පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැලුම්
හද සන්තානේ සදා සරනා ආයාචනා සුසුම්
නුරාගික පැතුම් පිපාසිත සිතුම්
මන මන්දිරයේ කලාලය මත මී අමා බඳුන්
නියාළුව හදින් පියා නෙතු පියන්
යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින්
මුදා නිදි දැහැන් එබී ලෙන් දොරින්
අරාජිත පරාදීසය සොයා එමි සිතින්
පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැලුම්
හද සන්තානේ සදා සරනා ආයාචනා සුසුම්
නුරාගික පැතුම් පිපාසිත සිතුම්
මන මන්දිරයේ කලාලය මත මී අමා බඳුන්
අරා සිරියහන් නිදා වැතිරෙමින්
සරා සලෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින්
සුරා මල් පැණින් පොඟා යුග ලවන්
පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්
පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැලුම්
හද සන්තානේ සදා සරනා ආයාචනා සුසුම්
නුරාගික පැතුම් පිපාසිත සිතුම්
මන මන්දිරයේ කලාලය මත මී අමා බඳුන්