.: A Very Sad Incident :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අවුරුදු දෙකක් තිස්සේ පෙරුම් පුරලා, කැපවීම් කරලා, කොච්චර කට්ටක් කාලද උසස් පෙළ කියන කඩ ඉම කෙනෙක් ජයගන්නේ....ඒ තරම් මහන්සියෙන් උසස් පෙළ ජයගත්තත් එතනිනුත් කී දෙනාද සරසවි වරම් ලබන්නේ....ඒ සාර්ථකත්වයත් අත් කරගෙන සරසවියට පිවිසෙන්න ඔන්න මෙන්න තියෙද්දී ජීවිතෙන් නික්ම යන්න සිදුවෙනවා කියන්නේ මොන තරම් ඛේදජනක ඉරණමක්ද.......:( :( :(

    ජපුර සරසවියට ලියාපංදිචි වෙන්න කලින් දවසේ මේ දුක්ඛිත ඉරණම අත් වෙලා තිබුනේ ආට්ස් වලින් ජපුරට තේරිච්ච නංගි කෙනෙක්ට.....මෙඩිකල් එක ගන්න එන අතරේදී ලොරි රථ රියදුරෙක්ගේ නොසැලකිලීමත් ධාවනය නිසා තමයි මේ කෙල්ලට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙලා තිබුනේ......මේ සිදුවීම ගොඩක්ම මගේ හදවතට දැනුනේ අපේ නංගිත් ජපුරට ආට්ස් වලින් තේරිලා ඊට කලින් දවසේ කැම්පස් එකෙන් එවල තිබ්බ ෆෝම් තොගය පුරවන්න මහන්සි වෙච්ච හැටි එහෙම හොඳට දැකපු නිසා....ඉතින් මට හිතුනා අපේ නංගි කැම්පස් යනවා නේද කියල අපි සතුටු වෙද්දී අර නංගිගේ ගෙදර මිනිස්සු කොච්චර දුක් වෙනවා ඇත්ද කියල......මොනා කරන්නද, ජීවිතේ හැටි ඔහොම තමයි.....අපි ගොඩක් සතුටු වෙන වෙලාවක් ලංකාවේ වෙනත් තැනක තවත් පිරිසක් ගොඩක්ම දුක්වෙන වෙලාවක් වෙන්න පුළුවන්....

    මේ සිදුවීම ගැන අපේ CuteBaby සහෝදරිය නිර්මාණය කරපු හදවතට දැනෙන නිසදැසකින් මේ ත්‍රෙඩ් එක අවසන් කරන්නේ අකාලයේ මිලින වුනු ඒ මල් කකුලට මින් මතු සසරේ මෙවැනි දුකක් අත් නොවේවා පතමින්.....:(

    සිප් සතර හදාරා
    සරසවි වරම් ලැබ
    හිත පිරුණු සොම්නසින්
    ඈ...
    පිය නැගුවේ සරසවියට...
    කුළුදුලින් සරසවියට
    පියමනින ගමනම අද
    ඇගේ අවසන් ගමන වේ යැයි
    සිතුවේ කව්රුද මෙලෙස...
    අහෝ ඛේදයකි එය...
    රුදුරු මාරක අනතුර
    සරදම් කළා දෛවයට...
    ලේ විලක් මැද වැටී
    නිසල විය ඇගේ සිරුර..
    මිලින විය මල් කැකුල
    ඉතින් යලි නොඑන්නම...

    දිනුෂසන්කල්ප සහෘදයා මේ සිදුවීම වචන කරල තිබ්බේ මේ විදියට......

    උසස් පැතුමන් සිත්හි රදවා...
    කුසුම් වැනි මෘදු සිනහා නංවා...
    යසස් ලබනෙමි සිත්හි බදවා...
    සිප් සයුරු තෙර කිමිද යනවා......
    අළුයමේ නිති අවදි වීලා...
    මැදියමේ නිදි නැතිව ගෙවලා...
    කුසට අහරක් සිතට නිවනක්...
    නැතිව රුදු සිප් සතරෙ දුවලා....
    මා පියන් සොහොයුරන් අතරේ.
    සතුටු කදුලැල් පුරව පුරවා...
    සරසවියෙ නව දිවි ලබන්නට...
    සිහින මාලිග සිත්හි බදවා.....
    යන්න සැරසුන සරසවියෙ මග.
    මරු කපොල්ලක් සදා රදවා...
    දෛවයත් සරදම් කලාවෙද...
    අහින්සක දිවි පෙතක් පරදා...
    අයදුමක් පුරවන්න ගියමග
    දෙවිදු වැඩ සිට නැතිද එදිනේ...
    රුදුරු මරු හා එක්ව යන්නට
    ඇයට ඇයි සිදු වුනෙ අනේ...
    මුදල් පසුපස හඹාගෙන යන
    රුදුරු ලෝකයෙ මිනිසුනේ...
    මලක් සිද බිද තලා යන්නට...
    යකඩ ගොඩ ඇයි හැරවුනේ...
    තෙලි තුඩග බැදි සිනිදු අතැගිලි
    දෑත් එක්කර එකට බන්දා....
    දෙනක් මැද ඔබ නිසල කරවා...
    සුදු කඩක් සිරුරටම අන්දා......
    අනේ මගෙ රත්තරං නංගියෙ..
    ඔබට මේ මක් උනිද මන්දා...
    පුරුදු සසරේ යලිදු හමුවෙමු
    දෑත් එක්කොට මමද වැන්දා....


     
    Last edited:

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    Paw wade.... :(

    "අපි ගොඩක් සතුටු වෙන වෙලාවක් ලංකාවේ වෙනත් තැනක තවත් පිරිසක් ගොඩක්ම දුක්වෙන වෙලාවක් වෙන්න පුළුවන්...."

    :yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    0002041D.gif
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    hmm...aththatama godak duka hithena incident ekak meka. jeewithe ape balaporoththu nathiwenna gathawenne harima tika kaalayai. eka mohothakin hamadema wenas wenawa.:(:(:(
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>




    Paw wade.... :(

    "අපි ගොඩක් සතුටු වෙන වෙලාවක් ලංකාවේ වෙනත් තැනක තවත් පිරිසක් ගොඩක්ම දුක්වෙන වෙලාවක් වෙන්න පුළුවන්...."

    :yes:







    :( :( :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිප් සතර හදාරා
    සරසවි වරම් ලැබ
    හිත පිරුණු සොම්නසින්
    ඈ...
    පිය නැගුවේ සරසවියට...
    කුළුදුලින් සරසවියට
    පියමනින ගමනම අද
    ඇගේ අවසන් ගමන වේ යැයි
    සිතුවේ කව්රුද මෙලෙස...
    අහෝ ඛේදයකි එය...
    රුදුරු මාරක අනතුර
    සරදම් කළා දෛවයට...
    ලේ විලක් මැද වැටී
    නිසල විය ඇගේ සිරුර..
    මිලින විය මල් කැකුල
    ඉතින් යලි නොඑන්නම...

    haiyoo.. soo sad :(
    Rip sister :(

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නංගියෙ

    උසස් පැතුමන් සිත්හි රදවා...
    කුසුම් වැනි මෘදු සිනහා නංවා...
    යසස් ලබනෙමි සිත්හි බදවා...
    සිප් සයුරු තෙර කිමිද යනවා......
    අළුයමේ නිති අවදි වීලා...
    මැදියමේ නිදි නැතිව ගෙවලා...
    කුසට අහරක් සිතට නිවනක්...
    නැතිව රුදු සිප් සතරෙ දුවලා....
    මා පියන් සොහොයුරන් අතරේ.
    සතුටු කදුලැල් පුරව පුරවා...
    සරසවියෙ නව දිවි ලබන්නට...
    සිහින මාලිග සිත්හි බදවා.....
    යන්න සැරසුන සරසවියෙ මග.
    මරු කොල්ලක් සදා රදවා...
    දෛවයත් සරදම් කලාවෙද...
    අහින්සක දිවි පෙතක් පරදා...

    අයදුමක් පුරවන්න ගියමග
    දෙවිදු වැඩ සිට නැතිද එදිනේ...
    රුදුරු මරු හා එක්ව යන්නට
    ඇයට ඇයි සිදු වුනෙ අනේ...
    මුදල් පසුපස හඹාගෙන යන
    රුදුරු ලෝකයෙ මිනිසුනේ...
    මලක් සිද බිද තලා යන්නට...
    යකඩ ගොඩ ඇයි හැරවුනේ...
    තෙලි තුඩග බැදි සිනිදු අතැගිලි
    දෑත් එක්කර එකට බන්දා....
    දෙනක් මැද ඔබ නිසල කරවා...
    සුදු කඩක් සිරුරටම අන්දා......
    අනේ මගෙ රත්තරං නංගියෙ..
    ඔබට මේ මක් උනිද මන්දා...
    පුරුදු සසරේ යලිදු හමුවෙමු
    දෑත් එක්කොට මමද වැන්දා....
     
    Last edited:
    • Like
    Reactions: argan