හිමිනමක් ඝාතනය කෙරෙයි
මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාමය විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි කිසියම් පිරිසක් විසින් කපා කොටා ඝාතනය කර තිබේ.
ඊයේ (03) රාත්රී 9.30 ට පමණ විහාරස්ථානයේ බෝ මළුව අසල දී තියුණු ආයුධවලින් පහර කෑමට ලක්වූ එම හිමිනම පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත් වූ බව පොලීසිය පැවසුවේය.
අපවත් වන විට උන්වහන්සේ 46 වැනි වියේ පසුවූ අතර ඉඩම් ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරයි.
ඝාතනයෙන් පසු ඊයේ මොරටුව ප්රදේශයේ කලහකාරි තත්ත්වයක් වාර්තා වූ අතර ඒ සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් ප්රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබිණි.

ow.