දවසක් අවුරුදු 60 ක විතර තාත්තා කෙනෙකුයි අවුරුදු 25 ක විතර පුතෙකුයි මිදුලේ bench එකක වාඩිවෙලා හිටියලු. පුතා පත්තරයක් බල බල ඉන්නේ. ඒ අතරේ මිදුලට පුංචි කුරුල්ලෙක් ආවාලු..
තාත්තා: පුතා අර සතා මොකාද?
පුතා: කුරුල්ලෙක් තාත්තේ.
ආයිත් ටික වෙලාවකින්,
තාත්තා: පුතා අර සතා මොකාද?
පුතා: (ටිකක් කේන්තියෙන්) මම කලිනුත් කිව්වේ...ඒ කුරුල්ලෙක්
ආයිත් ටික වෙලාවකින්,
තාත්තා: පුතා අර සතා මොකාද?
පුතා: (හොදටම කේන්තියෙන්) මොකද්ද මේ වැඩේ, මම දැන් කී පාරක් කිව්වද ඒ කුරුල්ලෙක් කියල..පත්තරේ බලන්නවත් නෑ මට. ඇයි මේ එකම දේ හැමවෙලාවෙම අහන්නේ?
පුතා මෙහෙම කිව්වම තාත්තා ටිකක් කල්පනා කර කර ඉදලා ගෙදර ඇතුලට යන්න හැදුවලු. පුතා ඇයි කියල ඇහුවත් තාත්තා මුකුත් කියන්නේ නැතුව ගේ ඇතුලට ගියාලු. ටික වෙලාවකින් තාත්තා තමන්ගේ දිනපොතත් අරන් පුතා හිටපු තැනට ඇවිත් දිනපොතේ පිටුවක් පෙරලලා බලන්න දුන්නලු.
පුතා: (කේන්තියෙන්) මොකද්ද මේ?
තාත්තා: ඕක කියවන්න.
පුතා කේන්තියෙන්ම වගේ කියවන්න ගත්තලු දිනපොත. එකේ මේ විදිහට ලියලා තිබුණලු.
"අද මගේ අවුරුදු 3 ක් වයස චූටි පුතයි මමයි මිදුලේ ඉන්නකොට කුරුල්ලෙක් මිදුලට ආවා. මගේ පුතා මගෙන් ඒ සතා මොකෙක්ද කියල 21 වතාවක් ඇහුවා. මම ඒ 21 වතාවෙම මගේ පුතාට කිව්වා "ඒ කුරුල්ලෙක් මගේ පුතේ" කියලා. ඒ වගේම ඒ 21 වතාවෙම මම කේන්ති ගන්නේ නැතුව මගේ පුංචි පුතාව ආදරෙන් ලගට අරන් කියලා දුන්නා ඒ කුරුල්ලෙක් කියලා."
දිනපොතේ තාත්තා ලියල තිබුන මේ දේ කියෙව්වම පුතාට තමන් ගැනම ලැජ්ජා හිතුනාලු. පුතා තාත්තාව ආදරෙන් තුරුළු කරගත්තලු.
හිතලා බලන්න අපේ අම්මා,තාත්තාත් මේ වගේම නේද කියලා. හැම අම්මා කෙනෙක්ම,තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවට ගොඩක් ආදරෙයි. දරුවා පොඩිකාලේදී එකම දේ කී පාරක් ඇහුවත් දෙමව්පියෝ කේන්ති ගන්නේ නෑ..හරිම ආදරෙන් හැමදෙයක්ම කියල දෙන්නේ. ඒත් ගොඩාක් දරුවෝ ලොකු මහත් උනාට පස්සේ තමන්ගේ දෙමව්පියන්ට සලකන්නේ මේ කතාවේ විදිහට. මේ වගේ දෙයක් අපිත් කරලා ඇති. ඒත් එහෙම වෙලාවට අපේ දෙමව්පියන්ට කොච්චර දුකක් දැනෙනෙවා ඇතිද කියල හිතලා බලන්න. දරුවෝ විදිහට අපේ දෙමව්පියෝ ගැන අපි මේ කතාවේ සඳහන් වෙනවට වඩා හොද විදිහට බලමු.

මේ මම අහල තියන කතාවක්. මගේ වචන වලින් ලියලා දැම්ම නිසා අඩුපාඩු ඇති. සමාවෙන්න ඕනේ ඒකට.

.