නොදන්නා අය දැනගන්න
දන්න අය මාව නිවැරදි කරත්වා
HTPC එකක් කියන්නෙ ඔය Media content බලන්න හදන කොම්පිය්ටර් එකක්. සාමාන්‍ය කොම්පියුටර් එකකුත් මේකකුත් අතර ලොකු වෙනසක් නැහැ. නමුත් HTPC වල media ධාවනය පෙන්වීම අතින් ඉහල හැකියාවක් තියෙනව. මේවට දාන්නෙ සාමාන්‍ය OS ම තමා.
XP වල නම් Media Center කියන OS එක දානව
Windows 7, 8 වල නම් ඕන එකක්
උබන්ටු වුනත් දාන්න පුලුවන්. XBMC වගේ මීඩියා බලන්න ම හදපු OS තියෙනව linux දුවන. ඒව කරදර නිසා මම windows දැම්ම
උදාහරණයක් විදියට මම දැනට සති දෙකකට විතර උඩදි ඔයින් එකක් හැදුව මොකද අපේ ගෙදර දඩාර TV රාජයෙක් ගත්ත. ඒකෙ film බලන්නත් එපැයි . ඒක FULL HD Sony Bravia 40" එකක්
ඒකට මම ගත්තෙ used කරපු parts වගයක් shop එකකින්
Intel Pentium Dual Core processor 3GHz එකක් මා ගාව තිබුන
Motherboard එකක් ගත්ත (used) MSI, DDR2 RAM තියන එකක්
ඒකට දැම්ම DDR2 1GB RAM (2x512MB)
VGA එක AMD Radeon HD 6450( HDMI) අලුතින් ගත්ත. එතරම්ම High end card එකක් නෙවේ. පොඩි ගේම් එකක් දෙකක් ගහන්නත් එක්ක ගත්තෙ
හොද Quality Sound අහන්න ඕන නම් Optical Out, SPD IF වගේ out එකක් ගන්න ඕන
ඒත් අපි net එකෙන් ගන්න film වල එතරම් 5.1 වගේ quality නැනෙ කොහොමත්. කොහොමත් HDMI වලින් sound එකත් යනවනෙ
Creative 2.1 Subwoofer එකක් . මා ගාව තිබුන එකක්
මට ගියෙ ඔක්කොටම 14ක් වගේ.
Windows8 දැම්ම . මොකද ඒකෙ Interface එක පට්ට නිසා
Wireless Mouse එකක් ebay එකෙන් ගෙන්න ගත්ත
ඕන Film එකක් බලත හැකි. FULL HD 1080P බලන්න පුලුවන්
mkv, ද අරකද මේකද ඕන format එකක් බලන්න පුලුවන්. VLC හරි Splash Pro වගේ දාගත්තම