තුමුල නමුනු කුල ගිරි හිස - උඳුල සඳ මඬල දුටු නෙත
රැවටුනා තමයි..
කිම ද මේ තරම් ඒ ගැන - හිනැහෙන්නට කාරණා
මුහුණ රතු වෙලා දෙනෙතින් - කදුළු පනින තුරු එලියට
ඔහොම හිනාවෙනකොට උඹ - ලස්සනයි උමා...
නුඹේ වත මඬල සඟවා - මුවා වෙන ලෙසින් අතුරන
සීත පිණි නිසා තිලකය - පාළුවෙයි උමා..
සීත මීදුමේ තිරපට - වළලු ලූ අතින් ඉවතට
ඈත්කර හොරෙන් හෙමිහිට - බලාපන් උමා...
කන්ද උඩ රුවින් දිදුලන - කන්ද කදිර දේවාලය
අපට පිහිට වෙයි කියලා - හිතනවද උමා...
අප වටා නැගෙන උවදුරු - ඈත්වී නොබෝ කලකින්
පිච්ච මල් සුවඳ විතරක් - ඉතිරි වෙද උමා...