අගහරු ගෙන් පානිය ජලය

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අගහරු ගෙන් පානිය ජලය


    Read more: http://www.malkakulu.com/2013/03/blog-post_16.html#ixzz2Ng6QVX7x




    අඟහරු ලොවේ පානීය ජලය තිබෙනවා! නාසා ආයතනයට ඔත්තුව ආවේ ‘කුතුහලයා’ගෙන්!

    නාසා ආයතනයෙන් අඟහරු ග‍්‍රහයා වෙත යවනු ලැබූ කියුරියෝසිටි (‘කුතුහලයා’) යානය දැන් දිගට ම රතු ග‍්‍රහයාගේ මතුපිට පිරික්සමින් යනවා. ඇත්ත වශයෙන්ම කියුරියෝසිටි කියන්නේ යානයක් විතරක් නෙවෙයි, අංග සම්පූර්ණ අති නවින පර්යේෂණාගාරයක්.

    පසුගියදා කියුරියෝසිටි යානය සොයා ගත්තා, රතු ග‍්‍රහයා කලකට පෙර ප‍්‍රාථමික ජීවීන්ට වාස භූමියක්ව පවතින්නට ඇති බව. මේ බව හඳුනා ගෙන ඇත්තේ එය රතු ග‍්‍රහයා මතුපිටින් රැස්කර ගත් පාෂාණ කැබලි පරීක්ෂා බැලීමෙන්. ජීවය පැවතීමට අත්‍යවශ්‍ය මූලික රසායනික ඒවායේ අන්තර්ගතව තිබූ නිසයි එවැනි නිගමනයකට විද්‍යාඥයන් පැමිණ ඇත්තේ.


    1.jpg


    අඟහරු මත ජීවය පවතින්නට ඇතැයි ‘ඔත්තුව’ දුන්නේ මතුපිට විදුම් කටුවකින් විද ලබා ගත් මේ පාෂාණ කුඩු සාම්පලයයි. මේ පස් නියුරියෝසිටි යානය තුළ ඇති විශේෂ රසායනාගාරය තුළ පරීක්ෂාවට ලක් වුණා. ජීවය පැවතීමට අත්‍යවශ්‍ය මූලික රසායන එහි ඇතැයි පිරික්සීමෙන් පෙනී ගිය බව නාසා ආයතනය කියනවා.

    ”අපට හමුවෙලා තියෙනවා, ජීවය ආරම්භ වීමට හෝ පැවතීමට හෝ සුදුසු පරිසරයක්, අඟහරු මත. ඒ වගේ පරිසරයක ජලය තියෙන්න ඕනෑ. ඒ පැවති කාලයේ ඔබ එහි හිටියා නම් ඒ ජලය පානය කරන්නටත් ඔබට හැකියාව තියෙනවා.” ජෝන් ග්‍රොට්සින්ගර් කියනවා. ඔහු කියුරියෝසිටි යානා ව්‍යාපෘතියේ විද්‍යඥයෙක්.

    කියුරියෝසිටි යානය එය කළ හැටි

    අඟහරු මතුපිට විද ලබා ගත් පාෂාණ කුඩු කියුරියෝසිටි යානයෙහි ඇති රසායනාගාරය තුළ පරීක්ෂා කරනු ලැබුවා. අඟහරුගේ සමකය අසල ගේල් ආවාටය පිහිටි ප‍්‍රදේශයේ ස්වාභාවික ද්‍රෝණියක බිම විදීමෙන් තමයි, මේ පාෂණ ලබා ගත්තේ.

    මේ පාෂාණ කුඩු මේ යානය තුළ ඇති රසායනික පර්යේෂණාගාර දෙකකදියි මේ පිරික්සුමට ලක් කළේ.

    ”අපට මේ මෙහෙයුමෙහිදී දැන ගැනීමට අවශ්‍ය වූ මූලික ප‍්‍රශ්නය වූයේ අඟහරු මත ජීවය පැවතීමට සුදුසු පරිසරයක් තිබුණාද යන්නයි.” මයිකල් මේයර් මේ පිළිබඳ අදහස් දක්වමින් කීවා. ඇමරිකානු නාසා ආයතනයේ අඟහරු ගවේෂණ වැඩසටහනෙහි ප‍්‍රධාන විද්‍යාඥයා ඔහුයි. ඔහු මේ අදහස් පළ කළේ ඒ ආයතනයේ වොෂින්ටන් මූලස්ථානයේ සිටයි.

    ”දැන් අපට ඊට පිළිතුර ‘ඔව්’ යනුවෙන් ලැබිලා තියෙනවා.” ඔහු කියනවා.

    කියුරියෝසිටි යානයේ රසායනාගාරය නව සොයා ගැනීමක් කර තියෙනවා, මේ ගල් කුඩු විලේෂණය කරමින්. ඒ නව සොයා ගැනීම තමා, කිසියම් ක්ෂුද්‍රජීවීන් විශේෂයකට ජීවත්වීමට සුදුසු පරිසරයක් අතීතයේ එහි තිබුණු බව අපට කියන්නේ.

    විද්‍යාඥයන් හඳුනාගෙන තියෙනවා, ගෙන්දගම් (සල්ෆර්), නයිට්රජන්, හයිඩ‍්‍රජන්, ඔක්සිජන්, පොස්පොරස් හා කාබන් - ජීවය පැවතීමට අවශ්‍ය මූලික අමු ද්‍රව්‍ය - යන මූල ද්‍රව්‍ය පිරික්සුමට ලක් වූ ගල්කුඩුවල ඇති බව. කියුරියෝසිටි යානය ඒවා ලබා ගත්තේ පසුගිය මාසයේ රතු ග‍්‍රහයාගේ සිඳී ගිය පැරණි ඇළක් ගලා ගිය බිමක වූ අවසාදිත පාෂාණ තට්ටුවක් විදීමෙනුයි.

    මේ නිගමනවලට එන්න අවශ්‍ය දත්ත ලැබුණේ ඒ යානය තුළ ඇති අඟහරු සාම්පල විශ්ලේෂණ උපකරණ හා රසායන විද්‍යා හා ඛනිජ විද්‍යා විශ්ලේෂණ උපකරණවලිනුයි.

    මේ දත්තවලින් දැක් වුණේ යෙලෝනයිෆ් බේ ප‍්‍රදේශයේ ගවේෂණය කරමින් සිටිය දී මුණ ගැසුණු සිදී ගිය පැරණි ගංගා පද්ධතියක හෝ ඊට බද්ධව පිහිටි තෙත විල් පතුලක්. එහි ක්ෂුද්‍රජීවීන් වැඞීමට උපකාර වන රසායනික ශක්තිය හා වෙනත් හිතකර තත්වයන් පැවති බව ඉන් පළ වුණා.

    ඒ පාෂාණ තැනී තිබුණේ ඛනිජ ද්‍රව්‍ය, සල්ෆේට් හා වෙනත් රසායන අන්තර්ගත ඉතා සියුම් මඬ ගල් වර්ගයකිනුයි. මේ පැරණි තෙත සහිත පරිසරය තුළ අඟහරු මත ඇති වෙනත් නැන්වලට වඩා ඔක්සිකරණය වීමක්, අම්ල ගතියක් හෝ ඉතා තද ලවණ ගතියක් තිබුණේ නැහැ.

    4.JPG


    අඟහරු මත තෝරා ගත් තැනක් විද යටින් වූ ගල්කුඩු රැස් කළ අයුරු යානය විසින් ම ගත් ඡායාරූපයක්.




    5.jpg




    අඟහරු මත විවිධ තැන්වල පාෂණ පිහිටා ඇති අයුරු දැක්වෙන ඡායාරූප දෙකක්. (වමේ) මෙරිඩියානු සානුවේ එන්ඩියුරන්ස් ආවාටයේ ඇති ‘වොප්මේ’ පාෂාණ තලයයි - මෙය හැදෑරීමට ලක් කළේ කලින් යවන ලද ඔපර්චුනිටි රෝවර් යානය මගිනුයි. (දකුණේ) කියුරියෝසිටි යානය දුටු ගේල් ආවාටයේ යොලෝනයිෆ් බේහී පිහිටි ‘ෂීපිබෙඞ්’ පාෂාණ තලයයි.



    කියුරියෝසිටි යානයේ විදමන් කටුව මගින් අඟහරුගේ භූ තලය හාරා යටින් පාෂාණ කුඩු මුලින් ම ලබා ගත්තේ 2012 සැප්තැම්බරයේදියි. ස්ථානය ලෙස තෝරා ගත්තේ කලකට පෙර සිඳී ගිය දිය පාරකැයි සිතූ නිම්නයක සිට යාර සිය ගණනක් තරම් දුරකින් පිහිටි බිමක්.

    ”මේ නියැදියේ සංයුතිය සියයට 20ක් විතර ඛනිජ මැටිවලින් සමන්විතයි.” ඬේවිඞ් බ්ලේක් කියනවා. ඔහු ප‍්‍රධාන පරීක්ෂකවරයා, ඛනිජ ද්‍රව්‍ය පිළිබඳව, නාසා ආයතනයේ ඒමිස් පර්යේෂණාගාරයේ.

    මේ ඛනිජ මැටි ඇති වන්නේ පිරිසිදු ජලය, ඔලිවයින් වැනි අග්නේය පාෂාණ සමග ප‍්‍රතිකි‍්‍රයා කළ විටයි. ඒවා මේ පරීක්ෂාවට ලක් වුණු අවසාදිතවල බහුලව තිබුණා.

    ප‍්‍රතිකි‍්‍රයාව සිදු වන්නට ඇත්තේ අවසාදිත තැන්පතු තුළයි. ඒ එම තැන්පතු ගලා එද්දී හෝ අවසාදිත බිහි වූ කලාපය තුළදියි.

    මේ මැටිවල කැල්සියම් සල්ෆේට් අන්තර්ගතව තිබීමෙන් එම පස උදාසීන හෝ යම්තම් ක්ෂාරීය ගතියෙන් යුක්ත යැයි සිතිය හැකියි.

    විද්‍යාඥයන් මවිතයට පත් වුණා, එහි ඔක්සිකරණය වූ, අඩුවෙන් ඔක්සිකරණය වූ හා ඔක්සිකරණය නොවූ රසායනවල මිශ‍්‍රණයක් එහි දකින්නට ලැබීම ගැන. පෘථිවියේදී නම් එවැනි ශක්ති අනුක‍්‍රමණයක් තිබීම ක්ෂුද්‍ර ජීවීන් බොහොමයකට ජීවත් වීමට සුදුසු පරිසරයක් මැවීමට ප‍්‍රමාණවත් තත්වයක්.

    මෙහි අර්ධ ඔක්සිකරණයක් ඇති බව මුලින් ම හැඟී ගියේ විදුම් කටුවෙන් විදිද්දී ඒ පාෂණ රතු නො වී අලූ පැහැයක් ගැනීම නිසයි.


    6.jpg


    මේ එක පෙළට තබා දැක්වෙන රූප දෙකෙන් පෙනෙන්නේ පාෂාණ සාම්පල දෙකක එක්ස්-රේ විවර්තන රටා දෙකක්. ඒවා කියුරියෝසිටි රෝවරය මගින් අඟහැර මතුපිටින් රැස් කර ගත් සාම්පලයි. රොක්නෙස්ට් පාෂාණ (වමේ) රටාවෙන් වායුව සහිත ජලයේ කි‍්‍රයාකාරිත්වයක් අඩු පරිසරයක ඇති දෙයක් බව පෙන්නුම් කරනවා. ජෝන් ක්ලීන් පාෂණ කුඩු (දකුණේ) රටාවෙන් වැඩි ජල කි‍්‍රයාකාරිත්වයක් ඇති විල් පත්ලක පරිසරයක ඇති දෙයක් බව පෙන්වනවා.

    7.jpg



    කියුරියෝසිටි යානයේ දිගු කළ හැකි රොබෝ අත, විදුම් කටුව හා ඊට සම්බන්ධ මෙවලම්


    ”ඒ සාම්පලයේදී අප විසින් හඳුනා ගෙන ඇති රසායනික මූල ද්‍රව්‍යවල විවිධත්වය කෙරෙහි අපේ අවධානය යොමු වුණා. එහි ඇති සල්ෆේට් හා සල්ෆයිඞ් යුගලවලින් පෙනී ගියේ ඒවා ක්ෂුද්‍ර ජීවීන්ට අවශ්‍ය ශක්තිය ලබා දෙන බවයි.” පෝල් මාහාෆි කියනවා. ඔහු නාසාහී ගොඩාඞ් අභ්‍යවකාශ පියසැරි මධ්‍යස්ථානයේ අඟහරු පස් පරීක්ෂා කරන උපකරණවල පිරික්සුම් ප‍්‍රධානියායි.

    මෙහිදී විදුම් උපකරණය මගින් ලබා ගත් අතිරේක පස් සාම්පලයක් යොදා ගෙන එහි ඇති වායුව විශ්ලේෂණය කිරීමෙන් කලින් හෙළි කර ගත් තොරතුරු තහවුරු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

    ”අප මෙහිදී විස්තර කළේ ඉතා පැරණි, එහෙත් අප අමුතුවෙන් දැන ගත් අඟහරුගේ අළු පැහැති පස ගැනයි. ඒවා තමා ජීවියකුගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධක.” ජෝන් ග්‍රොට්ශින්ගර් පැහැදිලි කරනවා. ඔහු කැලිෆෝනියා තාක්ෂණික ආයතනයේ අඟහරු විද්‍යා රසායනාගාර ව්‍යාපෘතියේ විද්‍යාඥයෙක්.

    8.jpg


    වර්ණ යොදා සකස් කළ මේ සිතියම අඟහරුගේ ගේල් අවාටයෙයි. කියුරියෝසිටි යානය රතු ග‍්‍රහයාගේ මතුපිට විදුම් කටුවකින් සිදුරු කොට පාෂණ කුඩු ලබා ගත්තේ මෙහි ජෝන් ක්ලීන් නම් ස්ථානයෙන් තමයි



    කියුරියෝසිටි ඉදිරියේ දී තවත් නොයෙකුත් විස්මයජනක දේ සොයා ගන්නවා සිකුරුයි! ඉදිරි මාසවල විතරක් නොවෙයි ඉදිරි වසරවලත් එය නොයෙක් දේ සොයා ගෙන වාර්තා කරාවි.

    ඉදිරි මාස කීපය තුළ දිගට ම එය යෙලෝනයිෆ් බේ ප‍්‍රදේශයේ විමසුම් විපරම් කරාවි. එතැනින් පසු කියුරියෝසිටි යානය ගේල් ආවාටයේ මැද පිහිටි මවුන්ට් ෂාප් කන්ද නගීවි.

    ඒ මවුන්ට් ෂාප් කඳු ගැටයේ පාෂාණ ස්තර, ඒවායේ ඇති මැටි ඛනිජ ද්‍රව්‍ය හා සල්ෆේට් වර්ග ගැන අඟහරු කක්ෂයේ සිට හඳුනා ගෙන තිබුණා. ඒ ගැන වැඩිමනත් විස්තර, එහි කාලවකවානු හා ජීවීන් පැවතිය හැකි පරිසරයේ විවධත්වය ආදිය කියුරියෝසිටි යානය ඊළඟට ලබා දේවි.


     

    Similar threads