Bola True Storyo,
umba web designing kara kiwwa neda? intersting kiyalath kiwwa neda? thawamath eewa follow karanawa kiwwa neda? umba 1-10 ta rank karoth (1 cha 10 hondama) umba hithagena inne umba koy level innawa kiyalada? php danna dewal (frameworks) mata PM karapn, ape office eke php ewunta jobs thiyanawa, umba gena kiyala mata job ekak hoyala denna beri wena ekak ne.hebey umba genuine wenna oni.umbata chance ekak thiyanawa goda yanna, eeka bara ganna eka umbata ayithi wedak.
Nikam A/L passe merenna epa, math A/L pass ne, hebey mata igena gaththa,mata den 2 y bindu 5kata itha asanna padiyak lebenawa, ee nisa nikam A/L passe merenna epa, mama kiyapu eka hithala balapan, genuine help ekak oni nam kiyapan.

me kudda kiyana de ahanna epa. A/L hodatama karala eken idiriyatama yanna. bindu 6 kata asanna padiyak ganna puluwan![]()
එහෙනම් එළකිරි යාළුවනේ මම ගියා..........ආපහු ඔයාල හමුවෙන්න එන්නේ මම විභාගේ හොඳින් ගොඩදාගත්ත කියන ත්‍රෙඩ් එකත් එක්ක. අනිවාර්යෙන්ම මම ඒක කරනවා.මට උපදෙස් දුන්න, මග පෙන්වීම් කර සියලු දෙනාට බොහොම ස්තුතියි. ඔයාලගේ ඉදිරි ජීවිතයේ බලාපොරොත්තු ගොඩක් හොඳින් ඉටු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....
මම මේ True Story කියන Elakiri ID එකේ password එක පොතක ලිව්ව. මම තව අවුරුදු එක හමාරකින් හෝ දෙකකින් එන්නම් සුබ දායක ආරන්චියකුත් එක්ක. එදාට අද හිටිය යාළුවො ඒ වගේම එළකිරියේ ඉඳියි කියලා ප්‍රාර්ථනා කරනවා...
එහෙනම් තව ටික කාලෙකින් හමුවෙමු.................................!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1315867මගේ නම කියන්න ඕන නෑ කියල හිතෙනව. නමුත් මම කියන්නේ මගේ ජීවිතේ ඇත්තම කතාවයි.
මචන්ලා මම O/L කරේ 2006දී. මට O/L වලින් A5 B2 C2 S1 ක් තියෙනවා.
ඉතින් හෙන උනන්දුවෙන් පටන්ගත්ත BIO කරන්න. මුදලි මාර උනන්දුයිපස්සෙ පස්සෙ ඒ
තිබුන උනන්දුවට මොනව උනාද කියන්න නෑ. කොහොමින් කොහොම හරි මම 2009දි විභාගය ලිව්ව
Result එක -> F F S (S for Bio Logy)
ඉතින් මට ආපහු කරන්න කියල ගෙදරින් සෑහෙන්න බල කරත්. මට එපා උන නිසා කරේ නෑ.
අනිත් එක මචන්. අපි හරිම දුප්පත්. තාත්තත් ඔය කාලේ හිටියේ අසනීපෙන්. කොහොමින් කොහොම හරි මටත් නොදැනී කාලය ගත වෙලා ගියා.
මටත් නොදැනිම මම දැන් වයසට ගිහින්. හැමෝම අහනව දැන් මොනවද කරන්නේ? ජොබ් එකක් කරනවද?
අරව මේව.![]()
O/L කරන කාලේ මම ටිකක් මීටරයක්, වගේම හොඳ කාඩ් එකකුත් මට තිබුනා. පස්සෙ මම ටික ටික කාලකන්නි වෙනකොට සහ විභාගෙ
ඇනගත්තම සහ නැවතත් විභාගේ කරන්නැතිව ගෙදරින් බත් ගිල ගිල ගෙදරටම බරක්වෙවී ඉන්න වයි කියල දැන ගත්තම, ඉස්සර මට හිටපු යාළුවො
මගෙන් ටික ටික ඈත් උනා. කොටින්ම කොල්‍එකක් ගත්තම Answere කරන්නැති තරමටම මගේ වටිනාකම බාල්දුවෙලා ගියා.![]()
ඒ සැලකිලි ගෙදරිනුත් අඩුවක් නැතිව එන්න ගත්ත. මගේ නෑදෑයො මාව ගනන් ගන්නැති උනා. තාත්ත මාත් එක්ක වැඩි කතාබහක් නැතිව ගියා.
අම්මත් මාත්එක්ක කතා කරේ තරහින්.
සමහර වෙලාවට බස්එකට එහෙම සල්ලි ඉල්ලන කොට අම්මගෙ කටෙන් බත්ගිල ගිල නිකමෙක් වගේ ඉඳන් අපිට කරදර කරන්නේ නැතිව කුලී වැඩක් හරි
කරල ජීවත් වෙයන් කියල අනන්තවත්
අම්ම කියල තියෙනව.ටික ටික ගෙදර තත්වෙ ඉතාම නීරස උනා. මගේ අම්මත් එක්ක, තාත්ත් එක්ක තිබුන සම්බන්ධකම්
ඔක්කොම නැති උනා.
මම කතා කරන එක ඉබේටම නැති උනා. මගේ දවස ගෙවන්න උදව් උනේ..ඒවගේම ජීවිතේ කෑවේ කොම්පිටරේ තමයි. ඒකත් එක්ක මම ජීවත්
උනා.
ඔහොම ටික ටික කාලෙ ගෙවෙන කොට තාත්තත් හදිසියේ රෝගී වෙලා. මීට අවුරුද්දකට කලින් නැති උනා. ඉන්පස්සේ අම්මයි මමයි ගෙදර හිටියේ.
ඒත් මගේ තත්වේ හරමමයි. අම්මත් ගොඩක් දුක් වින්දා. මහලොකු ඉලන්දාරියෙක් වෙලත් තාමත් දෙමව්පියොන්ගෙන් රැකෙන තත්වෙට මම පත්
උනා. ඒ දවස්වල මට ඕව වැඩිය තේරුනේ නෑ. මම නිකන් මනෝලෝකෙක ජීවත් උනේ. ඇත්තට මම ගැන මට දැන් පුදුම කළකිරීමක්
තියෙන්නේ.
ඔහොම කාලය ගෙවිල යද්දි තමයි මගේ ජීවිතේ තීරනාත්මකම දවස ආවේ. ඒතමයි මගේ අම්ට හදිසි පපුවෙ අමාරුවක් හැදිල අම්ම නැති උන එක.
අම්ම නැති වෙලා දැනට මාස 5ක් විතර ඇති.ඉන් පස්සේ. මට කෑම හදල දෙන්න , ඉස්සර වගේ බැන බැන හරි හැම දේම හොයන්න කෙනෙක් නැති
නිසා මම පුදුම විදියට අසරන උනා. අපි දුප්පත් නිසා නෑදෑයොත් මම ගැන බැලුවේ නෑ. මම බැංකු පොතේ රුපියල් 17000ක් තිබිල අරගෙන
10000ක් විතර වියදම් කරලා 3න් මාසේ දානෙ දුන්න. ඉස්සර ඉස්කෝල යන කාලෙ නොසලකා හැරපු කොල්ලො ටිකක් සෙට් කරගෙන. දැන්
මමත්
උන් වගේ. හැබැයි බොන්න ,දුරාචාරයේ ගියේ නෑ. ඉස්සර හිටපු එකම යාළුවෙක් වත් දැන් මට නෑ. ඒ ගෙවුන මාස කීපය ගැන බලද්දි මට පුදුම
කලකිරීමක් , දුකක් ඇති උනා.
පස්සේ අතෙත් සල්ලි ඉවර වේගෙන යනකොට,මම රුපියල් 5000ක් අරගෙන තංගල්ලේ හෝටෙලේක වැඩට ආව. දැන් ඇවිල්ලා. මාස 3ට
ලඟයි.මාසෙට රුපියල් 11500ක් ගෙවනවා. මුලුදවසෙම කට්ට කාගෙන වැඩ කරන්න ඕන රූ 7 විතර වෙනකන් මුදලාලි නම් හොඳයි වගේ
. ගෙවල් දොරවල් වල කවුරුත් නෑ වහල දාල. බඩුමුට්ටු කීයපක් විකුනල දැම්ම. සති අන්තේ ගිහින් සුද්ද
පවිත්‍ර කරලා එනවා.
දැන් මංගැන හොයල බලන්න කාත් කවුරුවත් නෑ. හරියට අහසින් වැටුනු අනාතයෙක් වගේ. හෙට මම මැරිල ගියත් මම වලදාන්නවත් කාත් කවුරුවත්
මට නෑ. දැන් මට අවුරුදු 22ක් වෙනවා. මේ ඔක්තෝම්බර් 14ට මට 23ත් ලබනවා. ඉස්සර වගේ නෙමෙයි මගේ රූපෙත් සෑහෙන්න විකෟර්ති
වෙලා. අදටත් මගෙ කරුමෙට හෝ මගේ ලඟ ඉන්නේ කොම්පියුටරේ තමයි. පොඩි කාමර කෑල්ලේ රෑට වැඩ ඉවර වෙලා පොඩි සිංදුවක් අහන්න එහෙම
ඒක තමයි දැන් තියෙන්නේ. ඒකත් පිච්චිලා ගිය දවසට ඒකත් නෑ.
ඔන්න ඕකතමයි මචන්ලා මගේ මම විසින්ම කාලකන්නි කරගත්ත කරුමක්කාර ජීවිතේ තත්තේ. මේක කියවනකොටත් ඔයාලට ලොකු පිළිකුලක්
දැනෙන්න ඇති. ඒත් කරන්න දෙයක් නෑ. මට ඕව ඉස්සර තේරුනේ නෑ. තනිකරම හීන ලෝකෙක තමයි ජීවත් උනේ.
අනික මට කවදාවත් කෙල්ලෙක් ඉඳලත් නෑ. කෙල්ලො පස්සෙ ගිහිනුත් නෑ. දැන් හිතේ සතුටකුත් නෑ..හැම දාම තංගල්ලේ පංති එන නංගිල මල්ලිල
දකිනකොට මමත් එයාල වගේ පංති ගියපු හැටි මතක් වෙනව. හරිම අමාරුයි ඒදිහා බලන් ඉන්න. මට ආපහු ඒකාලෙට යන්න තිබුන නම් කියලත්
හිතෙනවා. ඒත් මම දැන් පරක්කු වැඩියි...
මට කිසිම ජොබ් එකකට යන්නත් බෑ. මොකද මම A/L Failනේ.
මට හිතෙනවා මේ ප්‍රශ්ණ ඔක්කොම මැද ආපහු A/L කරන්න. කරල C3 ක් හරි ගන්න. ඒත් මචන්ලා මට ඒක කරන්න අවසර තියෙනවද?
මම එකපාරයි A/L ලිව්වේ. අනිත් 2පාරම ලිව්වේ නෑ. දැන් මට අවුරුදු 23ක් වෙනවා. මට දැන් උනත් A/L කරන්න පුලුවන්ද? කරල
කරුමෙට හරි කැම්පස් සිලෙක්ට් උනොත්. මගේ වයස වැඩි නිසා ගන්න එකක් නැද්ද? දැන් ලංකාවේ තියෙන නීති රීති ගැන දන්න අය කියනවද? මම
බැලුවේ කට්ට කාගෙන හරි A/L කරලා මේ නරකාදි ජීවිතෙන් ගැලවිලා. ජීවිතේ ඉතිරි ටික හරි. රටට වැඩක් ඇති, නම්බුකාර මිනිහෙක් විදියට
ජීවත් වෙන්න.
ඕක තමයි මගේ මේ දක්වා සත්‍ය ජීවිත කතාව.![]()
උබට වයස තියෙනවා ජිවිතෙ කල කිරෙන්න එපා අනාගතය ගැන හිතපන්
විබාග නොකරත් ජිවිතෙ ගොඩ යන්න පුලුවන් කරන දෙ හරියට කරපන්
රෙප් එක නම් ගානක් නැහැ එත් කවුද මෙ සිංහල නොදන්න මොඩයා?My Life Exposed! yeh!... 03-16-2013 12:39 AM good advice![]()
mokakdha waradha????????රෙප් එක නම් ගානක් නැහැ එත් කවුද මෙ සිංහල නොදන්න මොඩයා?


)


මගේ නම කියන්න ඕන නෑ කියල හිතෙනව. නමුත් මම කියන්නේ මගේ ජීවිතේ ඇත්තම කතාවයි.
ඕක තමයි මගේ මේ දක්වා සත්‍ය ජීවිත කතාව.![]()


My Life Exposed! yeh!... 03-16-2013 12:39 AM good advice![]()
mokakdha waradha????????රෙප් එක නම් ගානක් නැහැ එත් කවුද මෙ සිංහල නොදන්න මොඩයා?

