එක් මවුස් එකකින් හා යතුරුපුවරුවකින් පරිග
බොහෝවිට Graphic Designing වැනි වෘත්තීයක නියැලී සිටින අවස්ථාවකදී මෙය වඩා හොඳ පහසුකමක් වනු ඇත. මෙය කිසිදු ගෙවීමකින් තොරව වින්ඩෝස් සමඟ භාවිත කළ හැකි මයික්රෝසොෆ්ට් මෘදුකාංගයක් වේ.
ඔබ අසල තවත් පරිගණක කිහිපයක් තිබේ නම් මෙම අත්දැකීම විඳගන්න.
එම මෘදුකාංගය මෙම සබැදියෙන් ලබාගන්න.
http://www.microsoft.com/en-us/download/details.aspx?id=35460
ඔබ අසල එකට එකතුව වැඩකරන මිතුරාගේ පරිගණකයේ ඇති ගොනුවක් ඉල්ලා ගත්තේ කෙසේද?. ඔහුට පෙන්ඩ්රයිව් එක ලබාදී එම ගොනුව එහි ගබඩා කරවා ගැනීමෙන් එසේත් නැතිනම් ඔහු ලවා නෙට් වර්ක් එකෙහි තෝරාගත් ෆෝල්ඩරයක ගොනුව ගබඩා කොටගෙන ඔබ විසින් එය ලබාගන්නට ඇත. නමුත් ඔහු වැඩ කරමින් සිටින ගොනුවක කොටසක් copy කොට ඔබ සකසන ගොනුවකට Paste කරගත හැකිද? එම හැකියාව ඔබට නැත. නමුත් ඔබ විසින් Mouse without borders මෘදුකාංගය ස්ථාපිත කරගත් පසුව ඔබ ලඟ තිබෙන පරිගණක හතරක් ඔබට රිසි පරිදි පාළනය කිරීමේ හැකියාව ඔබට ලැබේ. මෙහිදී වෙනත් පරිගණක තුනක ගොනු Drag & Drop කිරීමේ හැකියාවද ඔබට හිමිවේ. ඔබ බොහෝවිට එක සමාන වෘත්තීයක නියැලී සිටින පුද්ගලයන් කිහිපදෙනෙකු හා එක ලඟ වැඩක නියැලී සිටී නම් මෙම පහසුකම වඩා හොඳ අත්දැකීමක් ලබාදෙනු ඇත.