අපි නොදන්න න්‍යශ්ටික අවි

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අපි නොදන්න න්‍යශ්ටික අවි

    මේ දවස් වල උතුරු කොරියාව සහ ඉරානය හින්ද න්‍යශ්ටික අවි පිලිබඳ කතා වැඩි වෙලා තියනවනෙ. ඒක හින්ද මම හිතුව පොඩ්ඩක් න්‍යශ්ටික අවි සහ එහි ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයල බලන්න.

    nuclear-bomb.jpg


    න්‍යශ්ටික බෝම්බය

    "A nuclear weapon is an explosive device that derives its destructive force from nuclear reactions, either fission or a combination of fission and fusion. Both reactions release vast quantities of energy from relatively small amounts of matter."(Wikipedea)​


    දැනට ලෝකයේ ප්‍රධාන න්‍යශ්ටික අවි වර්ග දෙකක් තිබේ.

    1. Fission weapons(atomic bomb,පරමාණු බෝම්බය)

    2. Fusion weapons(hydrogen bombs, හයිඩ්‍රිජන් බෝම්බය)



    පරමාණු බෝම්බය


    images

    මේකෙදි කරන්නේ පරමානුවක neutron එකක් තව පරමානුවක් එක්ක ගැටීමෙන් chain reaction එකක් ඇති කිරීම. මෙම ඝට්ඨණයේදී පරමානු කැඩීමෙදී පරමානුවෙන් සුලු ස්කන්ද ප්‍රමානයක් ශක්තිය බවට හැරවෙනවා. ස්කන්දය සුලු ප්‍රමානයක් වූවත් අයින්ස්ටයින්ගේ සමීකරණයට අනුව නිදහස් ශක්තිය විශාල ප්‍රමානයක් වෙනවා.

    e_mc2_einsteins_theory_of_relativity_photoenlargement-r9e2e835310434dde9cde4f6391dade61_27myg_400.jpg

    මේකට බොහෝ වේලාවට පාවිච්චි කරන්නේ enriched uranium හෝ plutonium. මේ ක්‍රියාවලිය පටන්ගන්න එක්කො මේවා ලොකු වේගයකින් එකකට එකක් හප්පනවා, නැතිනම් එකපාරටම ලොකු පීඩනයකට ලක් කරනවා.

    300px-Fission_bomb_assembly_methods.svg.png


    හයිඩ්‍රිජන් බෝම්බය​


    මේක හදන්න ගොඩක් අමාරුයි. ඒ උනාට මේකෙ බලය පරමානු බෝම්බයක් වගේ 500 ගුනයකටත් වැඩිය වැඩියි.

    මේකෙදි කරන්නෙ Deuterium(2H) හා Tritium(3H) දෙක එකතු කරලා Helium(He) හදන එක. මේකෙදිත් ස්කන්ධ ප්‍රමානක් ශක්තිය බවට හැරෙනවා වගේම ප්‍රතික්‍රියාවෙන් නිදහස් වෙන neutrons, පරමානු බෝම්බයක ඇතිවෙන ප්‍රතික්‍රියාවත් ඇති කරනව.

    images


    220px-Teller-Ulam_device_3D.svg.png

    ලෝකයේ හදපු ලොකුම හයිඩ්‍රිජන් බෝම්බය තමයි රුසියාවෙ Tsar බෝම්බය. ඒක ජපානයට දාපු න්‍යශ්ටික බෝම්බ දෙකේම එකතුව වගෙ 1400 ගුනයක් බලගතුයි.
    :shocked:


    පිපිරුම් බලය​

    (kT)=kilotons of TNT

    න්‍යශ්ටික අවියක පිපිරුම් බලය මනින්නෙ kT වලින්. 1kT ක් කියන්නේ TNT ටොන් 1000 කට සමාන පිපිරුම් බලයකට.

    800px-Nukecloud.png




    දැන් කට්ටිය න්‍යශ්ටික බෝම්බ ගැන දළ අදහසක් ලබා ගත්තනෙ. මම දැන් කියන්නම් ලෝකයේ මතුපිට වෙච්ච න්‍යශ්ටික පිපිරීම් ගැන.


    න්‍යශ්ටික පිපිරීම්​


    1.Trinity​
    Trinity-Blast-10-sec.gif



    ඇමරිකාව
    Trinity Site, New Mexico
    ලෝකයේ පලමු න්‍යශ්ටික පිපිරීම.
    1945-07-16
    18-20 kT​

    2.Little Boy​

    ng30.jpg

    LittleBoy.jpg



    ඇමරිකාව
    Hiroshima
    යුද්ධයකදී පලමු පාවිච්චිය.
    1945-08-06
    12–18 kT



    3.Fat Man

    Fat_man.jpg



    ඇමරිකාව
    Nagasaki
    යුද්ධයකදී අන්තිම පාවිච්චිය.
    1945-08-09
    18–23 kT



    4.Test Baker

    images



    ඇමරිකාව
    Bikini island
    පලමු වතුර යට පිපිරවීම.
    1946-07-25
    23 kT



    5.RDS-1

    800px-Joe_one.jpg

    RDS-1.jpg



    රුසියාව
    පලමු රුසියානු පිපිරවීම
    1949-08-29
    22 kT



    6.Hurricane

    Op_hurricane.jpg



    බ්‍රිතාන්‍යය
    Montebello Islands, Western Australia
    පලමු බ්‍රිතාන්‍ය පිපිරවීම
    1952-10-03
    25 kT



    7.Ivy Mike

    798px-%22Ivy_Mike%22_atmospheric_nuclear_test_-_November_1952_-_Flickr_-_The_Official_CTBTO_Photostream.jpg



    ඇමරිකාව
    Enewetak
    පලමු පර්යේශන හයිඩ්‍රිජන් බෝම්බය
    1952-11-01
    10,400 kT



    8.Joe 4



    රුසියාව
    පලමු රුසියානු හයිඩ්‍රිජන් බෝම්බය
    1953-08-12
    400 kT



    9.Castle Bravo

    800px-Castle_Bravo_Blast.jpg



    ඇමරිකාව
    Bikini Atoll
    අනපේක්ශිත සුලං නිසා විශාල පරිසර හානියක් සිදුවිය.
    ඇමරිකාව අත්හදා බැලූ ලොකුම බෝම්බය
    1954-03-01
    15,000kT



    10.RDS-37

    images



    රුසියාව
    Kazakh
    1955-11-22
    1,600 kT



    11.Grapple X

    grapple_x_banner_2.JPG



    බ්‍රිතාන්‍යය
    christmas island, Australia
    පලමු බ්‍රිතාන්‍ය හයිඩ්‍රිජන් බෝම්බය
    1957-11-08
    1,800 kT


    12.Gerboise Bleue



    ප්‍රංශය
    Algerian Sahara desert
    පලමු ප්‍රංශ පරමානු බෝම්බය
    1960-02-13
    70 kT



    13.Tsar Bomba

    මේ බෝම්බය ඉතා විශේෂයි. මෙය තමයි ලෝකයේ මෙතෙක් පිපිරුන ලොකුම බෝම්බය. ඒක ජපානයට දාපු න්‍යශ්ටික බෝම්බ දෙකේම එකතුව වගෙ 1400 ගුනයක් බලගතුයි. මේකෙන් පොලවට වෙන හානිය අඩු කරන්න මේක පිපිරෙව්වෙ පොලවට කිලෝමීටර් 4 ක් උඩදි. ඒත් මේකෙ ගිනි බෝලය පොලවේ ගෑවෙන තරමට ලොකු උනා.

    images

    ussr_tsar_bomba_nuclear_test_poster-rb3d6780decee45b4b623b3f1cb151f36_i4nv_400.jpg

    tumblr_m137ftbs281qm0idto1_1280.jpg

    images



    රුසියාව
    1961-10-31
    57,000 kT



    14. 596 test



    චීනය
    චීනයේ පලමු පරමානු බෝම්බය
    1964-10-16
    22 kT



    15. Test No. 6



    චීනය
    චීනයේ පලමු හයිඩ්‍රිජන් බෝම්බය
    1967-06-17
    3,300 kT



    16.Canopus

    images



    ප්‍රංශය
    Fangataufa atoll
    පලමු ප්‍රංශ හයිඩ්‍රිජන් බෝම්බය
    1968-08-24
    2,600 kT



    17.Smiling Buddha



    ඉන්දියාව
    Pokhran Test Range
    ඉන්දියාවේ පලමු පරමානු බෝම්බය
    1974-05-18
    12 kT


    18. Pokhran-II​


    ඉන්දියාව
    ඉන්දියාවේ පලමු හයිඩ්‍රජන් බෝම්බය. නමුත් තරමක් අසාර්ථක උනා.
    1998-05-11
    60 kT



    19. Chagai-I

    Chagai-I_Atomic_Tests_on_May_28%2C_1998%2C.jpg



    පකිස්ථානය
    Ras Koh Hills
    පකිස්ථානයේ පලමු පරමානු බෝම්බ අත්හදා බැලීම
    1998-05-28
    40 kT




    මේකට සෑහෙන මහන්සි උනා. රෙප් නැතත් කමක් නෑ, බම්ප් එකක්වත් දාල යන්න තව අයට බලාගන්න.;)