.:: ANDROID වැඩකාරයෝ Part II ::.

yauwanar

Member
Aug 1, 2008
12
0
0

මොකද්ද මේ රූට් ( root ) කරනවා කියන්නේ ?
සරළව කියන්න ඔන නිසා මම ඒක මේ විදියට පැහැදිලි කරන්නම්. අපි පරිගණක පාවිච්චි කරනවා නේ. ඒවයේ තියනවා නේ ඔය Admin login ( high privilege user ) සහ Guest login ( low privilege user ) වගේ එක එක level එකේ logins ( privileges ). ෆොන් වලත් එහෙම තමා. අපිට සාමාන්‍යයෙන් එන්නේ guest නැත්නම් අඩු privilege level එකක් තියන login එකක්. මේ යටතේ අපිට soltware (apps) install කරන්න එහෙම පුළුවන්. ඒත් ෆෝන් එකේ අභ්‍යන්තර දේවල් ( Core OS එකේ දේවල් ) වෙනස් කරන්න බෑ. ෆොන් එක root කරනවා කියන්නේ අන්න ඒ වගේ Admin privileges තියන user ව enable කර ගන්නවා වගේ වැඩක්. රූට් කියන්නේ ඇත්තටම කිව්වොත් ෆෝන් එකේ තියන (default) එක user account එකක්. Android කියන්නේ linux ගණයට වැටෙන OS එකක් නිසා root කියන user ව අනිවාර්යෙන් ඕන වෙනවා. නමුත් ෆෝන් එක එනකොට ඒ user ව අපිට පාවිච්චි කරන්න බැරි විදියට lock කිරීමක් වගේ දෙයක් කරලා තමා එන්නේ. රූට් කරන එකෙන් අපි කරන්නේ මේ root user ව ආයිත් පාවිචියට ගන්න එකයි.

රූට් කලාම ඇත්තටම වෙන්නේ මොකද්ද ?
රූට් කලාම ඇත්තටම වෙන්නේ ෆොන් එකේ super privileges තියන root user ව enable වෙන එක. මේකට පොඩි exploit එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ පොඩි hack එකක් වගේ. root ව enable උනාට පස්සේ ඒක පාවිච්චි කරලා, අර කලින් කරන්න බැරි උන් දේවල්, කලින් access කරන්න බැරි උන තැන් access කරන්න පුළුවන්.
ඒ විතරක් නෙමේ root commands හරියට වැඩ කරන්න නම්, BusyBox Binaries කියලා හඳුන්වන තවත් files ටිකක් අවශ්‍ය වෙනවා. ඔය busybox binary වල තමයි රූට් commands අන්තරගත වෙන්නේ.

root කලා කියලා අපිට ලැබෙන දේවල් මොනවාද ?
අලුතින් ලැබෙන්නේ නම් super user privilege එකයි, සමහර විට busybox binary ටිකයි විතරයි. ඒත් ඒකෙන් වැඩ ගන්න එක අපේ වැඩක්. නමුත් කරන්න පුළුවන් සරළ දේවල් ටිකක් කියන්නම්.

1. අපිට අවශ්‍ය නැති, ෆෝන් එක ගන්නකොට ෆෝන් එකත් එකක එන, සාමාන්‍ය විදියට අයින් කරන්න බැරි apps අයින් කරන්න පුළුවන්. ( මේ වගේ අයින් කරන්න බැරි, වැඩකට නැති apps වලට කියන්නේ bloatware කියලා ). ඔය Chinese, Korean වගේ ෆෝන් ගත්ත අයට නම් මේක හොඳට දැනෙනවා ඇති.

2. ෆෝන් එකේ සාමාන්‍යයෙන් අපිට බලන්න පුළුවන් Internal or External USB Storage එක විතරයි. ඔය ෆෝන් එකත් එක්ක එන file browser එකනේ බලන්න පුළුවන් ඒ ටික තමා. නමුත් root කලාට පස්සේ, වෙනත් File browser apps ( මේවා Android Play Store එකේ තියනවා ) පාවිච්චි කරලා මුළු system එකම බලන්න පුළුවන්. අපි මේවට කියන්නේ root explorer apps කියලා. ඇයි මේවා බලන්න ඕනේ වෙන්නේ කියලා මම පසුව විස්තර කරන්නම්.

3. සමහර developers ලා හදන apps තියනවා, root access අනිවාර්යයෙන් අවශ්‍ය වෙන ඒවා. ඒවා හරියට පාවිච්චි කරන්නත් root access ඕන කරනවා.

4. ෆෝන් එකේ සමහර දේවල් ( OS level, Hardware level ), සමහර වෙලාවට ඒ ෆෝන් එක හදන නිශ්පාදකයා විසින් disabled කරලා එවනවා. සමහර features පවා disable කරලා තියෙන අවස්ථා තියෙනවා. සමහර Android developers/ hackers ලා මේවා හොයාගෙන ඒ දේවල් enable කරන්න අවශ්‍ය software patches ( අපි මේවාට MODs කියලා කියනවා ) දෙනවා. ඒ දේවල් install කරන්නත් root access තිබීම අත්‍යාවශ්‍ය ම යි.

හැමදාම එකම ෆෝන් එකේ, එකම features දැකලා එපා වෙලා නම්, ඒකටත් තියනවා විසඳුමක්. ඒ තමා Custom ROMs. හැමදාම Stock ROM (Custom ROM, Stock ROM ගැන දන්නේ නැති අයට පහල ඒ ගැන විස්තරයක් තියනවා. එක බලන්න ) එකම දැකලා එපා වෙලා නම්, root කරපු අයට පුළුවන් Custom ROMs දාලා බලන්න.

root කලාම ෆෝන් එක speed වැඩි වෙනවාද ?
නැත. speed එක අඩු වෙන්නෙත් නැත. නමුත් ඕනේ නම් root access වලින් වැඩ දාලා, speed එක වැඩි කර ගන්න නම් පුළුවන්. උදාහරණයක් විදියට, කලින් කිව්වා වගේ bloat apps අයින් කලා නම් අනිවා Booting speed එකේ ඉඳන් හැම දේකම speed එක වැඩි වීමක් බලා ගන්න පුළුවන්.

root කලාම warranty එක නැති වෙනවාද ?
නීතියේ හැටියට නම් නෑ (මොකද අපි කරන්නේ ෆෝන් එකේ තියන user account එකක් enable කරන එක නේ ). ඒත් සාමාන්‍යයෙන් warranty නැති වෙනවා කියලා කියනවා. හැබැයි බය වෙන්න දෙයක් නෑ, ෆෝන් එකක් root කරනවා වගේම unroot කරන්නත් ක්‍රම තියෙනවා.

Stock ROMs කියන්නේ මොනවාද ?
මුලින්ම, සරලව කිවුවොත් ROM එකක් කියලා මෙතන අදහස් කරන්නේ, Android OS එකට. එතකොට stock ROMs කියන්නේ, ෆෝන් එක හදන company එකෙන් දෙන Android ROMs වලට. Stock ROM එක තමයි ෆෝන් එක ගන්නකොට තියෙන්නේ. පස්සේ එයාලා අපිට අලුත් updates එවනවා. ෆෝන් එකේ Settings -> About device -> Software update වලට ගිහින් අලුත් updates තියනවද කියලා බලන්න පුළුවන්. මෙහෙම දෙන updates වලට අපි කියන්නේ FOTA ( Firmware over-the-air ) නැත්නම් කෙටියෙන් OTA ( over-the-air ) updates කියලා.
ඒ වගේම මේ updates රටකින් රටකට පවා වෙනස් වෙනවා. ඉතින් එක රටකට Jelly Beans updates එනකොට තව රටකට තාමත් Ice Cream Sandwich ( ICS ) updates ලැබෙන්න පුළුවන්. හැබැයි මෙතන පොඩි හොර පාරකින් අර වෙන රටකට එන අලුත් updates එහෙමත් දා ගන්න බැරි කමක් නෑ. එහෙම ආපු update එකක්, download කරලා, ඒවා phone එකට write ( Flash කරනවා කියලා සරලව කියනවා ) කරන්න පුළුවන් tool එකක් පාවිච්චි කරලා දා ගන්න පුළුවන්. හැබැයි මේ වැඩේට root තිබීම අත්‍යාවශ්‍ය නෑ. නමුත් ඉතා ප්‍රවේශමෙන් කරන්න ඕනේ. වැඩේ වැරදුනොත් ප්‍රශ්න ගොඩයි.

Custom ROMs කියන්නේ මොනවද ?
මේ කියන්නේ, අර ෆෝන් එක දීපු company එකෙන් ( Official ) නොවන, එක එක Android developers ලා, හදන වෙනත් ROMs වලට. මේවා නොමිලේම ලබාගෙන දා ගන්න පුළුවන්. ගොඩක් දෙනා මේවා හදන්නේ ලාභ උපයන්නම නෙමේ. සාමාන්‍යයෙන් Custom ROMs වර්ග ගනනාවක් තියනවා. මේවා අතරින් කැපී පෙනෙන Custom ROMs වර්ග දෙකක් තියෙනවා.

1. Stock Based ROMs
Stock based ROMs කියන්නේ, Stock ROM එක අරගෙන, කපලා කොටලා, Features add කරලා, එක එක MODs දාලා, හැඩ වැඩ කරලා එවන ROMs. Custom ROMs වලට කැමති ඒත් Stock පැත්තට නැඹුරු ROM එකක් ඕනේ අයට හරි යන්නේ මේක තමා. මේ විදියට ROMs develop කරන එක තරමක් ලේසියි.

2. AOSP Based ROMs
AOSP Based ROMs කියන්නේ, Google relies කරන pure Android OS ( Source codes ) එක අරගෙන, එක එක devices ( Phones ) වලට ගැලපෙන විදියට හදලා, තව features, MODs දාලා හදන ඒවාට. මේක තරමක් අමාරු වැඩක්. Pure ( Vanilla ) Android Sources වලින් එක එක devices වලට ගැලපෙන විදියට OS එක හදනවා කියන්නේ සෑහෙන්න අමාරු වැඩක්. මොකද ෆෝන් එකේ features ඔක්කොම වැඩ කරන්න නම්, ( camera, wifi, 3G වගේ ) drivers පවා නැවත හදන්න ඕනේ. මොකද මේ drivers ( වල source codes ) සමහර වෙලාවට අදාල company එකෙන් මේ developers ලාට දෙන්නේ නෑ. ඒ නිසා මේ වැඩේට අත ගහන්නේ හොඳම Android වැඩ කාරයෝ තමයි.
paata bn thankz
 
TDJ

Active member
  • Jul 11, 2007
    579
    165
    43
    HELPPPPPP :(

    maachanla mama mage s2 ekata JB update karaa dan restart wenawa...

    mama mokada karanee....

    menna meke tibba rom eka damme...
    http://www.youtube.com/watch?v=n7b_vJtMSMI

    eta passe yantam CWM dagena internal mem eke tibba parana ROM eka flash kara ... kalin ekama daganna hitagena ekath ehemai...... aneee mama mokada karanneeeeeee

    downlaod mod ekai CWM ekai wada..
     
    ගූගල් ප්ලේ එකෙන් නෑතුව, වෙනම ඩවුන්ලෝඩ් කරන ගේම්ස්, ඈප්ස් එහෙම කොහොමද ඉන්ස්ටෝල් කරන්නේ???:confused::oo:

    Download කරන apk එක 4n එකේ Sd එකට copy කරල. ES File Explorer File Manager වගේ එකකින් install කරගන්න පුලුවන්. එහෙම කරන්න කලින් settings වල තියන Unknown Sources එකට tik එකක් දාල ඉන්න ඕන
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,096
    24,659
    113
    tracing Geo-location.. ... ...
    maachanla mama mage s2 ekata JB update karaa dan restart wenawa...

    mama mokada karanee....

    menna meke tibba rom eka damme...
    http://www.youtube.com/watch?v=n7b_vJtMSMI

    eta passe yantam CWM dagena internal mem eke tibba parana ROM eka flash kara ... kalin ekama daganna hitagena ekath ehemai...... aneee mama mokada karanneeeeeee

    downlaod mod ekai CWM ekai wada..

    reset data / cache clear karapan CWM eken..dalvick cache clear karapan..baya wenna deyak newei oka...
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    චිරි චිරි වැස්ස;14402536 said:
    Download කරන apk එක 4n එකේ Sd එකට copy කරල. ES File Explorer File Managerවගේ එකකින් install කරගන්න පුලුවන්. එහෙම කරන්න කලින් settings වල තියන Unknown Sources එකට tik එකක් දාල ඉන්න ඕන

    මචන් මෙකේ එහෙම ඉන්ස්ටෝල් කරන්ඩ .apk එකක් නෑනේ.:baffled: තියෙන්නේ .dat files ගොඩක්. ZIP කරලා. හරියට ඉන්ස්ටෝල් කරාට පස්සෙ තියෙන ෆයිල්ස් වගේ.:dull:
     
    maachanla mama mage s2 ekata JB update karaa dan restart wenawa...

    mama mokada karanee....

    menna meke tibba rom eka damme...
    http://www.youtube.com/watch?v=n7b_vJtMSMI

    eta passe yantam CWM dagena internal mem eke tibba parana ROM eka flash kara ... kalin ekama daganna hitagena ekath ehemai...... aneee mama mokada karanneeeeeee

    downlaod mod ekai CWM ekai wada..

    Restart වෙනව කිවුවෙ Boot loop වෙලාද
     
    මචන් මෙකේ එහෙම ඉන්ස්ටෝල් කරන්ඩ .apk එකක් නෑනේ.:baffled: තියෙන්නේ .dat files ගොඩක්. ZIP කරලා. හරියට ඉන්ස්ටෝල් කරාට පස්සෙ තියෙන ෆයිල්ස් වගේ.:dull:

    උඔ ඔය කියන්නෙ flashable zip එකක් ගැන වගේ මචං. Android Games/Apps එන්නෙ .APK කියන extension එකෙන්
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔන්න සිරා couple app එකක් මම හොයාගත්ත . මේක මචන් use වෙන්නේ උඹයි කෙල්ලයි අතර විතරයි . Sign up වෙද්දී උඹෙයි කෙල්ලගෙයි details දීලා පොදු password එකක් දාන්න ඕනා. App එක ඇතුලෙන් message, photo, kisses, hugs වගේ යවන්න පුළුවන් කෙල්ලට . App එකේ ඉන්නේ උඹයි කෙල්ලයි විතරයි :yes: email, sms, mms, ගහනවට වඩා මේක සිරා මොකද ආයේ telephone number , email address ඕනේ නෑ App එකට ගියා කෙලින්ම msg එක ගහපුවම කෙල්ලගේ App එකට එනවා.

    flgxg9g7.png

    මට කියන්න බැරි උනා මේක iOS එකෙත් තියෙන හින්ද cross platform වැඩ කරනවා
     
    Last edited:
    • Like
    Reactions: Dr. NAC

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    ඔන්න සිරා couple app එකක් මම හොයාගත්ත . මේක මචන් use වෙන්නේ උඹයි කෙල්ලයි අතර විතරයි . Sign up වෙද්දී උඹෙයි කෙල්ලගෙයි details දීලා පොදු password එකක් දාන්න ඕනා. App එක ඇතුලෙන් message, photo, kisses, hugs වගේ යවන්න පුළුවන් කෙල්ලට . App එකේ ඉන්නේ උඹයි කෙල්ලයි විතරයි :yes: email, sms, mms, ගහනවට වඩා මේක සිරා මොකද ආයේ telephone number , email address ඕනේ නෑ App එකට ගියා කෙලින්ම msg එක ගහපුවම කෙල්ලගේ App එකට එනවා.

    flgxg9g7.png

    androd fone ekak nam gaththa..
    dan mekata kellek hoya ganna wenawa...:P

    ela thanx machan...:cool:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    ඔන්න සිරා couple app එකක් මම හොයාගත්ත . මේක මචන් use වෙන්නේ උඹයි කෙල්ලයි අතර විතරයි . Sign up වෙද්දී උඹෙයි කෙල්ලගෙයි details දීලා පොදු password එකක් දාන්න ඕනා. App එක ඇතුලෙන් message, photo, kisses, hugs වගේ යවන්න පුළුවන් කෙල්ලට . App එකේ ඉන්නේ උඹයි කෙල්ලයි විතරයි :yes: email, sms, mms, ගහනවට වඩා මේක සිරා මොකද ආයේ telephone number , email address ඕනේ නෑ App එකට ගියා කෙලින්ම msg එක ගහපුවම කෙල්ලගේ App එකට එනවා.

    flgxg9g7.png

    මට කියන්න බැරි උනා මේක iOS එකෙත් තියෙන හින්ද cross platform වැඩ කරනවා
    thnkzzz machoo;)
    dn android thiyna kellekui,apple ekak thiyna kellekui hoya gnna one :D
     
    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    චිරි චිරි වැස්ස;14402625 said:
    Restart වෙනව කිවුවෙ Boot loop වෙලාද

    Mekai machan oya mama post karala tiyana video eke Odin walin Flash karama reboot wenawa ne... eth mage eka re boot une na "Galaxy S II " window ekama tikak tiyanawa off wenawa.. ayeth enawa... Samsung LOGO ekata wenakan load wenne na...
     
    එහෙනම් supun_sg කිවුව වගේ data clear කරල බලපන්. හරිගියෙ නැත්නම් Stock rom එක flash කරන්න ඕන