එක කුඩයක් යට . . . ගෑවි නොගෑවී . . .
දවසක් හැන්දෑවේ . . .
මතකද ඔබ . . මා . . පියවර මැන්නා . . .
පිනිමල් වරුසාවේ . . .
කිසිවකු සමඟින් එකට තුරුළු වී . . .
ඉර බැස යන වේලේ . . .
ඔබ යනු දුටුවිට . . . මතකය රිදවයි . . .
අපෙ ඉස්සර කාලේ . . . අපේ ඉස්සර කාලේ . . .
එක කුඩයක් යට . . . ගෑවි නොගෑවී . . .
මඳ අව් රස්නෙට වුව සෙවනක් නැත . . .
ඔබහට අද දවසේ . . .
වැස්සට අව්වට තනිව මුහුන දෙමි . . .
මගේ මහිම එලෙසේ . . . මගේ මහිම එලෙසේ . . .
එක කුඩයක් යට . . . ගෑවි නොගෑවී . . .
දවසක් හැන්දෑවේ . . .
මතකද ඔබ . . මා . . පියවර මැන්නා . . .
පිනිමල් වරුසාවේ . . .