වැලන්ටයින් පරිස්සමෙං !

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැලන්ටයින් පරිස්සමෙං !

    පස්සට එළියත් වැටිලා උදයේ...
    කොල්ලා වෙනදට බරටම නිදියේ.....
    අද නං කලින්ම නැගිටන් ඇතියේ....
    ලෑස්ති වෙනවා මූ ලහි ලහියේ.......:cool:

    තුන්පාරක් පිහදාගෙන නාලා...
    ශැම්පු බෝතලේ ඉවරම කරලා....
    රේසර් දෙකකින් රැව්ලත් කපලා...
    සැන්ට් එකේ මූ පතුලට බැහැලා.....:baffled:

    කලිසම අරගෙන ටැග් කඩලත් නැති...
    ශර්ට් එකත් පෙට්ටියෙං අරං එති.....
    අයන් කරයි කෝලමින් ගෙදර ඇති..
    පුටු මේසත් අද මූට හිනා වෙති.....:rofl::rofl:

    මේ විදිහට සැරසෙන අපෙ කොල්ලා...
    සපුමල් කුමරුන් හැඩ ගත් ඉල්ලා......
    කසාදයක් කරගන්නට කියලා........
    මව් පිය දෙන්නම ඔන්න බය වෙලා.....
    8.gif


    ගෙදරින් ශේප්මන්ට් එක ලබමින්නේ....
    ෆුල් කිට මරලයි පාරේ යන්නේ.......
    ‍මොනරු තුන් දෙනෙක් කරකවමින්නේ...
    ටැක්සියකට අත පාමින් ඉන්නේ.......:cool:

    පුස්තකාල අඩවියටයි යන්නේ...:rolleyes:
    නෑ නෑ ඒකත් පහු කර යන්නේ...:no:
    කොහෙන්ද මන්දා මූ නවතින්නේ...:oo:
    පාක් එකට නේ කොල්ලා යන්නේ
    :rolleyes::cool:

    කොන්ඩෙ ටින්ට් කරලා කොට කරලා...:dull:
    දනිස්සෙනුත් උඩ සායක් ඇදලා...:dull::baffled:
    ඒකත් තව උඩ යන්නට පලලා....:P:love:
    කෙල්ලෙක් එනවා කොල්ලා බලලා...:cool:

    වයි මයි සුවිට් හාට් යූ ආර් ලේටිං.....
    එපා වෙලා මට වීලා වේ ටිං.....
    බලන්න මගෙ හැටි ‍මේකප් ඊටිං
    යන්නෙ නැද්ද අද පාකින් වෝකින්...:rolleyes:

    පාක් එකේ අද ජෝඩු හැංගිලා.....
    මොනවා කරනවද අහු මුලු හොයලා....
    ඇතුලට යන්නේ වටපිට බලලා...
    එලියට එන්නේ මූන රතු වෙලා...:baffled::dull:

    ලෙට්ස් ගෝ ඩාලිං එම් සී පැත්තේ....
    වැලන්ටයින් අද ඇයි සිහි නැත්තේ....
    හානේ ඇත්තද මතකත් නැත්තේ...
    කෝ එහෙනං මට මොනවද ගත්තේ.... :rolleyes::baffled:

    ගන්න තමයි මේ එක්කන් යන්නේ....
    ඇයිද පයිං මේ ටැක්සිය ගන්නේ.....
    මගෙ සුදු මැණිකට මොනවද ඕනේ...
    පණ ඉල්ලන්නකො ඒකත් දෙන්නේ....

    ෆුල් හොල්මං අද එම් සී පැත්තේ....
    වැලන්ටයින් ඩෙකරේටිං ඇත්තේ...
    ගිෆ්ටින් අයිටම් ලාබම නැත්තේ...:oo:
    මට හරි ආසයි ..යං ඒ පැත්තේ...:baffled:

    ඕ මයි ගොඩ් මේ බලන්න ඩාලිං...
    ලව්ලි ටෙඩී හරි කියුට් මේක නං.....
    ශැල් අයි ගෙට් ඉට් කෙල්ල ආස්කිං...
    ශුවර් ශුවර් මයි ස්වීට් හාට් ටේක් ඉට්....:rolleyes::baffled:

    බලන්න හරි ලස්සන මේ ගවුම....
    යාරෙට මහලා බාගෙට පැල්ම.....
    ආසයි ගන්නට මේකත් දැන්ම...
    මේකත් ගත්තා ගෙවන්න ඔන්න......

    වැලන්ටයින් ඩේ සෙලිබ්‍රෙට් වෙන්නේ....
    දන්නෙම නෑ දැං දවල් වෙලානේ....
    අයි ඈම් හංග්‍රී ඉන්නම බෑ නේ....
    කොහෙන්ද අපි අද ලන්ච් එක ගන්නේ...:baffled:

    පීට්සා හටි එකටයි දැං යන්නේ...
    කන්න බැරි උනත් ගොඩ ගොඩ ගන්නේ...
    වටේ ඉන්න උං හොල්මං වෙන්නේ...
    කොල්ලගෙ පර්ස් එකටයි කෙල වෙන්නේ....:baffled:

    කාලා බීලා එළියට එන සද....
    කොල්ල අහයි අපි මූවිස් බලමුද....
    අනේ බෑ ඩියර් හරිම ටයඩ් අද....
    මාව ගේ ලගින් ඩ්‍රොප් එක දෙනවද ?

    ලස්සන දවසකි ගෙවිලා යන්නේ...
    වැලන්ටයින් යයි නමකි කියන්නේ....
    තෑගි තෑගි තව මොනවද ගන්නේ....
    නැද්ද ඔයා මට මොනවත් දෙන්නේ ? :rolleyes:

    අනේ ඩියර් නෑ අමතක වෙන්නේ....
    මෙන්න මගේ ගිෆ්ට් එක පිලිගන්නේ....
    මගේ අතින්මයි එය නිමැවෙන්නේ.....
    කාඩ් එකකි කොල්ලාට ලැබෙන්නේ....

    මාස ගනං මූ හම්බ කරපුවා.....
    ඕටී කරගෙන වැඩි වැඩි කෙරුවා....
    බැංකුවෙ දාගෙන පොලියත් ලැබුවා....
    අන්තිමෙ ඔක්කොම මේකිට පිදුවා....

    වැලන්ටයින් කොල්ලනි අහගන්නේ....
    කෙල්ලො ඔහොමමයි උඹ රවටන්නේ....
    කල දැක පමණට වැඩ කරපන්නේ....
    ලව් එක ගානට කරගෙන යන්නේ.....
    :yes::yes::cool:!
     
    Last edited:

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    වැලන්ටයින් කොල්ලනි අහගන්නේ....
    කෙල්ලො ඔහොමමයි උඹ රවටන්නේ....
    කල දැක පමණට වැඩ කරපන්නේ....
    ලව් එක ගානට කරගෙන යන්නේ.....

    hahahah patta...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වැලන්ටයින් දවසේ
    අලුත් බාර් එකක් ඔන්න ඇරේ
    අපි සැම එක් වී මෙදා සැරේ
    ජොලියක් දාමු රිසි සේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට‍යි සංක‍යෝ..... සුපිරි‍යි.....:cool::cool::cool:

    උඹට ලඟදි රෙප් දීලලු බන්.....
    :dull::dull::dull: