු සාදාගෙන පිටසක්වල ජීවින් සොයමින් විවේකයක් ලද හැමවිටම පාසල පුරා දුවන බව දක්නට ලැබිණ.

    තවද ජාතික පුවත් පතක් වාර්තාකර සිටියේ චන්ගුමිගේ රුපය ලබාගැනීමට කාන්තාවන් ප්ලාස්ටික් සැත්කම් වලටද යොමුව ඇති බවයි.

    මෙම සුජාත දියණි නාටකයට එරහි තරුණයන් පවසන්නේ මෙම නාට්‍ය බැලීමට ආශා කරන තරුණියන් සමලින්ගිකත්වයට (Lesbian) යොමුවී ඇති බවයි. තවද එම නාට්‍යයේ දෙබස් අතර " අ...අහ ...ඒ ... ආ .... ආ .." වැනි අනවශ්‍ය කාන්තා කෙදිරිලි ශබ්ද වැඩිපුර යෙදීම තුල අසන්නන් හට අනවශ්‍ය හැඟීම් ජනිත කරවන බව චෝදනා කරයි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පිරිමින් මෙයට විරුද්ධ වීමට මුලික හේතු වශයෙන් පහත කරුණු අප සොයාගන්න ලදී.

    ස්වාමිපුරුෂයා වැඩ නිමවී ගෙදර පැමිණියද, ඔහුගේ පැමිණීම ගැන සැලකිල්ලක් නොදක්වා, තේ එකක් වත් නොදී, කතාබස් නොකර සුජාත දියණි බැලීමට බිරිඳ පුරුදුව සිටීම.
    තම බිරිඳ හෝ මව සුජාත දියණිය අවසන් වීමෙන් පසු (7.30) රාත්‍රී ආහාර පිලියල කිරීමට යොමුවීම් මත රාත්‍රී ආහාරය ප්‍රමාද වීම හෝ නාට්‍ය අතරතුර සාදා ඇතිනම් රෝස්ව පැවතීම.
    වැඩ නිමවී තම පෙම්වතිය සමග දුරකතනයෙන් කතා කිරීමට (මල් කැඩිමට) ඇති අවස්ථාව මෙම පැය තුල ඇහිරියාම.
    දුරකතනයෙන් පෙම්වතිය අමතනවිට සහ ඇය හමුවීමට යන අවස්ථාවන්හිද පෙම්වතිය චන්ගුමි ගැන කියවීමට පටන් ගැනීම සහ සුජාත දියණියන්සේ හැසිරීමට උත්සහ ගැනීම තුල පෙම්වතුන්ට එය හිසරදයක් වීම.
    පෙම්වතියන් ඔවුන්ගේ දුරකථනයන්ට සුජාත දියණි ගීතය යොදා තිබීම.

    මේ හේතුකොට ගෙන ශ්‍රී ලංකාවේ තරුණයන් සුජාත දියණිට විරුද්ධව Face Book හරහා ප්‍රකාශ නිකුත් කරමින් සිටියි.

    සුජාත දියණිට පෙම් බැඳී ශ්‍රී ලාංකික සුවහසක් වූ කාන්තාවන්ට නෙතට කදුළක් උන්නාවූ ප්‍රවෘත්තියක් වුවද ,සුජාත දියණිය නුදුරේදීම අවසන වනබව අවසාන වශයෙන් සටහන් කල යුතුය.

    Copied from gossip9
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    මෙම සුජාත දියණි නාටකයට එරහි තරුණයන් පවසන්නේ මෙම නාට්‍ය බැලීමට ආශා කරන තරුණියන් සමලින්ගිකත්වයට (Lesbian) යොමුවී ඇති බවයි. තවද එම නාට්‍යයේ දෙබස් අතර " අ...අහ ...ඒ ... ආ .... ආ .." වැනි අනවශ්‍ය කාන්තා කෙදිරිලි ශබ්ද වැඩිපුර යෙදීම තුල අසන්නන් හට අනවශ්‍ය හැඟීම් ජනිත කරවන බව චෝදනා කරයි.

    mehema balapamak tiyanawa kiyala nam hitanna amarui anith dewal nam atta wenna puluwan..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙම සුජාත දියණි නාටකයට එරහි තරුණයන් පවසන්නේ මෙම නාට්‍ය බැලීමට ආශා කරන තරුණියන් සමලින්ගිකත්වයට (Lesbian) යොමුවී ඇති බවයි. තවද එම නාට්‍යයේ දෙබස් අතර " අ...අහ ...ඒ ... ආ .... ආ .." වැනි අනවශ්‍ය කාන්තා කෙදිරිලි ශබ්ද වැඩිපුර යෙදීම තුල අසන්නන් හට අනවශ්‍ය හැඟීම් ජනිත කරවන බව චෝදනා කරයි.

    mehema balapamak tiyanawa kiyala nam hitanna amarui anith dewal nam atta wenna puluwan..

    ලංකාවේ ඉන්න මිනිස්සු හරිම මෝඩයි බං.ඕකට ඔය තරම් අකමැති නම් ඕක බලන්නේ මොකටද.පිස්සු තමා
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මචන් මේ කියන්නේ නම් මගේ අත්දකීමින්. මම දන්නා පවුල් 9ක් ඉන්නවා "සුජාත දියණී" බලන. වැඩේ කියන්නේ ඒ පිරිමි පාර්ශවය පුදුම කැමැත්තක් නේ තියෙන්නේ මේකට. හැබැයි ඒ කට්ටිය ඔක්කොම 60 පැනපු අය. මට නම් ගොඩාක් වෙලාවට සද්ද විතරයි ඇහිලා තියෙන්නේ, එත් මට ඇහිලා තියනවා මගේ මල්ලියට (25) අම්මා බනිනවා TV එක ලගටම යනවා (ඔය වෙලාවට විතරක්) වැඩියි කියලා. :lol: