හරියට tile අල්ලමු

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
shan_wicram ගේ " බාසුනැහේ අවුල්ද " කියන පෝස්ට් එක කියවීමෙන් පසු ඉතා සරල කරුනු කිහිපයක් අපේ එලකිරි යාලුවෝ සමග බෙදා ගන්න හිතුවා....

ගොඩක් අපිට තියෙන ප්‍රෂ්නයක් තමයි කොහොමද හරියට ටයිල් අල්ලගන්නෙ කියන එක...
ඉතින් මම හිතුවා ටයිල් අල්ලන්න කලින් හිමිකරුවා විදියට ඔබ දැනගත යුතු කරුනු කිහිපයක් කියලා දෙන්න..
මේ කරුනු ගොඩක් අය දන්න දෙවල් වෙන්න පුලුවන්.... නොදන්න අයට දැනගන්න හැකි ඉතාම සරල විදියට කියලා දෙන්නම්....



1. පොලව සකසා ගැනීම

මේ ගැන කවුරුවත් වැඩිය උනන්දු වෙන්නෙ නෑ. නමුත් ටයිල් කිරීමට පෙර පොලව නිවැරදිව සකසා ගැනීම හරි වැදගත්. හිතන්න අපිට මැද මිදුලක වගේ වතුර ගලා යන බැස්මක් අවශ්‍ය තැනක පොලව කොහොමද සකසා ගන්නෙ කියලා.


tile.JPG


ගොඩක් වෙලාවට බසුන්නැහේ යොදා ගන්නේ දෙවැනි ක්‍රමයයි මොකද එක ලෙසි නිස. නමුත් බලන්න ඒ ක්‍රමයෙදී ඔබ වැඩිපුර කොංක්‍රීට්, සිමෙන්ති වැය කරනවා...
බසුන්නැහේට ලෙසි උනාට ඔබෙ පසුම්බියට නම් එච්චර ලෙසි දෙයක් නෙමෙයි. හැමවිටම පිහිටි පොලව නියම විදියට සමතලා කර ගනීම හෝ නිසි ආනතියකට සකසා ගනීම ඔබට වාසිදායකයි.

2. ටයිල් රටාව තීරණය කිරීම ( Tile Layout )

ගොඩක් අයට වෙන ප්‍රෂ්නයක් තමයි ටයිල් අල්ලන්න ගියාම ටයිල් හිතුවට වඩා වැඩියෙන් යනවා. හිතේ තිබුනු විදියට නෙමෙයි වැඩේ අවසාන වෙලා තියෙන්නේ.
මුලින් ටයිල් රටාව අඳුරගන්න එක ගොඩක් වැදගත්. ලේසිම ක්‍රමය ටයිල් අල්ලන්න කලින් එවා ප්‍රධාන දිශා දෙක ඔස්සේ අතුරා බැලීම ( dry Laying ).

08_15_11_PorchTiling_Layout-570x427.jpg

Dry lay කරල බලන්නෙ මෙහෙමයි


මෙන්න මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න..


a. ඉතා කුඩා තීරුවක් කෙලවරට පැමිනීම තුලින් අලංකාරය අඩුවෙනවා... එවිට රටාවා වෙනස් කල යුතුය. කෙලවරට යෙදෙන තීරුව ( cut piece )හැකි සෑම විටකම ටයිල් කැටයකින් බාගයක් හෝ ඊට වැඩි වුනොත් හොඳයි.

08_15_11_PorchTiling_ThinTiles-570x427.jpg

මේ විදිය cut piece එකක් බොහොම ලේසියෙන් ඉවත් කර ගන්න පුලුවන් ටයිල් රටාව වෙනස් කරලා....

b. බිත්ති ටයිල් වල විදුලි පහන් ස්විච් හෝ ප්ලග් පොයින්ට් හැම විටම ටයිල් කැටයේ හරි මැදට පැමිනීම හොඳයි.

c. වැසිකිලියක වැනි නිතර ජලය හා ගැටෙන ස්ථාන වල ඇති වතුර බැසයන විවරය ( Floor drain ) හැම විටම ටයිල් කැටේ කෙලවරකට ගන්න උත්සහ කරන්න ඔනේ... පූලුවන් තරම් අවම ටයිල් කැට ගනනක ගටෙනව නම් තමයි හොඳ. එතකොට නිසි ලෙස වතුර බහින්න උදව් වෙනවා..

92757d1348177421-tiling-hob-hob-tiles-1.jpg







3. ටයිල් අතර එක සමාන ඉඩක් පවත්වා ගැනීම ( spacing )

ටයිල් අල්ලගෙන යනකොට හැමවෙලේම දකින දෙයක් තමයි පේලි ඇද වෙනවා... මේක ලෙසියෙන් නැති කර ගන්න පුලුවන් ( tile spacer ) භාවිතා කිරීමෙන්.

tile_spacers_2mm_1.jpg




වෙලඳපොලේ ඉතාම අඩු මුදලකට ගන්න පුලුවන් මේ වගේ පැකට්ටුවකින් ඔබේ ටයිල් වල ගුණාත්මක බව වැඩි කර ගන්න පුලුවන්. මේවා අපිට අවශ්‍ය විවිද ප්‍රමාන වලින් ගන්න පුලුවන්. උදා: 2mm, 3mm, 4mm

Tile-spacer.jpg



4. නිවැරදි උපකරන භාවිතය හරිම වැදගත්...


වැඩකරන බසුන්නැහේ සතුව මේවගෙ උපකරන නැත්නම් ඔහුට ඉතා උසස් නිමාවක් ලබා දෙන්න හැකියාවක් නැති වෙනවා.. අවශ්‍ය උපකරනය නැති උනාම වැඩ කරන්න ලොකු කාලයක් වගේම ලස්සන නිමාවක් ලැබෙන්නෙ නැති වෙනවා. ඉතින් පාඩුව සිදුවෙන්නෙ හිමිකරුවටයි....

1. Rubber Hammer

Black-Rubber-Hammer-55101-55102-55103-.jpg




2. Spirit Level
Spirit-Level_large.jpg


3. Tile Cutter

Heavy-Type-Tile-Cutter-27003-.jpg



4. Angle Grinder

Installing-tile-florring9001.jpg



ඉතින් හොඳ නිමාවක් අවශ්‍ය නම් නිවැරදි උපකරන භාවිතා කල යුතුයි.


තව ගොඩක් කරුනු තියනවා... ඉඩ ලබෙන විදියට දාන්නම්... සිංහලෙන් ටයිප් කරන එක ලේසි නෑ හිතන තරම්.


බලාපොරොත්තු වන්න ඉදිරියේදී....

1. ටයිල් නිවැරදිව තොරා ගන්නේ කොහොමද ............. 4 වන පිටුව
2. ටයිල් නිවැරදිව අල්ලා ඇත්දැයි බැලීමට සරල උපක්‍රම
3. ටයිල් කරන අවස්තාවේ ඔබ දැන සිටිය යුතු කරුනු.
4. ටයිල් හා සම්බන්ධ නව තාක්ෂණය
 
Last edited:

zeeyzka

Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    එල මචන්, තව සතියකට කලින් දෑම්මනන් වටිනවා :D, ටයිල් ඈල්ලුවා බO සතියකට කලින්:oo::P
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    වටිනා ලිපියක්... තවත් දාන්න.
    (අදට rep ඉවරයි)
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    එල මචන්, තව සතියකට කලින් දෑම්මනන් වටිනවා :D, ටයිල් ඈල්ලුවා බO සතියකට කලින්:oo::P

    කොහොමත් නොදන්න දෙයක් ඉගෙන ගන්න එක වටිනවනෙ... පස්සෙ නැවත ඔනෑ වෙයි.....
     
    • Like
    Reactions: kingdewi

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    වටිනා ලිපියක්... තවත් දාන්න.
    (අදට rep ඉවරයි)

    රෙප් බලාපොරොත්තුවක් නැත.. දිරිගැන්වීම හොඳටම ඇති සහෝ.... ඉක්මනින් දාන්නම් ඉතිරි කොටස්.....
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එල මචෝ මේ ටයිල් අල්ලන්න හිතාගෙන ඉන්නෙ පුලුවන් නම් තව විස්තර දාපන් ..thanks rep6+
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එල එල මචං.. වටින ත්‍රේඩ් එක.. ඉතුරු ටිකත් ඉක්මනින් දාපන්.. ටයිල් තෝරගන්නෙ කොහොමද කියන සීන් එක එහෙම.. මගේ ගෙදරත් උඩ කෑල්ලට තාම ඇල්ලුවෙ නෑ.. මුදල් ප්‍රශ්නයක් නිසා.. :(