ආනන්ද සහ නාලන්ද 84 වැනි සුලෝහිත සංග්‍රාමය
ආනන්ද සහ නාලන්ද 84 වැනි
සුලෝහිත සංග්‍රාමය අද ඇරඹේ
චමිල කරවිට
මෙරට ක්‍රියාත්මක පාසල් මහ තරග අතර අද්විතීය ස්‌ථානයක් හිමිකර ගනු ලබන මහ තරගයක් වන කොළඹ ආනන්ද සහ නාලන්දා දෙවිදුහල් අතර ක්‍රියාත්මක සුලෝහිත සංග්‍රාමය මහ ක්‍රිකට් තරගය අද සහ හෙට (02-03) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.
මෙරට ජාතික කණ්‌ඩායමට වැඩිම ක්‍රීඩකයන් පිරිසක් දායාද කොට ඇති ආනන්ද සහ නාලන්දා විදුහල් අතර මෙවර මහ තරගය පැවැත්වෙනු ලබන්නේ 84 වැනි වරට වේ. මෙම විදුහල් දෙකෙන් ක්‍රීඩකයන් 20 කට අධික පිරිසක් ජාතික කණ්‌ඩායමට දායක කොට තිබෙන අතර ඒ අතර ශ්‍රී ලංකාවේ පළමු ටෙස්‌ට් නායක බන්දුල වර්ණපුර, 1996 ලෝක කුසලාන ශ්‍රී ලංකාවට දිනා දුන් අර්ජුන රණතුංග ලෝක කුසලාන තරගාවලි දෙකක් අනුශූරතාව ශ්‍රී ලංකාවට දිනා දුන් (2007 සහ 2012) මහේල ජයවර්ධන ඒ අතුරින් කැපී පෙනෙනු ඇත.
ප්‍රධානම බෞද්ධ පාසල් දෙකක් වන ආනන්දා සහ නාලන්දා විදුහල් අතර ඉතිහාසය ගෙන බැලීමේදී වැඩි තරග ජයග්‍රහණ සංඛ්‍යාවක් (12) වාර්තා කර ගැනීමට ආනන්ද විදුහල සමත්ව තිබේ. නාලන්දා විදුහල ඉදිරියෙන් ජයග්‍රහණ 6 ක් වාර්තාවනු ලබන අතර තරග 65 ක් ජය පැරදුමෙන් තොරව විසඳී තිබේ.
මෙහිදී අවසන් වරට තරගයක විසඳුම් ලැබී ඇත්තේ ඉකුත් 2003 වසරේදී වන අතර ඩී. කුලරත්නගේ නායකත්වය යටතේ ආනන්ද විදුහල අදාළ ජය වාර්තා කර තිබේ. නාලන්දා විදුහල අවසන් තරග ජයග්‍රහණය වසර 60 කට ඉහත එනම් 1953 දක්‌වා ඈත අතීතයකට දිව යයි. එම තරග ජයග්‍රහණය ඩබ්. ඩබ්. සිල්වාගේ නායකත්වය යටතේ වාර්තා වී තිබේ.
මෙවර තරග වාරයේදී ආනන්ද විදුහල් කණ්‌ඩායමේ නායකත්වය තුෂාර සමරකෝන් විසින් දරන අතර ඔහුගේ සහායකයා ලෙස ධනුක පතිරණ කටයුතු කරනු ඇත. මෙවර පාසල් තරග වාරයේ තරග 16 කට මුහුණ දී ඇති ආනන්ද විදුහල් පිල එහිදී බලපිටිය රේවත විදුහලට එරෙහිව පූර්ණ තරග ජයග්‍රහණයක් වාර්තා කරගෙන සිටින අතර තරග 2 ක් පරාජයට පත්වී තිබේ.
ළහිරු ජයකොඩිගේ නායකත්වය යටතේ මෙවර පාසල් තරගයට ක්‍රීඩා කරන ලද නාලන්දා විදුහල තරග 12 කට ක්‍රීඩා කළ අතර එහිදී කොළඹ ලූම්බිණි විදුහලට එරෙහිව වූ තරගය පරාජයට පත්වී තිබෙන අතර සෙසු තරග සියල්ල ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට සමත්වී තිබේ.
ආනන්ද විදුහල් කණ්‌ඩායම
තුෂාර සමරකෝන් (නායක), ධනුක පතිරණ (උප නායක), තමාලක ඇතුලත්මුදලි, වෙනුක නයිදුවාවඩු, කවීන් ධනංජය, ඉමේෂ් ජයසේකර, දසුන් විජේසිංහ, කුෂිල් පෙරේරා, තමාල අබේගුණසේකර, ටිරාන් විජේසූරිය, දුෂ්මන්ත දිසානායක, සම්මු අශාන්, ඉසුරු ගුණසේකර, ඉෂාන් බණ්‌ඩාරනායක, සුචිර පරණාතල, පසිඳු තිරිමාදුර, නාලන්දා විදුහල් කණ්‌ඩායම
නාලන්ද විදුහල් කණ්‌ඩායම
ළහිරු ජයකොඩි (නායක), කුසල් ඩයස් (උප නායක), නිකිල වීරසිංහ, රුචිර පෙරේරා, ළහිරු විජේරත්න, ගවේෂ ප්‍රනාන්දු, රශ්මික විජයංග, මාලිංග ද සිල්වා, ඩිලාන් විනුර, එරංග සොයිසා, රවීන් දිසානායක, යොමාල් රංගික, සහන් විජේසේකර, ඉසුරු සමරසිංහ, අවිෂ්ක ද සිල්වා, සෙනුර අමරසංහ, මධව ප්‍රනාන්දු, ප්‍රමෝද් හෙට්‌ටිවත්ත, චොෂාන්ත සිල්වා, මාලිංග අමරසිංහ, දහම් රන්වලගේ
ඡායාරූප - කමල් වන්නිආරච්චි
http://www.divaina.com/2013/03/02/sports01.html