ආදරය

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගෙවුන නිසාවේ අදුර මකා
    ජීවිතයේ පිණි කදුලැලි පිසදා
    ලා හිරැ වී නළළ සිඹින්නේ
    අමා සුවය දෙන ආදරයයි
    තුසිත ලොවින් බසිනා
    අමා සුවය දෙන ආදරයයි

    බොල් වැලි කැට දෝතින් ගන්නා
    මායා ලොකය සිදී බිදුන දා
    මිණි කැටයක් වී නෙත් සනසන්නේ
    අමා සුවය දෙන ආදරයයි
    තුසිත ලොවින් බසිනා
    අමා සුවය දෙන ආදරයයි

    ගිම්හානේ නිල් අහස හඩා
    ඉරී පැලී ගිය පොළව තෙමා
    දිය දහරක් වී ගලාබසින්නේ
    අමා සුවය දෙන ආදරයයි
    තුසිත ලොවින් බසිනා
    අමා සුවය දෙන ආදරයයි.....
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    lassanaiii :)
    1.gif
    1.gif
    1.gif
    :cool: