මගේ ආලය
ප්‍රේමා සුන්දරය... ඇයට කොල්ලෝ දෙතුන් දෙනෙක් සිටිය නිසා ආදරේ බෙදා දෙන්නට ඇය සූදානම් විය...වරකා පලුවක් කන්නට අකමැති මා ඇගෙන් වෙන් වීමි...
සුමනා හෙදියකි.. ඇයත් පියකරුය.. දැනක් ඇගේ අතින් ඇල්ලූ විට... ප්ලීස් ඩොක්ටර්.. නොට් නව් කියා කීවාය...මට ඈද එපා විය...
රම්‍යා ඉතා රම්‍යයි.. ඇය පැනිරසට ඉතා ගිජුය... දිනක් ඇය මගේ සාක්කුව හිදෙනතුරුම ලොසින්ජර් කෑවාය.. මා සමග කතාවත් නොකලාය.. මට ඈද එපා විය...
විනීතා නීතීඤවරියකි.. ඇය හැම විටම මාගේ ආදරය සමග තර්ක කලාය.. හැම විටම ඒවා බිද දැම්මාය.. මා ඇගේ ආලය බිද දැම්මෙමි...
පුශ්පා අවංකය... මට ඔයාව විතරයි ඕනෙ.. වෙන මොකුත් එපා මගෙ රත්තරං... ඇය කීවාය... එසානින්.. මා ඇදුම් සියල්ල උනා තබා ඇය අභිමුව සිටියෙමි.. අයියෝ මේ මොකද මේ.. මට ඔයාව ඕනෙ ඔයාගෙ ඇදුනුත් එක්ක.... මට ඇයද එපා විය....
රමණි ගුරුවරියකි... දිනක් මා ඇයට ලියූ පෙම් හසුනකට පිළිතුරු ලෙස රතු පෑනකින් එහි ව්‍යාකරන වැරදි පිරික්සා මා වෙත ලබා දුන්නාය.. මට ඇයද එපා විය....