කිරි අම්මාවරු දනට වඩිනවා
කිරි සුවදයි මුලු ගම්මානේ
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නොඅසන් පුතනුවනේ
මා සිත රිදෙන නිසා
නැත නිදිවරමින් කැත කුණු අතගා
මම නුඹ හැදුවෙමි දුක් විදලා
එනමුදු කුසයේ හොවමින් බිහිකර
ඇග ලේ කිරි කර නැත පොවලා
කිරි අම්මාවරු දනට වඩිනවා
කිරි සුවදයි මුලු ගම්මානේ
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නොඅසන් පුතනුවනේ
මා සිත රිදෙන නිසා
නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස
මව් පදවිය නැත මා පතලා
මතු භවයේ මා දනට වඩින්නම්
නුඹ බිහිකර කිරි මව වීලා
කිරි අම්මාවරු දනට වඩිනවා
කිරි සුවදයි මුලු ගම්මානේ
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නොඅසන් පුතනුවනේ
මා සිත රිදෙන නිසා