SRI LANKA ENTER LAST 24 TEAMS IN WORLD PROFESSIONAL COOKING COMPETITION

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,040
    2,690
    113
    Paraguay
    boc-europe-200x200.jpg


    ජගත් සූපවේදී තරගයේ අවසන් වටයට ශ්‍රී ලංකාවත් එයි

    862ae29b4b72ff538bd5622898e1e191fc54179c.jpg


    7dd29ac29893eea93dec2c893cae0828722ccabe.jpg




    2013 ලෝකයේ හොඳම සුපවේදියා තෝරා ගැනීමේ තරඟය ප්‍රංශයේ සිව්වැනි විශාලතම නගරය වන ලියෝන්හි පැවැත්විණි. ලියෝන් යනු පැරීසියේ සිට කිලෝමීටර 460 ක් දුරින් පිහිටියේය. ප්‍රංශ සම්ප්‍රදායික කෑම වට්ටෝරු හදුන්වා දීමට සුප්‍රසිද්ධ නගරයකි.
    සුපවේදීන්ගේ ඔලිම්පික් කුසලානය ලෙස විරුදාවලිය සේ සැලකෙන මේ තරගයට මහාද්වීප පහෙන් රටවල් 225 කින් තෝරා ගත් සුපවේදීහු තරග කළහ. එහි සම්ප්‍රදාය අනුව අවසාන තරගය සදහා 24 දෙනෙක් තෝරා ගනු ලැබූහ. එම 24 දෙනා අතරට ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව ද මොරොක්කෝව හා හංගේරියාව ද ඇතුළත් විය. අවසාන තරගයෙන් ප්‍රංශය, ඩෙන්මාර්කය, ජපානය අනුපිලිවෙලින් රන්, රිදී, තඹ කුසලාන හිමිකර ගත්තේය. ලෝකයේ හොදම 24 දෙනා අතරට ශ්‍රී ලංකාව මෙහෙයවූයේ කොළඹ හිල්ටන් හෝටලයේ සූපවේදී කණ්ඩායමයි. බුද්ධික සමරසේකර හා රශේන් ජෝන් එහි ප්‍රධාන සූපවේදීහු වූහ. එහි විධායක ප්‍රධාන සුපවේදි රෝහාන් ප්‍රනාන්දුපුල්ලේ ලෝක කුසලානයේ ප්‍රධාන ඡුරිය නියෝජනය කළේය.

    ලිපිය උපුටා ගැනීම:ලංකාදීප

    B1PO_LK.jpg


    c3240dd8b30bb6b4ac718e377c42d0340c3f9091.jpg


    eaff6d4f5f124f6b8e2aeaaf7cfc1c4f1c6be50f.jpg


    පිංතූර ගත්තේ අන්තර්ජාලයෙ මෙතැනින්