විස්මිත අනාගතය දැක ගන්න

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    විස්මිත අනාගතය දැක ගන්න

    Read more: http://www.malkakulu.com/2013/03/blog-post_17.html#ixzz2NoRcBSCq




    ඔබේ අනාගත නිවස හා කන්තෝරුව කොයි වගේ වේවිද? ඒ විස්මිත අනාගතය දැක ගන්න එක්වන්න!

    ඔබට උයන හැටි කියා දෙන අන්තර්කි‍්‍රයාකාරී කුස්සි වැඩ තට්ටුවක්! නිවසේ හෝ කාර්යාලයේ බිත්ති පුරා පැතිරුණු යෝධ තිර! ස්පර්ශ තිර ලෙස භාවිත කළ හැකි මේස! මෙවලම් එකිනෙක ගෑවුණු විට සිදු වන සන්නිවේදනය! විද්යුත් ක‍්‍රමයෙන් රූප හුවමාරුවක්! මයික්‍රොසොෆ්ට් අනාගත සංකල්පය දැන් හැබෑ වෙලා!

    මේ කොම්පියුටර් දැවැන්තයා වෙතින් ඒ සංකල්පය අපට බලපාන හැටි දැක්වෙන වීඩියෝවක් නිපදවා තියෙනවා. සිය අනුග‍්‍රාහකයන්ට එම ආයතනයෙන් ඉදිරිපත් කෙරෙන ‘නුවණින් දකින පර්යේෂණාගාරය’ හෙවත් ‘පරිගණක සිප් හල’ (Envisioning lab) ඔවුන් මවිතයෙන් මවිතයට පත් කරනවාට සැකයක් නැ.

    මේ සංකල්පයට අනුව ඔබේ කුස්සියට එන එළවළු හඳුනා ගෙන ඔබට ඒවා රසට ගුණට පිළියෙල කළ හැකි ක‍්‍රමය කියා දෙන්න පුළුවන් වැඩතට්ටුවක් (worktop) එක් වෙනවා. බිත්තිය පුරා විහිදුණු පුළුල් තිර නිවසට හෝ කන්තෝරුවට එක් වෙනවා. ඒවා ඔබට විනෝද කී‍්‍රඩාවලටත් යොදා ගත හැකියි. ඔබේ මේසය ස්පර්ශ කළ විට යෝධ තිරයක් බවට පත් වෙනවා!

    මයික්‍රොසොෆ්ට් ආයතනය කියනවා, ඔවුන් වර්තමානයේ තාක්ෂණයේ සිදුවෙමින් පවතින වෙනස් වීම් සැලකිල්ලට ගෙන මෙම සංකල්පය නිර්මාණය කළ බව.

    1.jpg



    ඔබේ කුස්සියට එන පරිගණක වැඩතට්ටුවට ඔබ ගන්නා එළවළු හඳුනාගෙන ඒ සඳහා සූප විධි යෝජනා කරන්නත් පුළුවන්

    ”මයික්‍රොසොෆ්ට් ආරම්භ කළ මුල් කාලයේ දී අපට අවශ්‍ය වුණා, සෑම මේසයකටම, සෑම නිවසකටම පුද්ගලික පරිගණකයක් ලබා දෙන්න. ඒ කාලේ හැටියට එය සිහිනයක් වැනි බලාපොරොත්තුවක්. ඒත් අද එය සැබෑ වී තියෙනවා.” මේ නව සංකල්පය ඉදිරිපත් කරමින් මයික්‍රොසොෆ්ට් ආයතනයේ ස්ටීව් ක්ලේටන් කියනවා.

    ”දැන් තාක්ෂණයේ විස්මිත වෙනස්කම් රැසක් අපට පෙනෙන තෙක් මානයට ඇවිත්. අනාගතය මෙහෙම වෙයි කියලා නිකම් කතාවට කියලා බැහැ. ඒ වෙන හැටි පෙන්වා දෙන්න ඕනෑ. ඒ අනාගතය අත් විඳින්නට අනුග‍්‍රහාක ජනතාවට ම අවස්ථාව ලබා දෙන්න ඕනෑ.”

    මයික්‍රොසොෆ්ට් ආයතනය මීට කලින් නිර්මාණ හඳුන්වා දුන්නේ ‘හෝම්’ ('home') නමින් නිවසේ සාලයටයි. ඒවා නිසා විසිත්ත කාමරයේ පෙරළියක් සිදු වුණා.


    4.JPG


    ඒ වීඩියෝවෙන් දැක ගන්න පුළුවන්, යෝධ තිර ඉදිරියේ හිඳ රාජකාරි කතා බහේ යෙදෙන සේවකයන්.


    ”මේ නව ‘පරිගණක සිප් හල’ නිසා ඔබට වටහා ගත හැකි වේවි, එදිනෙදා ජීවිතය පහසු කර ගන්නට, විනෝදජනක එකක් කර ගන්නට, තාක්ෂණය යොදා ගත හැකි අන්දම ගැන. සමහර විට එය ඉතා සුළු වෙනස්කමක් විය හැකියි, සමහර විට පෙරළිකාර දෙයක් විය හැකියි.” ක්ලේටන් කියනවා.

    ”මේ නව නිපැයුම් නිවසේ, කාර්යාලයේ මෙන්ම වෙනත් තැන්වල හැඩරුව, වෙනස් කරාවි. අපේ නිෂ්පාදක කණ්ඩායම්, මයික්‍රොසොෆ්ට් පර්යේෂණ අංශය හා එක්ව අනාගත සමාජයේ හැඩතල පෙරළියකට ලක් කරාවි.”

    ”මං කැමතියි හඳුන්වා දෙන්න මෙය ‘සංකල්ප යානයක්’ හැටියට. මේ මගින් අපට අපේ අනුග‍්‍රාහක අමුත්තන් සමග අනාගත තාක්ෂණ ක‍්‍රමවේදයන් අත් විඳින්න පුළුවන්. ඔවුන්ගේ අදහස් උදහස් ලබා ගන්න පුළුවන්. ඔවුන් සමග සංවාදයක යෙදන්න පුළුවන්. මේ අප හිතන විදියට අනාගතයේ සිදු විය හැකි ප‍්‍රවණතායි.” ඔහු අවසාන වශයෙන් කියනවා.

    5.jpg


    විඩියෝවෙන් හෙළිදරවු වුණා, දරුවන්ගේ නිදන කාමරයේ බිත්ති හා එහි රඳවා ඇති රාමු තිර බවට පත් කර ගත හැකි බව.




    6.jpg



    ඔබේ අනාගත කාර්යාල මේසය යෝධ ස්පර්ශක තිරයක් බවට පත් කර ගත හැකියි. ඔබේ ටැබ්ලට් පරිගණකය ඊට හේත්තු කිරීමෙන් ඔබට අවශ්‍ය පින්තූර එයට ඇතුල් කර ගත හැකියි.

    මයික්‍රොසොෆ්ට් අනාගත දැක්ම; ජීවත් වන්න, වැඩ කරන්න, සෙල්ලම් කරන්න.






     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,457
    5,544
    113
    "බිත්ති පුරා යෝද තිර" , තියා අඟල් 43 ට වැඩි LED TV එකක් ගන්න පුළුවන් කීයෙන් කීදෙනාටද ලංකාවෙ ... ලොල් ...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    "බිත්ති පුරා යෝද තිර" , තියා අඟල් 43 ට වැඩි LED TV එකක් ගන්න පුළුවන් කීයෙන් කීදෙනාටද ලංකාවෙ ... ලොල් ...

    :rofl::rofl::rofl: