ලින්ගේන්ද්‍රය කපා දමා ස්වාමීන් වහන්සේ නමක් අමානුෂික ලෙස ඝාතනය කරය් 😲😲😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,448
    8,602
    113



    එප්පාවල පොලිස් වසමේ කිරලෝගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමක් එම විහාරස්ථානය තුළදීම ඝාතනය කළ සැකකරුවන් සොයා එප්පාවල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

    උන්වහන්සේගේ දේහය නරක් වී තිබීම හේතුවෙන් මෙම ඝාතනය මී⁣ට දින කීපයකට පෙර සිදු වන්නට ඇතැයි පොලීසිය සැක පල කරයි.

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එප්පාවල කිරලෝගම රුක්සෙවන අසපුවේ විහාරාධිපති ලෙස වැඩ විසු පූජ්‍ය විලච්චියේ ප්‍රේමරතන නම් හැට නව හැවිරිදි ස්වාමීන් වහන්සේ නමකි.


    ස්වාමීන් වහන්සේගේ හිසෙහි හා මුහුනෙහි බරපතල කැපුම් තුවාල පවතින අතර, ලිංගේන්ද්‍රයද කපා දමා ඇතැයි පොලීසිය පවසයි. උන්වහන්සේ මෙම විහාරස්ථානයේ තනිව වැඩවාසය කරන බවත්, ගම්මානයේ ජනතාව සමග ඇසුරක් නොමැති බවත් ප්‍රදේශවාසීන් පවසති.මීට වසර 10 කට පමණ ඉහතදී මෙම ප්‍රදේශයට පැමිණ කුඩාවට විහාරස්ථානයක් ආරම්භ කර එය ධානපතීන්ගේ ආධාර උපකාර මැද සංවර්ධනය කර ගෙන සිට ඇත. අද (25) පස්වරුවේ වෙනත් විහාරස්ථානයක ස්වාමීන් වහන්සේනමක් මෙම අසපුවට පැමිණි අවස්ථාවේදී විහාරාධිපති හිමියන් සංඝාවාසය ඉදිරිපිට පුටුවක් මත මිය ගොස් සිටිනු දැක ඒ පිළිබදව ගම්වාසීන් හරහා ග්‍රාමසේවක මහතා දැනුවත් කර එප්පාවල පොලීසියට පැමිණිලි කර ඇත.

    ඒ අනුව උන්වහන්සේගේ දේහය අද (25) පස්වරුවේ සොයා ගත් බව එප්පාවල පොලීසිය පවසයි. ඒ අනුව එප්පාවල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ඝාතනය වූ බවට විහාරාධිපති හිමියන්ගේ හැදුනුම්පත ඇතුළු වටිනා ලිපි ලේඛණ කීපයක්ද විහාරස්තානයට කිලෝ මීටර 02 ක් පමණ දුරින් පිහිටි තලාව එප්පාවල ප්‍රධාන මාර්ගයේ පලුගස්වැව ප්‍රදේශයේ මාර්ගය අසල කානුවකට විසි කර දමා ගොස් තිබියදී පොලීසිය සොයා ගෙන ඇති අතර ස්වාමීන්වහන්සේට අයත් විහාරස්තානයේ තිබූ ත්‍රී රෝද රථයද මේ වන විට අස්ථානගත ව ඇතැයි පොලීසිය පවසයි. සිද්ධිය වූ ස්ථානයේ තිබී පාවහන් යුගල 03 ක් , වක් පිහියක් පොලීසිය වැඩි දුර විමර්ශන සදහා රැගෙන යනු ලැබීය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන එප්පාවල පොලීසිය සිදු කරනු ලබන අතර, ස්ථානීය පරීක්ෂණ තඹුත්තේගම වැඩ බලන මහේස්ත්‍රාත්තුමන් විසින් සිදු කිරීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ සදහා අනුරාධපුර ශීක්ෂණ රෝ⁣හලේ අධිකරණ වෛද්‍යවරයා වෙත දේහය යොමු කරන ලෙසට එප්පාවල පොලීසිය⁣ට නියෝග කරනු ලැබීය. එප්පාවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පැති කීපයක් ඔස්සේ විමර්ශණ ආරම්භ කර ඇත.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,167
    1
    58,528
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තඹුත්තේගම
    Nervous Cat GIF by sheepfilms
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ජිහාඩ් හම්බාවොන්ගේ වැඩක් ?? :unsure::unsure::unsure: කොනක සාටකයකුත් ගෑවිලා ඇති 🤮🤮🤮
     
    • Wow
    Reactions: Kumbhakarna22

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,709
    7,015
    113
    වදුරව
    කලබල වෙන්නෙපා ජාතික ආරාක්ශාවට කිසිම ගැටලුවක් නෑ ඒක කැබිනට් එකක දාල ලොක් කරල තියෙන්නෙ. :yes: :yes: :yes:
    මේ මහත්තය ජාතික ආරක්ශාවයි, මහජන ආරක්ශාවයි පටලගෙන
     
    • Like
    Reactions: Kumbhakarna22

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,360
    113
    මේ මහත්තය ජාතික ආරක්ශාවයි, මහජන ආරක්ශාවයි පටලගෙන
    ආහ් සොරි මහත්තය මහජන ආරක්ශාවටත් ගැටලුවක් නෑ එකත් ඒ කැබිනට් එකෙම පහල තට්ටුවට දාල ලොක් කරල තියෙන්නෙ. ඔය තැන තැන මැරෙන්නෙ මහජනය නෙමෙයි වෙන මොක්කුද ජාතියක් :yes: :yes: :yes: 🤌