නංගියෙ..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උසස් පැතුමන් රදවා...
    කුසුම් වැනි මෘදු සිනහා නංවා...
    යසස් ලබනෙමි සිත්හි බදවා...
    සිප් සයුරු තෙර කිමිද යනවා......
    අළුයමේ නිති අවදි වීලා...
    මැදියමේ නිදි නැතිව ගෙවලා...
    කුසට අහරක් සිතට නිවනක්...
    නැතිව රුදු සිප් සතරෙ දුවලා....
    මා පියන් සොහොයුරන් අතරේ.
    සතුටු කදුලැල් පුරව පුරවා...
    සරසවියෙ නව දිවි ලබන්නට...
    සිහින මාලිග සිහින මවලා..
    යන්න සැරසුන සරසවියෙ මග.
    මරු කොල්ලක් සදා රදවා...
    දෛවයත් සරදම් කලාවෙද...
    අහින්සක දිවි පෙතක් පරදා...

    අයදුමක් පුරවන්න ගියමග
    දෙවිදු වැඩ සිට නැතිද එදිනේ...
    රුදුරු මරු හා එක්ව යන්නට
    ඇයට ඇයි සිදු වුනෙ අනේ...
    මුදල් පසුපස හඹාගෙන යන
    රුදුරු ලෝකයෙ මිනිසුනේ...
    මලක් සිද බිද තලා යන්නට...
    යකඩ ගොඩ ඇයි හැරවුනේ...
    තෙලි තුඩග බැදි සිනිදු අතැගිලි
    දෑත් එක්කර එකට බන්දා....
    දෙනක් මැද ඔබ නිසල කරවා...
    සුදු කඩක් සිරුරටම අන්දා......
    අනේ මගෙ රත්තරං නංගියෙ..
    ඔබට මේ මක් උනිද මන්දා...
    පුරුදු සසරේ යලිදු හමුවෙමු
    දෑත් එක්කොට මමද වැන්දා....
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ෂිට්. පව් බං මොනවා වුනත් අම්මලා තාත්තලා. මොන තරම් බලාපොරොත්තු තියන් ඉන්න ඇද්ද :(
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    සදා නොමියෙන පහන මෙන් ... ඇය
    රැදී මවුපිය පැතුම් ඉටු .......... කල
    විදි ගැහැට දුක් පල දරන ....... දින
    හිදී නොසැලෙන දෙවු දුවක් ... ලෙස

    සියක් පැතුම් මැද ලැබූ ...... සරසවි
    වරම් තුටින් පිළි ගැනුණු කල ...එහි
    පලක් නොවුයේ මන්ද ... නොදනිමි
    වදන් තෙපලන සරදමක් ..... මෙනි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සදා නොමියෙන පහන මෙන් ... ඇය
    රැදී මවුපිය පැතුම් ඉටු ..........කල
    විදි ගැහැට දුක් පල දරන .......දින
    හිදී නොසැලෙන දෙවු දුවක් ... ලෙස

    සියක් පැතුම් මැද ලැබූ ...... සරසවි
    වරම් තුටින් පිළි ගැනුණු කල ...එහි
    පලක් නොවුයේ මන්ද ...නොදනිමි
    වදන් තෙපලන සරදමක් ..... මෙනි
    2.gif