komarika gana wistara onaaaa

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ඕනෑම සමකට ගැලපෙන කොමාරිකා

    කෝමාරිකා ගැන නොදන්නා කෙනෙක්‌ නැති තරම්. ආයුර්වේද ප්‍රතිකාරවලදී බොහෝ විට කෝමාරිකා ප්‍රයෝජනයට ගැනෙනවා. ඒ වගේම රූපලාවන්‍ය කෙරෙහි උනන්දුවන ඔබටත් කෝමාරිකාවලින් ලැබෙන උපකාර බොහොමයි. ශරීරයේ සෑම කොටසකටම කෝමාරිකා ගැල්වීම සුදුසුයි. කෝමාරිකා කොලයේ මැද ඇති ජෙල් එකක්‌ වැනි මදය තමයි අපි ප්‍රයෝජනයට ගන්නේ. එහි වටේට ඇති කොල පාට පොත්ත ගෑවුනොත් කසන්නට ගන්නවා.

    කෝමාරිකා පැළයක්‌ නිවසේම වවා ගැනීමට ඔබට පුළුවනි. අපේ රටේ ඕනෑම පළාතක කෝමාරිකා වැවෙනවා. විශේෂ සාත්තුවක්‌ හෝ වැඩිපුර ජලය මෙයට අවශ්‍ය වන්නේ නෑ.

    පිළිස්‌සීම, කැසීම්, සම වියළීම වැනි අවස්‌ථාවලදී කෝමාරිකා මදය ගැල්වීම ආයුර්වේදයේදී සිදුවෙනවා.

    සමේ වියළි බව නැති කිරීමට, තෙතමනය ආරක්‌ෂා කිරීමට, අධික තෙල් සහිත සමක තෙල් ස්‌වභාවය නැති කිරීමට, සම පැහැපත් කිරීමට, පැලුන, පලුදු වුන සම යථා තත්ත්වයට පත්කිරීමට කෝමාරිකාවලට හැකියාව තිබෙනවා.

    රූපලාවන්‍යයේදී කෝමාරිකා ඇතුළත් සබන්, ශැම්පු, තෙල්, මෝහර්, ෆේස්‌ වොෂ් ආදිය සහිත වෙනවා. මේ අතරම දැන් කෝමාරිකා ජෙල් ද එකතු වී තිබෙනවා.

    තද අව්වේ යැමෙන් පසුව කෝමාරිකා මදය ආලේප කිරීමෙන් සමෙහි දැවිල්ල, අව්වට පිළිස්‌සුණු ස්‌වභාවය, දාහය නිවී යනවා. බොහෝ දෙනකුට තිබෙන කකුල් පැලෙන ප්‍රශ්නයටත්, කෝමාරිකා හොඳ ඔසුවක්‌. බොහෝ විට සීත පළාත්වලදී ගැටලුවක්‌ වන දෙතොල් පැලීම සුවපත් කර ගන්නටත් කෝමාරිකා ආලේපයෙන් පුළුවනි.

    ඒ අනුව බලන විට කෝමාරිකා ඕනෑම වයසක පසුවන කෙනකුට අවශ්‍ය වන දෙයක්‌ බව පැහැදිලියි.

    ලංකාවේ පමණක්‌ නොවේ විදෙස්‌ රටවල පවා කෝමාරිකාවලට වැඩි තැනක්‌ හිමි වෙනවා. විශේෂයෙන් ශීත රටවල සම ඇකිලීම සහ ලිහිල්වීම ආදී ක්‍රියාවලීන්හිදී සම පැලෙනවා. මෙය වළක්‌වා ගන්නටත්, එසේ පැලුන සම සුවපත් කරගන්නටත් ඔවුන් කෝමාරිකා භාවිතයට ගන්නවා.

    ස්‌ථුල බව අඩු කිරීමේ මහඟු ගුණයක්‌ද කෝමාරිකාවලට තිබෙනවා. සම්භාහනයේදී කෝමාරිකා තෙල් යොදා ගන්නේ ඒ සඳහා යි. එයින් ශරීරයේ මේද තට්‌ටුව අඩු කර ශරීරය සිහින් කරනවා.

    බොහෝ විට රූපලාවන්‍යයේද ආෆ්ටර් සන් ට්‍රීට්‌මන්ට්‌ ලෙස කෝමාරිකා හඳුන්වනවා. හිරු එළියට නිරාවරණය වී සිට පැමිණීමෙන් පසු කෝමාරිකාවලින් සුවයක්‌ ලබන්නට පුළුවන් නිසා එලෙස හඳුන්වනවා.

    කෝමාරිකා ප්‍රයෝජනයට ගැනීමේදී එහි කොළයක්‌ කපලා අරගෙන එහි කොළ පැහැති කොටස ඉවත් කරලා මදය සූර ලා අරගෙන පොඩිකරන්න. එය අවශ්‍ය ලෙස ආලේප කරන්න පුළුවන්.

    නමුත් මේක තරමක්‌ කරදරකාරී කාර්යයක්‌. අවශ්‍ය වන විට කෝමාරිකා මදය සූරලාම ගන්න වෙනවා. එවිට විෂබීජ, කෝමාරිකා කොලයේ කසන කොටස මෙය එකතු වෙන්න පුළුවන්. ඒ නිසා පහසුම දේ කෝමාරිකා ජෙල් එක්‌ ගෙන පාවිච්චි කිරීමයි.

    ෆොඑවර් 90% ඇලෝවේරා ජෙල් එක මේ සඳහා හොඳම විසඳුමයි. මුලින් සඳහන් කළ සම වියළීම, පැලීම, කැසීම, අව්වට පිළිස්‌සීම, තෙතමනය ආරක්‌ෂා කිරීම, අධික තෙල් බව අඩු කිරිම, පැහැපත් බව ඇති කිරීම ආදී සියලුම දෙයට ඇජෙලෝවේරා එක පාවිච්චි කිරීමට පුළුවන්.

    එයට අමතරව රැවුල කැපීමෙන් පසු මුහුණේ තැවරීමට ආෆ්ටර් ෂේව් එකක්‌ ලෙස ද භාවිත කරන්නට පුළුවන්. ඒ වගේම සම්භාහනය කිරීම සඳහා ද කුරුලෑ සහිත සමටද ඇලෝවේරා ජෙල් භාවිත කළ හැකියි.

    තෙල් සහිත සාමාන්‍ය හෝ වියළි සමට යන ඕනෑම සමකට ඇලෝවේරා ජෙල් ගැලපෙනවා. ඇලෝවේරා ජෙල්වල ඇති සිසිල් බව එය අතට ගත් සැනින්ම ඔබට වැටහේවී.