My Life Exposed! yeh! True Story :(

True Story

Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    මගේ නම කියන්න ඕන නෑ කියල හිතෙනව. නමුත් මම කි‍යන්නේ මගේ ජීවිතේ ඇත්තම කතාවයි. :yes::yes::yes:

    මචන්ලා මම O/L ‍කරේ 2006දී. මට O/L වලින් A5 B2 C2 S1 ක් තියෙනවා. :yes::yes::yes:
    ඉතින් හෙන උනන්දුවෙන් පටන්ගත්ත BIO කරන්න. මුදලි මාර උනන්දුයි:dull::dull::dull: පස්සෙ පස්සෙ ඒ

    තිබුන උනන්දුවට මොනව උනාද කියන්න නෑ. කොහොමින් කොහොම හරි මම 2009දි විභාගය ලිව්ව

    Result එක -> F F S (S for Bio Logy)

    ඉතින් මට ආපහු කරන්න කියල ගෙදරින් සෑහෙන්න බල කරත්. මට එපා උන නිසා කරේ නෑ.

    අනිත් එක මචන්. අපි හරිම දුප්පත්. තාත්තත් ඔය කාලේ හිටියේ අසනීපෙන්. කොහොමින් කොහොම හරි මටත් නොදැනී කාලය ගත වෙලා ගියා.

    මටත් නොදැනිම මම දැන් වයසට ගිහින්. හැමෝම අහනව දැන් මොනවද කරන්නේ? ජොබ් එකක් කරනවද? :dull::dull::dull:

    අරව මේව.:baffled::baffled::baffled:

    O/L කරන කාලේ මම ටිකක් මීටරයක්, වගේම හොඳ කාඩ් එකකුත් මට තිබුනා. පස්සෙ මම ටික ටික කාලකන්නි වෙනකොට සහ විභාගෙ

    ඇනගත්තම සහ නැවතත් විභාගේ කරන්නැතිව ගෙදරින් බත් ගිල ගිල ගෙදරටම බරක්වෙවී ඉන්න වයි කියල දැන ගත්තම, ඉස්සර මට හිටපු යාළුවො

    මගෙන් ටික ටික ඈත් උනා. කොටින්ම කොල්‍එකක් ගත්තම Answere කරන්නැති තරමටම මගේ වටිනාකම බාල්දුවෙලා ගියා. :(:(:(

    ඒ සැලකිලි ගෙදරිනුත් අඩුවක් නැතිව එන්න ගත්ත. මගේ නෑදෑයො මාව ගනන් ගන්නැති උනා. තාත්ත මාත් එක්ක වැඩි කතාබහක් නැතිව ගියා.

    අම්මත් මාත්එක්ක කතා කරේ තරහින්.

    සමහර වෙලාවට බස්එකට ‍එහෙම සල්ලි ඉල්ලන කොට අම්මගෙ කටෙන් බත්ගිල ගිල නිකමෙක් වගේ ඉඳන් අපිට කරදර කරන්නේ නැතිව කුලී වැඩක් හරි

    කරල ජීවත් වෙයන් කියල අනන්තවත්
    අම්ම කියල තියෙනව. :no::no::no:ටික ටික ගෙදර තත්වෙ ඉතාම නීරස උනා. මගේ අම්මත් එක්ක, තාත්ත් එක්ක තිබුන සම්බන්ධකම්

    ඔක්කොම නැති උනා. :dull::dull::dull:

    මම කතා කරන එක ඉබේටම නැති උනා. මගේ දවස ගෙවන්න උදව් උනේ..ඒවගේම ජීවිතේ කෑවේ කොම්පිටරේ තමයි. ඒකත් එක්ක මම ජීවත්

    උනා. :dull:

    ඔහොම ටික ටික කාලෙ ගෙවෙන කොට තාත්තත් හදිසියේ රෝගී වෙලා. මීට අවුරුද්දකට කලින් නැති උනා. ඉන්පස්සේ අම්මයි මමයි ගෙදර හිටියේ.

    ඒත් මගේ තත්වේ හරමමයි. අම්මත් ගොඩක් දුක් වින්දා. මහලොකු ඉලන්දාරියෙක් වෙලත් තාමත් දෙමව්පියොන්ගෙන් රැකෙන තත්වෙට මම පත්

    උනා. ඒ දවස්වල මට ඕව වැඩිය තේරුනේ නෑ. මම නිකන් මනෝලෝකෙක ජීවත් උනේ. ඇත්තට මම ගැන මට දැන් පුදුම කළකිරීමක්

    තියෙන්නේ.:(:(:(

    ඔහොම කාලය ගෙවිල යද්දි තමයි මගේ ජීවිතේ තීරනාත්මකම දවස ආවේ. ඒතමයි මගේ අම්ට හදිසි පපුවෙ අමාරුවක් හැදිල අම්ම නැති උන එක.

    අම්ම නැති වෙලා දැනට මාස 5ක් විතර ඇති.ඉන් පස්සේ. මට කෑම හදල දෙන්න , ඉස්සර වගේ බැන බැන හරි හැම දේම හොයන්න කෙනෙක් නැති

    නිසා මම පුදුම විදියට අසරන උනා. අපි දුප්පත් නිසා නෑදෑයොත් මම ගැන බැලුවේ නෑ. මම බැංකු පො‍තේ ‍රුපියල් 17000ක් තිබිල අරගෙන

    10000ක් විතර වියදම් කරලා 3න් මාසේ දානෙ දුන්න. ඉස්සර ඉස්කෝල යන කාලෙ නොසලකා හැරපු කොල්ලො ටිකක් සෙට් කරගෙන. දැන්

    මමත්
    උන් වගේ. හැබැයි බොන්න ,දුරාචාරයේ ගියේ නෑ. ඉස්සර හිටපු එකම යාළුවෙක් වත් දැන් මට නෑ. ඒ ගෙවුන මාස කීපය ගැන බලද්දි මට පුදුම

    කලකිරීමක් , දුකක් ඇති උනා.

    පස්සේ අ‍තෙත් සල්ලි ඉවර වේගෙන යනකොට,මම රුපියල් 5000ක් අරගෙන තංගල්ලේ හෝටෙලේක වැඩට ආව. දැන් ඇවිල්ලා. මාස 3ට

    ලඟයි.මාසෙට රුපියල් 11500ක් ගෙවනවා. මුලුදවසෙම කට්ට කාගෙන වැඩ කරන්න ඕන රූ 7 විතර වෙනකන් මුදලාලි නම් හොඳයි වගේ

    :rolleyes::rolleyes:. ගෙවල් දොරවල් වල කවුරුත් නෑ වහල දාල. බඩුමුට්ටු කීයපක් විකුනල දැම්ම. සති අන්තේ ගිහින් සුද්ද

    පවිත්‍ර කරලා එනවා.

    දැන් මංගැන හොයල බලන්න කාත් කවුරුවත් නෑ. හරියට අහසින් වැටුනු අනාතයෙක් වගේ. හෙට මම මැරිල ගියත් මම වලදාන්නවත් කාත් කවුරුවත්

    මට නෑ. දැන් මට අවුරුදු 22ක් වෙනවා. මේ ඔක්තෝම්බර් 14ට මට 23ත් ලබනවා. ඉස්සර වගේ නෙමෙයි මගේ රූපෙත් සෑහෙන්න විකෟර්ති

    වෙලා. අදටත් මගෙ කරුමෙට හෝ මගේ ලඟ ඉන්නේ කොම්පියුටරේ තමයි. පොඩි කාමර කෑල්ලේ රෑට වැඩ ඉවර වෙලා පොඩි සිංදුවක් අහන්න එහෙම

    ඒක තමයි දැන් තියෙන්නේ. ඒකත් පිච්චිලා ගිය දවසට ඒකත් නෑ. :dull::dull::dull:

    ඔන්න ඕකතමයි මචන්ලා මගේ මම විසින්ම කාලකන්නි කරගත්ත කරුමක්කාර ජීවිතේ තත්තේ. මේක කියවනකොටත් ඔයාලට ලොකු පිළිකුලක්

    දැනෙන්න ඇති. ඒත් කරන්න දෙයක් නෑ. මට ඕව ඉස්සර තේරුනේ නෑ. තනිකරම හීන ලෝකෙක තමයි ජීවත් උනේ.

    :confused::confused::confused:

    අනික මට කවදාවත් කෙල්ලෙක් ඉඳලත් නෑ. කෙල්ලො පස්සෙ ගිහිනුත් නෑ. දැන් හිතේ සතුටකුත් නෑ..හැම දාම තංගල්ලේ පංති එන නංගිල මල්ලිල

    දකිනකොට මමත් එයාල වගේ පංති ගියපු හැටි මතක් වෙනව. හරිම අමාරුයි ඒදිහා බලන් ඉන්න. මට ආපහු ඒකාලෙට යන්න තිබුන නම් කියලත්

    හිතෙනවා. ඒත් මම දැන් පරක්කු වැඩියි...:no::no::no:

    මට කිසිම ජොබ් එකකට යන්නත් බෑ. මොකද මම A/L Failනේ.
    මට හිතෙනවා මේ ප්‍රශ්ණ ඔක්කොම මැද ආපහු A/L කරන්න. කරල C3 ක් හරි ගන්න. ඒත් මචන්ලා මට ඒක කරන්න අවසර තියෙනවද?

    :confused::confused::confused:

    මම එකපාරයි A/L ලිව්වේ. අනිත් 2පාරම ලිව්වේ නෑ. දැන් මට අවුරුදු 23ක් වෙනවා. මට දැන් උනත් A/L කරන්න පුලුවන්ද? කරල

    කරුමෙට හරි කැම්පස් සිලෙක්ට් උනොත්. මගේ වයස වැඩි නිසා ගන්න එකක් නැද්ද? දැන් ලංකාවේ තියෙන නීති රීති ගැන දන්න අය කියනවද? මම

    බැලුවේ කට්ට කාගෙන හරි A/L කරලා මේ නරකාදි ජීවිතෙන් ගැලවිලා. ජීවිතේ ඉතිරි ටික හරි. රටට වැඩක් ඇති, නම්බුකාර මිනිහෙක් විදියට

    ජීවත් වෙන්න. :yes::yes::yes:

    ඕක තමයි මගේ මේ දක්වා සත්‍ය ජීවිත කතාව. :(:(:(

     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    private a/l කරන්න නං පුලුවන් හැබැයි කැම්පස් ගන්නවාද නං දන්නෙ නෑ..
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මචං එලේවල් කරන්න පුළුවන් දැන් කරපන්.උබ තාම පරක්කු නැ..හැබැයි එලේවල් න කියන්නේ ජීවිතේ පැරදුනා කියන එක නෙමෙයි.....මන් එලේවල් කලෙත් නැ...ඔලෙල් විතරයි කලේ...අඩුම තරමේ උබ ලෙවල් කරලා හරි තියෙනවනේ බං.උබ එහෙම නැත්තම් මොන හරි කොස් එකක් කරපන්.වැටෙන්න එපා මචං හිතෙන වැටුනම නැගිටින හරි අමාරුයි....මොනම හරි පටන් ගනින්.උබට තාම 22යි.යකෝ මට 24යි ඇති දෙයක් නෑ...මට තාම ජොබ් එකක්වත් නෑ..එත් දැන් හැමවෙලාම මන් හිතන්නේ මොකක් හරි නැගිටින්න විදිහක්...උබ මොන හරි දෙයක් පොඩියට පටන් ගනින්...හිතෙන වැටෙන්න එපා මචං.....ජයවේව!!!!! බුදු සරණයි
     
    • Like
    Reactions: san**
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    A/L කරපං. කිසි අවුලක් නෑ කැම්පස් සිලෙක්ට් වුනොත් අනිවා යන්න පුලුවන්. වයස ප්‍රශ්නයක් නෑ.

    ඒත් උඹ දැන් හෝටල් ක්ෂේත්‍රෙය් ඉන්න නිසා ඔතනින්ම පටන් ගන්නත් පුලුවන්.
    ඒ සම්බන්ධ කෝස් එකක් කරලා ජීවිතේ ගොඩ දාගන්න පුලුවන්නෙ.
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    සැලෙන්න එපා මචන්, කවදාවත් හොඳ කරන කෙනෙකුට වරදින්නේ නැහැ මචන් උබට අනිවා හරියනවා
    A/L seen එක ගැන හරියට දන්නේ නැහැ, කවුරු හරි විස්තර කියයි...
    බුදු සරණයි මචන්....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ ඒලෙවල් ඇප්ලයි කරල ලිව්වෙ නැද්ද, නැත්තං කලේ ම නැද්ද...අපැදිලියි....
    ඇප්ලයි කරල ගියේ නැත්තං සොරි තමා.......පොඩ්ඩක් කට්ට කන්න වෙනව විශේස අවසරයක් ගන්න.....
    ඇප්ලයි කරේ නැත්තං කට්ට කාල කෛාහොම හරි එග්සෑම් දා ගනින්........ප්‍රයිවෙට් කරන්න පුළුවන්..නමුත් කැම්පස් සිලෙක්ට් වෙන්න පුළුවන් පළමු අවස්ථා 3න් විතරයි............

    පසුතැවීම හොදයි.......නමුත් පසු තැවීම මත්තෙ ම නහින්න එපා...........
    අරමුණක් තියාගෙන වැඩ කරන්න.....
    ඉගෙන ගන්න කාලේ මම ඔයිට වඩා කට්ටක් කෑව...............
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං එලේවල් කරන්න පුළුවන් දැන් කරපන්.උබ තාම පරක්කු නැ..හැබැයි එලේවල් න කියන්නේ ජීවිතේ පැරදුනා කියන එක නෙමෙයි.....මන් එලේවල් කලෙත් නැ...ඔලෙල් විතරයි කලේ...අඩුම තරමේ උබ ලෙවල් කරලා හරි තියෙනවනේ බං.උබ එහෙම නැත්තම් මොන හරි කොස් එකක් කරපන්.වැටෙන්න එපා මචං හිතෙන වැටුනම නැගිටින හරි අමාරුයි....මොනම හරි පටන් ගනින්.උබට තාම 22යි.යකෝ මට 24යි ඇති දෙයක් නෑ...මට තාම ජොබ් එකක්වත් නෑ..එත් දැන් හැමවෙලාම මන් හිතන්නේ මොකක් හරි නැගිටින්න විදිහක්...උබ මොන හරි දෙයක් පොඩියට පටන් ගනින්...හිතෙන වැටෙන්න එපා මචං.....ජයවේව!!!!! බුදු සරණයි

    උඹ හරි :D
    දැං කොහොමද බිස්නස් එහෙම?
    ස්කයිප් අයිඩී එක එවපංකො.
     

    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    computer danuma thiyena eke online money making methods try karala balanna yaluwa. jeewithaya gana kalakerenna epa. jeewithaya ohoma thamai. salli nathi wenakota aath wela yana yaaluwo yaaluwo newei. kenekuge duken sathutu wena yaaluwoth yaluwo newei.

    menna oyata online wada karanna puluwan sites tikak.

    http://www.odesk.com
    http://microworkers.com/

    web designing paththa dannawanam websites hadala google adsense walinuth keeya keeya hari hoya ganna puluwan. ada api jeewath wenne information age ekaka. thorathuru thaakshanaya paththen oyata goda enna puluwan. kisi dekata baya wenna epa. dewiyan kerehi vishwaasaya thiyanna. manasikawa watenne epa. api innawa oyath ekka.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    al ma neme bn jiwithe thawa wena hoda maarga thiyenawa ewa api danne nathi ekaki case eka
    oya samahara ol witarak thiyana ewun garment corse karala laksa ganan hoyanne
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මෙතන තියෙන්නෙ A/L නොකරපු එකේ ප්‍රශ්නයක් නෙමෙයි එතනින් පස්සෙ උඹ මොකුත් නොකරපු එකේ ප්‍රශ්නයක්.
    දැන් ඒවට කරන්න දෙයක් නෑ.ලංකාවෙ විභාග ලියන උන්ගෙන් A/L පාස් වෙන්නෙ පොඩි ප්‍රමාණයක් විතරයි.
    ඒත් එහෙමයි කියල හැම මිනිහම කාලකණ්ණි වෙන්නෙ නෑ.
    හිතට ශක්තිය අරන් ඔතනින් එහාට නැගිටින්න හිතට ගනින්.
    බැරි නෑ පුලුවන් :yes::yes::yes:
     
    • Like
    Reactions: Ayeshlive

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබට වයස තියෙනවා ජිවිතෙ කල කිරෙන්න එපා අනාගතය ගැන හිතපන්
    විබාග නොකරත් ජිවිතෙ ගොඩ යන්න පුලුවන් කරන දෙ හරියට කරපන්
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ඔබ එලෙවල් ෆෙල් කියාලා දුක් වෙන්න එපා. ඔබ හිතපන් එලෙවල් පාස් වෙලා කෑම්පස් ගිහින් ජොබ් නෑතිව අවුරුදු ගානන් ගෙදරට වේලා ඉන්න වුන් ගෑන.
    මන් කතාවක් කියන්නම්. මගෙ යාලුවෙක් හිටියා. උ ඔලෙවල් ෆෙල්. එලෙවල් කරෙත් නෑහෑ. උ ටෙක් එකෙ හාර්ඩ්වෙයාර් කොස් එකක් කරා. එකෙ ඩිප්ලොමා එකත් කරා. දෑන් මු වෑඩ කරන ගමන් ගෙදරත් වෑඩ පොලක් දා ගෙන ඉන්නවා.
    එලෙව පාස් වුන්, කෑම්පස් ගිය වුන්ට වඩා උ දෑන් හම්බ කරනවා.
    එ ගෑන පොඩ්ඩක් හිතපන්.
     

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    ඇයි බන් උඹ මෙච්චර කාලයක් මොකුත් කොස් එකක්වත් හෙව්වේ නැත්තේ? A/L අනාගත්ත අපේ ගොඩක් යාලුවෝ හිටියා. Technical College එකේ කොච්චර කොසස් තියෙනවද? Draftman කොස් එකක්වත් කරන්න තිබුනනේ උඹට. සල්ලි අමාරුකම් තියෙනවනම් ඒකෙන් වියදමට ගානකුත් දෙනවා. උඹට ඉක්මනට ජොබ් එකකුත් හොයාගන්න තිබුනා. උඹ තාමත් පරක්කු නෑ. දැන් මේ එළකිරි එකෙයි මමූණු පොතෙයි කාලේ කකා ඉන්නේ නැතුව කම්පියුටර් එක පැත්තකට දාලා ඔය ජොබ් එක කරන ගමන් Technical College එකේවත් week end course එකක් කරපන්. Technical College නැතත් වෘත්තීය පුහුණු ආයතනය වගේ ඒවගේ ගොඩක් job oriented courses තියෙනවා. උඹට ආපහු A/L කරන්න ඕන නම් එත් උඹ පරක්කු නෑ. ජොබ් එක කරන ගමන් Arts කරලා විභාගේ ගොඩ දාගනින්. ජය වේවා කොල්ලෝ. උඹ තාමත් ජීවිතෙන් පරාද නැහැ. හිතට දහිරිය අරගෙන ජීවිතේ දිනපන්.