@Sanjeeme
මෙච්චර ඔබට කියවන්න වුනේ ඔබම කියපු මිලියන 10 ගැන ඔබටම පෙන්නගන්න බැරි නිසා නේද? බො.බ.සේ. එක්ක ඔබවත් check mate කරන්නද?
තවත් පැහැදිලි වූ ඒවා:
* හලාල් සහතිකය හෝ කෑම ගන්න කියා නීතියක් නැත. "බලෙන් පැටවීම" ඔබට ඔප්පු කරන්නට බැරිය. හිතේ ඇති වෛරය නිසා ඔබට හැඟෙන දෙයකි.
* බෞද්ධ නොවන කෙනෙකුගෙන් හලාල් ගැන දොස් කීමක්/විරෝධතාවයක් ඔබට පෙන්වන්න බැරිය. ඔබ පොලිස් වාර්තා ගැන කියමින් නොමග යැවීමට උත්සාහ කිරීම නිෂ්ඵල ක්‍රියාවකි.
* ඔබේ සංවිධාන ACJUට එරෙහිව නීති මගට නොයෑමේ හේතුව දක්වන්නට බැරිය. එයට හේතුව, ඒ චෝදනා සියල්ල බොරු හෝ උපකල්පන මත පමණක් පදනම් වූ ඒවා වීමය. නැතිනම් මේ වනවිට රට "බේරාගෙන" හමාරය.
* බො.බ.සේ. බොරු මාධ්‍ය ප්‍රකාශ ගැන ඔබට කල හැකි දෙයක් නොවීම.
මේ හලාල් කතාව ගැන ඔබට දැන් කල හැක්කේ වර්ජනය මගින් නිෂ්පාදකයාට අවශ්‍යතාවය පෙන්වීමයි. ඒ අයිතිය ගැන කලින්ම කියන ලදී. එසේ නොකර තවත් බොරු දෙසාබෑමෙන් කිසි පලක් නැත. එසේ ඔබේ කාලය යෙදෙන්නේ නිෂ්ඵල ක්‍රියාවකටය.