හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    බොහෝ සබදතා ගැහැණිය විසින් අවසන් කිරීමටත්, පිරිමියා සිදුවුයේ කුමක්දැයි විශ්මයට පත්වීමටත් හේතුව එය නොවේද? එසේම එම වෙන්වීම මෘදු ආකාරයෙන් කිරීමට මෙන්ම භාරගනීමටද ගැහැණිය දනියි. වෙන්වීමේ ලිපිය අවසන් කරමින් සදාකල් ආදරය කරන බව ලිවීමටද ඇය අමතක නොකරයි.



    ප.ලි:

    මෙය නම් මා සටහන් කල යුතුමය. ස්භාවධර්මය කුමන කූට උපක්‍රම යෙදුවත්, විද්‍යාව කුමන තර්ක ගෙනාවත්, මිනිසා යනු පෘතුවෙයේ සිටින බුද්ධිමත්ම සත්වයාය. මිනිස් බුද්ධියට කල නොහැක්කක් නොමැත. අද ඔහු විසින්
    ස්භාවධර්මයද පාලනය කරයි. සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුධත්වයට පත් තථාගතයානන් වහන්සේ ලොවට පෙන්වා දුන්නේ සිතුවිලි පාලනය තුලින් දුකින් මිදීමේ මාර්ගයයි. එනිසා ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවය හැගුම් වලට/සිතට පමණක් වහල් නොවී තම බුද්ධිය, ස්වයංතර්කයෙන් මෙහෙයවා කටියුතු කිරී තුලින් මෙවන් ගීතයක් ඔබේ මුවින් පිට නොවීමට වග බලාගන්නේ නම් මැනවි.:yes::yes::yes:
    ජීව විද්‍යාව ද, ලෞකික සත්තතාවයද එක් කොට කළ මෙතරම් මනරම් සහ හරබර ලියවිල්ලක් අතුරු දැළෙහි දී දුටුවාමය......
    ඔබ දිගටම ලියනු දැකීම සතුටකි........
    එය මෙය කියවන ගී සා පිපාසා ඇති උන්ට දිය බිදක් ම වනු ඇත.......
    රේඩියෝවයි මේකයි ... රස්සාවයි ඔක්කොම අමාරුයි බන්....

    රේඩියෝවද මේකද දෙකෙන් එකක් තෝරගන්න කාලය ඇවිත්වගේ....
    මේක කවදහරි වැදගත්වන්න පුළුවන් කාටහරි... ඒ නිසා මේ දිහාට තමයි වැඩි හිත...:dull::dull:
    හපොයි ඒ ගැන කීම කවරේද? මේ දවස් ටිකම අදින්නේ සහායිකාවක් නැතුව.......
    එපා වී ඇත........
    ඔබ සේ මැ මටද තීරණයක් ගැනීමට කාලය එළැඹ තිබෙන බව සිතේ...............
    මෙය ලිවීම වඩා යහපත් බව සිතමි............

    :frown::frown::frown::frown: මරාගෙන් මැරෙනව යකොව්
    ඇවිත්.......!!!:D
     
    • Like
    Reactions: sayu11111

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ජීව විද්‍යාව ද, ලෞකික සත්තතාවයද එක් කොට කළ මෙතරම් මනරම් සහ හරබර ලියවිල්ලක් අතුරු දැළෙහි දී දුටුවාමය......
    ඔබ දිගටම ලියනු දැකීම සතුටකි........
    එය මෙය කියවන ගී සා පිපාසා ඇති උන්ට දිය බිදක් ම වනු ඇත.......

    හපොයි ඒ ගැන කීම කවරේද? මේ දවස් ටිකම අදින්නේ සහායිකාවක් නැතුව.......
    එපා වී ඇත........
    ඔබ සේ මැ මටද තීරණයක් ගැනීමට කාලය එළැඹ තිබෙන බව සිතේ...............
    මෙය ලිවීම වඩා යහපත් බව සිතමි............

    ඇවිත්.......!!!:D
    oyata nam dan me patta pennema nane :dull::dull:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සොයුර... ඔබගේ පැනයට සාධාරණයක් ඉංග්‍රීසි භාෂාවෙන් නම් ඉෂ්ඨ කිරීමට මා හට නම් නොහැකිය. පළමුව ඒ වෙනුවෙන් ඔබගෙන් සමාව ඉල්ලමි. මේ මොහොතේ මා හට තරමක් වෙහෙසය. නමුත් ඒ වෙහෙස නිවාගනු වස් මෙසේ ඔබට මා දන්නා අයුරින්, මේ අවස්ථාවේ මා සිතට නැගෙන අදහස් මෙසේ සදහන් කරමි.

    කුඩා කල පටන් අපගේ වීරයා වුයේ දුටුගැමුණු රජුය. අප ඉතිහාස පොත් ඊට සාක්ෂි දරනවා ඇත. මහා වංශය, දීපවංශය, ථූපවංශය හොදම නිදසුනය. පර සතුරු (සොලී) බලවේග වලින් රට මුදවා ශ්‍රී ලංකාව එක් සේසත් කල ගැමුණු රජු, තමාට යුද්ධයට උපකාර කල කතරගම දෙවියන්ට බාරයක් වෙයි. ඒ අනුව ඌව පලාත කතරගම (කතරගම දෙවි) රජු නමට පවරා, ඔහු නමින් වැඩහිටි කන්දේ දේවාලය තනයි. අනතුරුව රුවන්මැලි මහා සෑය තනවන රජු ස්වර්ණමාලී සෑය ලෙස නම් කරයි.

    දුටුගැමුණු රජතුමන් විසින් රුවන්වැලි මහා සෑය ඉදිකිරීමට නියමිත භූමියෙහි විශාල ලෙස වැඩී තිබූ තෙලඹු ගසක්‌ විය. මෙම තෙලඹු ගස විමානය කොට ගෙන ස්‌වර්ණමාලී නමින් දේවතාවියක්‌ වාසය කළාය. රූස්‌ස ලෙස අතු පතර වැඩී තිබූ තෙලඹු ගස ස්‌වර්ණමාලී දේවතාවියගේ වාසස්‌ථානයවිය. මේ මහාථූපයේ බිම සැකසීම සඳහා තෙලඹු ගස කැපීමට සැරසෙන විට රජුට ස්‌වර්ණමාලී දේවතාවිය කන්නලව් කරමින් වැළපෙන්නට වූවාය. ඒ තමා අරක් ගත වාස භවන ඉවත් නොකරන ලෙස ඉල්ලමිනි.

    නමුත් තෙලඹු ගස ඉවත්කොට සෑ රජුන් ඉදිකිරීම අරබනු වස් එම
    තෙලඹු රුකෙන් ඉවත් ව යන ලෙසත්, නමුත් ඇගේ නම සදාකල් පැවැත්ම සඳහා, අලුතෙන් ඉදිකරන දාගැබ "ස්වර්ණමාලී චෛත්‍යය" නමින් නම් කරනු ලබන බවත් ඉතා හැගුම් බරව දුටුගැමුණු රජු විසින් ඉල්ලා සිටින ආකාරය ගැන කියැවෙන විශිෂ්ඨ ගීතයකි මෙම ගීතය. එහි පද අලංකාරයන් සහ පණ්ඩිත් අමරදේවයන්ගේ මදුර මනෝහර හඩ මා හට නම් ඇතිකරවන්නේ අති මහත් බුද්ධාලම්බන ප්‍රීතියකි.

    32843663.jpg


    ඔබේ නමින් සෑය බඳිමි විමානයෙන් බසිනු මැනවි
    ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ

    උණා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසීයේ
    නගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ
    වනා ලමැද කිණිහිරි පෙති රත්නතිලක පැලදි ලියේ
    සිනා සිසි විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

    අතේ ගිගිරි නාද සලඹ නුරා හඬින් හඬන ලියේ
    කරේ පද්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ
    කනේ තෝඩු මිණ ඝන රන් මූණ ‍ඔපය කරන ලියේ
    පමා නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

    බාල චන්ද්‍ර පටුනලලත අලක පඬුන් රඟන ලියේ
    ආල වඩන දන්ත කැකුළු කුන්ඩ සමන් පිපෙන ලියේ
    දෑල දෑත ස්වර්ණදාම පාන හඬට සැලෙන ලියේ
    කෝල නොවී විමානයේ බසින්න ස්වර්ණමාලියේ



    ඔබ යම් දිනක පුරාණ සිව්පද සංග්‍රහය කියවා ඇත්නම් ඔබගේ මතකයට "ස්‌වර්ණමාලී දෙව්දුවගේ ශෝකාලාපය" වහාම පැමිණෙනු ඇත. මා ඉන් කවි දෙකක් පමණක් මෙහි සටහන් තබන්නෙමි.

    රජු:
    නුරාවයස හිමි හට කල් බැන්ද ලියේ
    දරානිම වන්ට බැරි කඳුළු වැගිරියේ
    සිතුවට මෙගැන දොස්‌ නැත ස්‌වර්ණ මාලියේ
    මතුවට පවතින්ට දාගැබ බදිමු ලියේ

    දේවතාවිය:
    අගේ වඩන රන් තෙලෙඹුව කපති ලොබා
    දගේ නොවෙයි මහරජ නොසිතන්න සුබා
    ගඟේ වතුර ලේ කරගෙන බොමිනි සුබා
    මගේ නමට බදිනෙඳ ඔබගේ දාගැබා

    ඉහත ගීතයේ පද වැල මහගම සේකරයන්ගෙනි. එසේම ගීත රචනාවෙහි සේකරයන් ගේ භාෂා භාවිතය පිළිබඳ සලකු විට
    ගීතයට උචිත වටපිටාවට අනුව පද ගැළපීමට ඔහුට තිබුණු මනා හැකියාව මොනවට පැහැදිලිවේ. “ආලවඩන දන්ත කැකුළු කුන්ද සමන්”, "වනා ලමැද කිණිහිරි පෙති රත්නතිලක පැලදි ලියේ" මෙන්ම "කරේ පද්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ" යන කොටස් තුල සියුම් ශෘංගාරයක් ගැබ්වී ඇති බව මගේ හැගීමයි. ඔබ මීට සති කිහිපයකට පෙර එළකිරි රේඩියෝව තුලින් මහගම ශූරීන් අනුස්මරණය සදහා ගෙන එනු ලැබූ "සසල හද විල් තෙර" දෙපැය ශ්‍රවනය කළා නම් මේ නොමියෙන කලාකරුවෙකු වන සේකරයන් ගේ අපූර්වත්වය පිළිබද දල අදහසක් ලබා ගැනීමට ඔබට තිබු අවස්තාවක් මගහැරී ඇති බව නම් මට හැගේ.

    අමරදේව සහ මහගම සේකර සුසංයෝගය එකල හැඳින්වූයේ ගී පොතයි-මී විතයි යන ප‍්‍රකට උපමාවෙනි. අමරදේව ගී පොත නම් මහගම සේකර මී විතය. අමරදේව ගයන බොහෝ ගීතයන් රචනා කර ඇත්තේ මහගම සේකරයන් වීම ඊට හේතුවයි.


    මා සිතනවා ඔබට යම් සාධාරණ පිළිතුරක් ලැබුනා කියා... ස්තුතියි:D
    mahath se pin maa meya nodanaun karunaki :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    oyata nam dan me patta pennema nane :dull::dull:
    පේන්නෙ නෑ නෙවෙයි බං.......:dull:
    තනියම මේ දවස් වල අදින්නේ....මගේ ඇසිස්ටන්ට් කොන්ද කඩං........:oo:
    මේ දවස් වල ජීවිතේ...පොහ්...ඕනෙම නැත........

    ආතතියට කූර්ය ගහයි ද මංදා.............:dull::dull:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පේන්නෙ නෑ නෙවෙයි බං.......:dull:
    තනියම මේ දවස් වල අදින්නේ....මගේ ඇසිස්ටන්ට් කොන්ද කඩං........:oo:
    මේ දවස් වල ජීවිතේ...පොහ්...ඕනෙම නැත........

    ආතතියට කූර්ය ගහයි ද මංදා.............:dull::dull:

    ban :oo::baffled::dull::dull::eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පේන්නෙ නෑ නෙවෙයි බං.......:dull:
    තනියම මේ දවස් වල අදින්නේ....මගේ ඇසිස්ටන්ට් කොන්ද කඩං........:oo:
    මේ දවස් වල ජීවිතේ...පොහ්...ඕනෙම නැත........

    ආතතියට කූර්ය ගහයි ද මංදා.............:dull::dull:
    කිඹුලයියා සයෝ ගෙ බුදු ෆිට් එකක් වගේ :rofl:
     

    faiyya

    Member
    Feb 15, 2013
    7
    1
    0
    ඔන්න මාත් සෙට් උනා. කියන්න වචන නැ මේ නුල ගැන. අසාවෙන් කියවනවා. හැබැයි තාම සුන්දර ගීයක ඇරබුම 1 යන්නේ :rofl: ලගදීම කියවල ඉවර කරනවා. දිගටම කරගෙන යන්න. :D
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    0003jba.jpg



    "ගල් ලෙන බිදලා ලෙන් දොර ඇරලා


    සිංහබා සිංහබා සිංහබා"
    මේ ඔබ සැම අසා ඇති ප්‍රචලිත වේදිකා නාට්‍යක ගීතයකි. මෙම වේදිකා නාට්‍ය මුල්වරට වේදිකාගත කරන ලද්දේ 1961 වසරේ සැප්තැම්බර් මස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එළිමහන් රගමඩලේදීය.

    නාඩගම් වැනි ගීත නාටකයක් නරබා ගැබුරු රසයක් විදුමට නම් ප්‍රේක්ෂකයින් තුල භාෂාව සම්බන්දයෙන් පමණක් නොව, සංගීත රසාස්වාදය සම්බන්දයෙන්ද මනා දැනුමක් තිබිය යුතුය. ඒ ගීත නාටක වල අවස්ථාවන්ට උචිත රසය උද්දීපනය කිරීම සදහා භාෂාව මෙන්ම සංගීතයද උපයෝගී කොට ගන්නා හෙයිනි.

    ey1.jpg


    ප්‍රිය සොයුර, සොයුරිය ඔබ ජීවිතයේ කිනම් හෝ දවසක සිංහබාහු නාට්‍ය නරබා තිබේද? එවන් වූ විශ්ෂ්ඨ නිර්මාණයක් ඔබ නරබා නැතැයි මා නොසිතමි. මේ හූයට අමුණන මෙම “ගල් ලෙන බිදලා” ගීතය මගේ කෝණයෙන් බැලීමට පෙර මේ නාට්‍ය ගැන කෙටි විස්තරයක් ඉදිරිපත් කිරීම කාලෝචිත යයි මම සිතමි. එය ඔබට එම ගීතයේ උපරිම රසාස්වාදය විදීමට උත්ප්‍රේරකයක් වන මව මගේ හැගීමයි. මහාචාර්ය සරත්චන්ද්‍ර වැනි ශේෂ්ඨ පඩි රුවනකගේ නිර්මාණයක් සදහා විචාරයක් ලිවීමට මා මුහුකුරා නොමැත. යම් වරදක් ඇතොත් ගරු සරත්චන්ද්‍රයන් දහස් වාරයක් මා හට සමාවනු මැනවි.

    වර්තමාන අධ්‍යාපන පෙළපොත් ගැන මාගේ දැනුම ශුන්‍යය. නමුත් යමෙක් අනූව දශකයේ හෝ ඊට පෙර අවදියේ සාමාන්‍ය පෙළ/උසස්පෙළ හැදෑරුවෙක් නම් සිංහබාහු නාට්‍ය රචනය කිරීම සදහා ඇසුරු කොට ගත්තා වූ කථා පුවත හුරු පුරුදු වුවක් වනු ඇත. කිරම ධම්මානන්ද හිමියන් විසින් (1820) රචිත “සියබස් මල්දම” කථා කාව්‍ය මෙහි වස්තු බීජය සපයයි.

    උක්ත නාටකයේ හරය ගොනුවී ඇත්තේ ප්‍රධාන කාරනා සතරක් මතය.

    • සුප්පා දේවිය රාජ මාලිගය හැරපියා වනයට යාම,
    • සිංහබාහු පියාගේ ලෙන හැර යාම,
    • සුප්පා දේවිය ඔහු සමහ පිටව යන්නට තීරණය කිරීම
    • සිංහබාහු තම පියා මරන්නට ඉදිරිපත් වීම යන කරුණුය.
    සිංහබාහු කථාවේ හරය වශයෙන් ප්‍රේක්ෂකයාට ගත හැක්කේ එහි ප්‍රධාන පාත්‍රයන් වන සිංහයා, සුප්පා දේවිය හා සිංහබාහු යන මේ තිදෙනා අතර හට ගන්නා ඝට්ටනය හේතුකොට ගෙන පැන නගින පීඩනයයි. වර්ෂ 1961 දී මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ ප්‍රඥාවට ගොචරවූ මේ සමාජ යතාර්ථය මා සිතන්නේ එදාටත් වඩා අදට ගැලපෙන බවයි. වර්තමානයේද ලොව ඇති සෑම දුකක්ම, සෑම විපතක්ම හට ගන්නේ කාම තෘෂ්නාව නිසාය යන දර්ශනය මාද විශ්වාස කරන නිසා මදක් සුප්පා දේවිය විග්‍රහ කරමි.

    සියබස් මල්දම තුල සුප්පා දේවිය නිරූපණය කරන්නේ රාගාධික ස්ත්‍රියකගේ චරිතයයි. ඇය රාජ මාලිගය හැර යන්නේ කම් සැප ලොබිනි. නමුත් සරත්චන්ද්‍රයන් ඇය දකින්නේ වෙනස් ආකාරයකටය. කතාවේ ආකාරයට ස්වෛරී ක්‍රියාවකට ඈ පොලබවන්නේ චගු රජුගේ නකත්කරුවන් බව පැහැදිලිය. ඇගේ සිරුරේ ලකුණු බලා ඈ සිංහයෙකු සමහ පැන යන බව ඔවුහු පවසති. මේ කියමන අදහන රජු ඇය එක් ටැම් ගෙයක දමා සිරකර ගෙන තබති. සුප්පා දේවියට පස් කම් සැප ගැන පළමු වරට දැන ගන්නට ලැබෙන්නේ ඇගේ යෙහෙලියන්ගෙනි.

    යහළු ලියන්ගේ ඇසු කල පස්කම් රස වෙසෙ සා
    සියලු ගතෙහි අවිලී ගිය රාග ගින්න නොල සා

    මේ සියල්ල වර්තමානයටද පොදුය. නව යොවුන් වියේ සිටි ඈ තුල මෙවැනි හැගීම් පහල වීම පුදුමයක් නොවේ. සහජයෙන් පැන නගින එබදු ආශාවන් ඈව එක් ටැම් ගෙයක සිරකරගෙන සිටීම නිසා තවත් උග්‍ර වන්නට ඇත. ඔද්දල් වූ තම සිත ප්‍රේමය නමැති රසදුන ගලවා නිවා සනසන්ට තැත් කරන්නීය. ගරු සම්මාන, වස්තු භෝග සියල්ලම අලුයම ලූ කෙල පිඩක් සේ හැර දමා ස්වකීය පුත්ගල සන්තුෂ්ඨිය සොයමින් ඈ රාජ මාලිගාවෙන් පිටව යන්නීය. සමාජය විසින් අගය කොට සලකනු ලබන දේ ඈට පෙනෙන්නේ නොවටිනා අරමුණු ලෙසය.

    අවසානයේදී සුප්පා දේවිය සිංහ රජු සමග වනයේ වාසය කරමින් දරුවන් දෙදෙනෙකු වදයි. සිංහයාද සුප්පා දේවිය පැහැර ගෙන යන්නේ කාමය නිසාය. සිංහයාට මිනිස් කාන්තාවක් කෙරේ ආලය උපන්නේ කුමක් නිසාද? එය හුදෙක් මිනිස් කතක් සමග සමහන් සුවය විදීමේ අසාවෙන්ද? සිංහයා නිසා දරුවන් දෙදෙනෙකු ලබූ සුප්පා දේවිය ඔහු එතරම් පහසුවෙන් දමා යන්නේ කෙසේද? ඒ සියල්ල මෙහි සටහන් තබනු බැරිය.

    "ගල් ලෙන බිදලා ලෙන් දොර ඇරලා
    සිංහබා සිංහබා සිංහබා"


    “මා සොදුර මා සොදුර මා සොදුර
    සිංහ සීවලී මා ප්‍රිය දියණිය
    ගල් ලෙන බිදලා ලෙන් දොර ඇරලා
    ගොසින් හැමදෙන නැතේ කිසීවෙක්
    මම දන ගතිමි මම සැක කලෙමි
    සිංහබා සිංහබා සිංහබා
    ලෙන තුල නොවෙති පෙරලා නොඑති
    මම දන ගතිමි මම සැක කලෙමි”

    "සුරතල් දියණිය මොළ කැටි වදනින්
    මා සනසන්නිය අහර පිසන්නිය
    කවන්නිය පොවන්නිය මා ගැන බිය වන්නිය
    වනයේ දුකක් විද
    අසන්නිය සොයන්නිය
    ඈත් ගොසින්ය”

    “ඇයි සුදු දියණිය නුබවත් නොසිටියේ
    සොහොයුරා නම් ඕලමොල ගති ඇත
    නුබ මෙන් මුදු නැත
    ඔහුගේ අණටද කීකරු වුයේ
    පෙරලා එන්නේද ඔහුගෙන් ගැලවී”



    සිංහබාහු නාට්‍ය තුල ගැබ්ව තිබෙන අප කවුරුත් අසා ඇති මෙම ගීතය පීතෘ සෙනෙසහ මොනවට නිරූපණය කරන කදිම නිර්මාණයකි. දරු සෙනෙහස ඉහවහ ගිය පියෙකු, තම දරුවන්ගේ වියෝවීම නිසා හටගත් වේදනාව කියාපාන මෙම ගීතය ව්ග්‍රහ කර බලමු. මෙහි ගී තනු නිර්මාණය එච්. එච් බණ්ඩාරයන් විසින් සිදුකර ඇත. ගායනය ජයසිරි චන්ද්‍රජිත් මහතා විසිනි.

    “මා සොදුර මා සොදුර මා සොදුර
    සිංහ සීවලී මා ප්‍රිය දියණිය
    ගල් ලෙන බිදලා ලෙන් දොර ඇරලා
    ගොසින් හැමදෙන නැතේ කිසීවෙක්
    මම දන ගතිමි මම සැක කලෙමි
    සිංහබා සිංහබා සිංහබා
    ලෙන තුල නොවෙති පෙරලා නොඑති
    මම දන ගතිමි මම සැක කලෙමි”

    පියෙකු නිවසේ දරු දැරියන් අතරින් වැඩිපුරම ආදරය කරන්නේ දියණියටයි. එය ස්භාවික සන්සිද්ඩ්යකි. එමෙන්ම වැඩිමනක් ගැටුම් ඇතිකරගන්නේ ද පුතුන් සමගය. කාලාන්තරයක් පුරා පැවත එන මෙම ස්භාවික ඝට්ටනය ජීව විද්‍යාත්මකව මෙන්ම සමාජ විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීමට අධික ආශාවක් ඇතත් එය රසයට බාධාවක් වන නිසා නවතිමි.

    උදෑසනම වනයට පිටත්ව ගිය සිංහයා පැමිණෙයි:

    “මා ප්‍රිය පුත්‍ර සිංහබාහු මා බැහැ දකින්නට කුමක් හෙයින් නොපැමිණෙන්නේද සොදුර?”

    සුප්පා දේවිය:

    “දුවනියනි, නුබ පියාණන් පෙරලා පැමිණි වග කියා සොහොයුරා කැදවා ගෙන එව.”

    මෙය අදටද වලංගුය. තුන්වේල සවි කරන පියාණන් නිවසට ගොඩවදින විට දියණිය මුලින්ම ගොස් පියා පිළිගන්නා අතර බිරිද ද හනි හනික ඔහු වෙත යයි. නමුත් පුතුන් එය එතරම් බැරෑරුම් කාර්යක් ලෙස නොසලකයි. තම කාර්යයේ දිගටම නියැලෙයි. නමුත් සරත්චන්ද්‍රයන් කියන්නේ වන මෘගයෙකු වුවද, පියෙකු ලෙස දියණිය මෙන්ම පුතුන්ගේ ද පැමිණීමද ඔහු බලාපොරොත්තුවන බව නොවේද? මේ යතාර්ථය දකින්නට ඔබ පීතෲත්වය ලබන තෙක් සිටින්නේද සොයුර... එදිනට ඔබ බොහෝ ප්‍රමාද බව නම් නොකියාම බැරිය.

    සිංහයා:

    කිම් ද පුතණුව විගස නාවේ
    මා දකින්නට පුරුදු පෙර සේ
    නුබ නොදක මා හද තබුරු වන
    වේය මුකුලිත හිරු නුදුටු සේ

    සිංහයා මෙහි නිරූපණය කර ඇත්තේ මධ්‍යම පංතියේ පියෙකු වශයෙනි. තම දු දරුවන් හට ඉදුම් හිටුම්, කෑම-බීම ආදිය සපයා දෙන පියා සිතන්නේ ඔවුන්ට වෙන උවමනා කම් නැතැයි කියාය. එහෙයින් ඉදුම් හිටුම් මෙන්ම අබුවන් හා සැමියන් ඔවුන්ට සපයා දෙන්නට ඔහු තැත් කරයි. තමා සපයන ඉදුම් හිටුම් මෙන්ම මේ දේ ද ඔවුන් පිළිගත යුතුය. මේවා ප්‍රතික්ෂේප කළ හොත් ඔහු මහත් සිත් තැවුලට පත්වේ. නමුත් කිසියම් සැකයක් ඔහුගේ සිත තුල නොතිබුනා නම් නොවේ.

    සිංහයා (තාත්තා) මෙවැනි මොහොතක් බලාපොරොත්තුවෙන් සිට ඇත. “මම දන ගතිමි මම සැක කලෙමි” යැයි ඔහු පවසන්නේ මේ නිසාය. එහෙත් ඔහුතමා අතහැර දියණියද පිටමං වනු ඇතැයි නොසිතන්නට ඇත. ඔහුගේ හදවත ලසෝ ගින්නෙන් දැවෙන්නේ එබැවිනි.

    සුරතල් දියණිය මොළ කැටි වදනින්
    මා සනසන්නිය අහර පිසන්නිය
    කවන්නිය පොවන්නිය මා ගැන බිය වන්නිය
    වනයේ දුකක් විද
    අසන්නිය සොයන්නිය
    ඈත් ගොසින්ය”

    පෙර දිනක සිංහ සීවලී:

    “උදෑසනම වනයට පිටත්ව ගිය ඔබ තුමන් හට බොහෝ වෙලා ගත විය, පියාණෙනි, ඔබතුමා පෙරළා පැමිණෙන තුරු මම බියෙන් සිටියෙමි. ඔබ තුමාට කිසි දුකක් නොවීද ?

    සිංහයා:

    ලෙසේ ම වෙමි මම වනයේ සක්විති
    කෙසේ ද වනුයේ මා හට පීඩා
    තොසේ සිතින් මා සුරතල් දියණිය
    මෙසේ නොවන් කිසි බිය මා නැති කල

    දියණියට ඉතින් සිය පියා හැර තවත් වීරයන් සිටීද? ඇගේ ලෝකයේ එකම වීරයා සිය පියාණන්ය.. මෙවන් වූ දෙබස් මා නම් අනන්තවත් අසා ඇත. තවමත් අසන්නෙමි.

    එසේ ඔහු පන මෙන් ආදරය කල දියණිය වෙන්ව යාම ඔහුට වවා ගත නොහැක, දියණියට මා කුමන වරදක් කලේද? අප ආදරයෙන් සිටියා නොවේද? නපුරු සතුන්ගෙන් ආරක්ෂා කර ගනිමින් (පියෙක් සිය දියණියට ලබාදෙන සුරක්ෂිත භාවය මින් අදහස් කෙරේ) නරකින් සිය පවුල මුදවා ගනිමින්ද තමන් කොතරම් යහපත් ලෙස පවුල ආරක්‍ෂා කළා නොවේද? එසේ නම් මෙවන් කරදරයක් වුයේ මන්ද? ඔහු වර්තමාන සමාජයේ පියෙකු මෙන්ම සිය දියණියගෙන් මෙලෙස ප්‍රශ්න කරන්නේ එබැවිනි.

    “ඇයි සුදු දියණිය නුබවත් නොසිටියේ
    සොහොයුරා නම් ඕලමොල ගති ඇත
    නුබ මෙන් මුදු නැත
    ඔහුගේ අණටද කීකරු වුයේ
    පෙරලා එන්නේද ඔහුගෙන් ගැලවී”

    සිංහයා (තාත්තා) ගේ හදෙහි කොනක පැලපදියම්වූ පුංචි ප්‍රාර්ථනයක් වේ. එනම් සිය දියණිය ඒ මොහොතේ කල හැකි අන් කිසිවක් නොවුයෙන් තම වැඩිමහල් පුතුට කීකරු වූ නමුත් පසුව හෝ තමා වෙතට පෙරලා එනු ඇති බවයි. එහෙත් සිංහයා (තාත්තා) ට දියණිය පිළිබද ප්‍රශ්නයක් වේ. එනම් සිය පුතු හැගීමට වහල් වුවෙකු මුත් දුරඅවබෝධය නොමැති කෙනෙකු නමුදු දියණිය එසේ වුයේ මන්දැයි යන්නය. සොහොයුරා පිළිබදව දැන දැනම ඔහුගේ අණට කීකරු වුයේ මන්ද යන්නය. එනම් තමන් ආදරය කල දියණියට හෝ දුරඅවබෝධය නොතිබුනේද යන්නයි. වර්තමානයේද පියවරුන් පෙළන්නේ මේ ප්‍රශ්නය නොවේද? ඒ හේතුවෙන් යලිත් මගේ සෙනෙහේ සොයා එනු මැන! සිංහයා පියා පතන්නේ එයයි.

    සිංහයා ප්‍රේක්ෂකයාගේ අනුකම්පාවට භාජනය වන්නේ ඔහුගේ අබු දරු ප්‍රේමය නිසාය. මේ අනුකම්පාව වඩාත් තියුණු වන්නේ සිදුවුයේ කුමක්දැයි සිංහයාට අවබෝධයක් නොමැති කම ප්‍රේක්ෂකයා දකින නිසාය. ඔහු අබු දරුවන් සොයා යන අතර ඔහු අතින් ගම රට වනසේ. මිනිස්සු ඔහු මරන්ට එයි. අබු දරුවන් සොයා යාම වරදක් දැයි ඔහු අසයි. විටක ඔහු සිතන්නේ නරයන් සිය අබු දරුවන් පැහැර ගත්තා කියාය. එසේ කල නරයෝම ඔහු මරන්ට එයි. මෙය මහත් අයුක්තියක් ලෙස ඔහු දකියි.

    සිංහබාහු නාට්‍යයේ සිංහයා චරිතය තුල සිටින්නේ සියලු සතුන්ට පොදුවූ පීතෘත්වය බැවු මා පවසන්නේ මේ නිසාය. කෙසේ නමුත් අප මෙතෙක් අවධානය යොමුකළේ මෙහි එක් පැතිකඩක් පමණි. දැන් අප සිංහබාහු චරිතය මෙවන් තත්වයකට ඇද වැටීමට හේතුව පිරික්සමු.

    සිංහබාහුගේ මව රාජ කුමාරියකි. එහෙත් මනුෂ්‍ය කාන්තාවකි. මෙහෙදී සරත්චන්ද්‍රයන් පෙන්වන්නට උත්සහ කරන්නේ සාම්ප්‍රධායිකත්වය සහ අලුත් ලෝකය එකිනෙකට වෙන්කර හුවා දැක්වීම බව මගේ හැගීමයි. සැබෑ යතාර්ථය වූ සිංහබාහුගේ මව රාජ කුමරියක් බවත්, සිංහබාහුගේ මුත්තනුවන් රජෙකු බවත් සිංහබාහු දැනගන්නේ ඔහුගේ මනසේ ක්‍රෝධ ගින්නක් ගොඩනගමිනි. එමෙන්ම ගල් ලෙනේ තව දුරටත් ලගින්නේ මන්දැයි යන්න ශේෂ කර තබමිනි. සෑම උදෑසනකම සිංහයා (තාත්තා) ලෙන් දොර වසා අහාර සැපයීම සදහා පිටවයයි. පිය-පුතු ගැටුම අරබෙන්නේ මෙතැනිනි. අලුත් ලෝකයට විවරවූ මාර්ගය ලෙන් දොරින් වසා දැමු පියා (සිංහයා) පිලිබදව සිංහබාහුට වෛරයක් උපදින්නේද මෙතැනිනි. ඔහු මවගෙන් මෙසේ අසයි.

    සිංහබාහු:

    මෑණියනි කීව ඔබේ බස් අසා
    සනිටුහන් කර ගතිමි
    නොපමාව යා යුතුය
    මේ ලෙනෙන් ඔබ දෙදෙන
    මා සමග යා යුතුය
    වන වාසේ හැර දමා
    නර වාසේ සොයමිනා
    අප දෙදෙන හට උරුමජීවිතය මෙය නොවේ

    සුප්පා දෙවි:

    මෙවන් බස් දොඩනු කීම
    ඔබ පියා හැර දමා
    යා හැකිද මේ ලෙනෙන්?
    අප නැතිව පියා ඔබ
    ළය පැලී යයි
    පුරුදු වූ වන වාසේ
    මෙහි සපත නොසෑහේද
    ඔබ පියා සමගිනා
    මෙතෙක් කල් වින්ද මා?


    තම ස්වාමියා හේ හෘද ස්පන්දනය බිරිදට හැර දරුවන්ට එය නොතේරෙන බව මින් මොනවට කියා පායි.

    සිංහ සීවලී:

    මා පියා හැර දමා
    යන්නේ අප කෙලෙසදෝ
    වලට ගොස් විඩාවී
    පැමිණි විට නැත කෙනෙක්
    අහර පිස දෙන්නටා
    හුදකලා මේ ලෙනේ
    ඉන්නේ ඔහු කෙලෙසදෝ
    නැද්ද වෙත පියාණන්
    ආදරේ ඔබ හදේ
    මෙවන් දේ කියන්ටා
    සොහොයුරනි පෙම්බරා

    කෙසේ වෙතත් අවසනදී මෙය ශෝකාන්ත නාට්‍යක් බවට පත්වන මෙය නිමා වන්නේ සිය පුතු අතින්ම සිංහයා (පියා) මරුමුවට පත් කරවමිනි. එහෙත් ඔහු එය කරන්නේ බලවත් අකමැත්තෙනි. එහෙත් ඔහුට නොකළ හැකි වන්නේ එයින් ජනතාව මරු මුවට පත්වීමේ අවදානමක් තිබෙන බැවිනි. එයින් සරත්චන්ද්‍රයන් සංඛේතවත් කරන්නේ නූතන ලෝකයට, සාම්ප්‍රධායික අදහස් හරහා හානියක් වේ යැයි ලෝකයා තුල අනියත බියක් පැවතීමයි. දෙගිඩියාවක් පැවතීමයි. සිංහබාහු අවසානයේදී මෙසේ පවසන්නේ ද එබැවිනි.

    ආදර වදනින් අමතන මා පියා
    කෙලෙසද මා දැඩි සිතින් මරන්නේ
    කුරිරු ක්‍රියා ඔහු මේ ලෙස කරන්නේ
    වියෝ දුකින් නොවැ මව කීවා සේ
    රුදු මිගිදෙකු වුව අප හට නිරතුරු
    කරුණා බස් මිස දොඩලා නැත කිසි
    උණු වුව හොත් සිත අනුකම්පාවෙන්
    කරන්නට නොහැකි ය මා සතු යුතු කම
    විදිනෙමි මෙ වර නො ම වරදින ලෙස
    සිප ගන්නට එන කල මා ලගටා

    එහෙත් අවසන සිය පුතුගේ හී පහරින් සිංහයා (පියා) ඇද වැටෙන්නේ පුතු සමීපයේමය. ඒ සිංහබාහු කෙරේ ප්‍රේක්ෂක සිත වෛරයෙන් පුරවාලමිනි. එහෙත් අප සිංහබාහුට වෛර කල යුතුද? නොඑසේ නම් සිංහයාට වෛර කල යුතුද? එම ප්‍රශ්නය ඔබ ඉදිරියේ තබා ගායක පිරිස මෙසේ ගයමින් තිරය වසා දමයි.

    පුතු සෙනේ පිතු හද තුලම මිස
    නැත පුතුන් හද තුල රදන්නේ
    ඇට මිදුලු වැඩ ඇට මිදුලු මත
    සදා කල් නැත දුක් දෙවැන්නේ

    ප්‍රිය සොයුර, සොයුරිය මෙහි වාද්‍ය වෘන්දය තුල ඇත්තේ සංගීත භාණ්ඩ සතරක් පමණි. එනම් මද්දලය (වැඩිතාල), මද්දලය (අඩුතාල), බට නලාව හා හාර්මොනියම නොහොත් සර්පිනාව පමණි. සමහර විට මෙය තේරුම් ගැනීමට අපහසු මෙන්ම සංකීර්ණ බවක් ඔබට හැගීමට ඉඩ ඇත. මට සමාවන්න... මහාචාර්ය සතිස්චන්ද්‍ර වැනි ශේෂ්ඨ කළා කරුවන්ගේ නිර්මාණ සරල කිරීමට යාම දැලි පිහියෙන් කිරි කනවා හා සමාන ක්‍රියාවකි. විචාරය සමග ගීතය රස විදින්න. ඒවිට ගීතයේ සිදුවන වෙනස්කම්, උස් පහත් වීම්, ආවේග, දුක, ශෝකය, ඇතුළු සියලුම රසයන් ඔබට මනාව වැටහෙනු ඇත.


    ඔබට ස්තුතියි....!!! :)
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙය අති විශිෂ්ඨ වූ විග්‍රහයකි.. මෙහිදී මෙතුමානන් නිර්මාණය කල මෙම වේදිකා නාට්‍යයන්ගේ සංගීතය සැපයූ මහානම මහාචාර්යවරයානන් පැවසූ කරුණක් සිහිකලයුතු මනාය....
    එතුමා හා යෙදුණු සංවාදයකදී එතුමාණන් මා වෙත මෙසේ පැවසූ කරුණු ලඝුකරමින් මෙසේ දක්වනු කැමැත්තෙමි...

    එනම් ඔහු දක්නා පරිදි සරචන්ද්‍රයක් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකරුවෙකි, සහෘදයෙකි, බුද්ධිමතෙකි, ඇසූ පිරූතැන් ඇත්තෙකි..
    අති දක්ෂ නිර්මාණ ශිල්පියෙකි... ලබැදි සහෝදරයෙකි...

    නමුත් එතුමාගේ ජීවිතයේ බිරිද හා දියණිය සම්බන්ධ ප්‍රභල ගට්ඨනයන් දෙක සිදු නොවන්නට මනමේ සිංහභාහු බිහි නොවන්නට ඉඩ තිබිණි...
    ඒ මන්ද යත්... සැබෑ කලා කරුවන් මනෝවට වඩා සංවේදී වන්නේ සිය අත්දැකීම් කෙරෙහිය...
    එම අත්දැකීම් ඔස්සේ ඉතා අග්‍රගන්‍ය නිර්මාණ බිහි වීම සිදුවේ...

    සත්තකටම මනමේ සිංහභාහු යනු එතුමාගේ පර්යේෂණ, බුද්ධීය, දැනුම හා හැකියාවන්ගේ අග්‍ර ඵලයන්ය..
    එහෙත් එම අග්‍රඵලයන් සදාතනික අතිවිශිෂ්ඨ නිර්මාණබවට පත්වීමේ කණවැල අල්ලා ඇත්තේ ඉහතින් දක්වනු ලැබූ එතුමාගේ අත්දැකීම් බව මහාචාර්ය මහානාමයන්ගේ මතයයි...
    ඔබ විසින් දක්වනු ලැබූ ගීත පුහුණු වන බොහෝ අවස්ථාවන් වලදී එතුමානන්ගේ සිත කොහේදෝ අතරමං වන්නේය.. සිතුවිලි සමුදායක ගිලෙන්නේය...
    සමහරවිට ඔහු සිය අතීතය ආවර්ජනය කරනාවාදෝයි එකල අපි සිතුවෙමු...
     
    Last edited: