E BAY සහ මම .
මුලින්ම කියන්න ඔන උදවි කරපු නොකරපු හැමොටම ස්තතියි.E BAY ගැන කියන්න කලින් මම ගැන ටිකක් කියන්නමිකො. මම හශාන් කෝකිල වීරකෝන්.අවුරැදු 18 විතර ඇති දැනට ඒලෙවල් කරනවා (2013).දැන්
E BAY වල ඉන්න තත්වෙට එන්න සෑහෙන්න මහන්සි උනා.දැන් ඊබෙ ගැන සෑහෙන්න දේවල් දන්නවා.
දැන් කියන්නමි කො කොහොමද E BAY කරන්න පෙලබුනේ කියලා. ඒ කාලෙ මම පොඩි කොල්ලා.අතේ සතේ නෑ(දැන් තියනවා කියනවා නෙවෙ) O/L ඉවර උනා විතරයි. ඒ කාලේ ඉතින් පිස්සු වගේ දන්නැද්ද, ඉතින් ඔහොම ඉද්දි ඉතින් මට මාර විදියට ඔන උනා අර කරන්ටි වදින චුයින්ගමි එකක් ගන්න. හැමතැනම හෙවිවා නෑ.නෙටි එකේ sl ads සයිටි එකක තිබිබා 600/= කියලා. ඒකත් සුවර් නැතිව අතඇරලා දැමිමා. පස්සේ මම අහලා තිබිබා E BAY එකෙන් බඩු ගන්න පුඵවන් කියලා ඒත් හිතවෙ අමාරැ වැඩක් කියලා.කොකටත් E BAY එකේ ගහලා බැලුවා Electrick shok කියලා එතකොට ආවා 2us කියලා අර චුයින්ගමි එක පස්සෙ මමම මෙිකෙන් ගන්නවා කියලා තීරණය කරා.දැන් තීරනය කරාට මෙලෝ දෙයක් E BAY ගැන දන්නෑනෙ පස්සේ,
සිංහලෙන් Google එකේ ගහලා බැලුවා ඊබෙ කියලා. ඔහොම හොය හොයා ඉද්දි තමා දැක්කේ ධනික අයියාගේ blog එක.ලංකාවෙ අයටත් ගන්න පුළුවන්,වෙබි කාඩි එකක් ඔනෙ ඔහොම තව විස්තරත් තිබිබා. කොහොම කොහොම හරි රැපියල් 2500/=හොයාගෙන සමිපත් වෙබි කාඩි එකකට ඇප්ලයි කරා. දැන් ඉවසිල්ලක් නෑ කාඩි එක එනකල්. ඔහොම දවස් 10 විතර ඉන්නකොට ගෙදරට ලියුමක් ආවා ඒකෙ තිබිබ එක දැකලා පස් කන්න හිතනා.ඒකේ තිබිබෙ අයිඩින්ටි කොපිය යවලා නෑ කියලා.දැන් කරපන්කො,ඒකත් කරලා ආය දවස් 10 විතර ඉන්න උනා මගෙ අවාසනාව කියන්නේ ආය ලියුමක් ගෙදරට ආවා ඒකේ තිබිබෙ 18+ වෙන්න ඔන කියලා මොනවා කරන්නද බැංකවට කිවිවමයි උන් දන්නේ 18+ වෙන්න ඔන කියලා . කොහොම කොහොම හරි අඩලා අමිමගෙ නමට කාඩි එක්ක් ගත්තා. ඔහොම ඔහොම මාසයක් විතර මැඩවිලා කාඩි එක ගත්තා.(ධනික අයියාට thankzzz)
අරගෙන ධනික අයියාගේ blog එකේ තිබිබ විදියට කාඩි එක එහෙම පේපෑල් එකට ඇඩි කරලා වැඩෙ කරගත්තා. දැන් ඉතින් ගන්නයි තියෙන්නේ කියලා ගන්න අයිටමි ඒකක් හෙවිවා ඔන්න ඉතින් වාසනාව කියන්නේ samsung yeep mp3 player එකක් කනාවට වගේ බිඩි උනා 10US. බිඩි නැතිව ගන්නවනමි 50US වෙනවා.කොහොම හරි සල්ලි ගෙවලා ගත්තා.දැන් ඉවසිල්ලක් නෑ එනකල්.සතියකින් විතර බාන්ඩෙ ගෙදරටම ආවා කියහන්කො.මට පැනලා දුවන්න හිතනා.සුපිරියටම තිබිබා.එදායින් පස්සේ තමා වැඩෙ අල්ලලා ගියේ.E BAY ගැන විස්වාසේ ගොඩනැගනෙ .කොහොම හරි එදා ඉදලා මාර විදියට කලින් තිබිබට වඩා වාසනාව පෑදුනා. සමහර අයිටමි ගොඩක් අඩුවට බිඩි උනා mp3 player,usb flash drive,rings,vehicle parts,phones
ඔවිවගෙන් මාර විදියට යාලුවොන්ගෙන් සහ අනිත් අයගෙන් ඔඩර් ආවා.(ඔය අතරේ තමා phones 2-3 ක් රේගවට මාටිටු උනේ ඒකත් අඩලා අඩලා පගා දෙන්නේ නැතිව බෙර ගත්තා.)ගොඩක් ලාබ ලැබුවා.ඒදා ආයොඡනය කරපු 2500/=+5000/= ඔක්කොම 7500/= ඔකෙන් 50000 විතර හෙවිවා.එකෙන් කරේ pc eka හැදුවා හොද vga එකක් එහෙම ගැහුවා මොනිටරයක් ගත්තා අනිත් ටික ඉතරැ කරා .
ඔය අතරේ තමා E BAY පොලු(ඒවිවා පොලු නෙවෙ මම හරියට කරානමි එහෙම වෙන්නේ නෑ) සෙටි උනේ.24us mp3 player එකක් ආවෙ නෑ මාස 1 1/2 විතර ඉදලා අන්පේයිඩි case එකක් open කරන්න බලද්දි තමා දන්නේ දවස් 45 පස්සේ Unpaid case open කරන්න බෑ.. කියලා. ඒක ඉවරයි සල්ලිත් නෑ බඩුත් නෑ.දෙවනි පොල්ල තමා Nokia 6500c phone එකක්. ඡර්මන් සෙලර් කෙනෙක් shipping එක්ක 48us ඒකත් ආවෙ නැ. ඒ කේ කේස් එක E bay එකෙන් open කරා. වැඩි හොදට පේපෑල් එකෙත් open කරා. බැලින්නමි මම මොඩයා වගේ පේපෑල් ඒකේ open කරලා තියෙන්නේ වැරදි case එක. දඩුවම ලෙස ඔක්කොම case close...ඔය වගේ තව දේවල් උනා.
ඔහොම ඉන්නකොට මට හිතට ආවා ගෙන්නනවා වගේම යවන්නත් පුළුවන් ඇති එකත් කොහොම හරි කරන්න හිතා ගත්තා.ඒ එක්කම තමා දැක්කේ චින්තක කියලා කෙනෙක් මෙ Group එකේ දාලා තිබිබෙ E BAY සෙලින් ගැන.ඔහොම එහෙන් මෙහෙන් දැනගෙන පේපෑල් දෙකක් එහෙම හදාගෙන සෙලින් කරන්න ගත්තා.ඒ එක්කම ආ කියන්න බැරි උනා ඒ අතර තමා නියම විදිහට මට මෙ Group එක සෙටි උනේ මෙකෙන් තමා ගොඩක් උදවි ගත්තේ අදත් ගොඩක් උදවි ගන්නවා.ඒ සමගම ඇඩිමින් වනපතිරගේ දොන් උදිත සෞම්‍ය චතුරංග අයියාට ස්තති හැම වෙලේම අපි එක්ක හිටියට.මුලින්ම සෙල් කරේ කරපිංචා 100g.ඒක කොහොම හරි 4.5US
වගේ බිඩි වෙලා තිබිබා.දෙවෙනියට අර vga ලිස්ටි කරා ඒකත් 100US වගේ දුන්නා.පස්සේ මම 2US ගත්ත Headphone දෙක 30US වගේ බිඩි වෙලා තිබිබා.
කොහොම හරි ඔහොම දිගටම ආවා. වෙලාවකට මම වාසනාවන්තයි කියලා හිතෙනවා .මොකද පේපැල් 4ක් එකම pc එකේ used කරනවා ඒ වගේම E bay account 3(Feedback 23,46,70) ක් එකම pc එකේ used කරනවා. ඔවිවගේ Unpaid cases ඔන තරමි open වෙලා ඇති ඒති තාම 3 ම යහතින්.(ගිය මාසෙ පොඩි පොඩි අවුල් ටිකක් ආවා එවිවත් කතා කරලා විසදගත්තා) .ගිය මාසෙට E bay කරන්න අරන් අවුරැද්දයි.තාමත් Buyin & selling යහතින් කරනවා. ඉතින් ඔකයි සරලම කතාව.......
මෙ හැම දෙයකම කරන්න සියළු දෙනාම සහයෝගය දුන්නා.දෙමවිපියො,සහෝ,යාළුවො ඒ හැමොටම පිං.....ඒ එක්කම මෙ Group එකේ සියළු දෙනාටත්.
ඔයාලටත් මෙ වගේ අද්දැකීමි ඇති කියලා හිතනවා....
මාත් මෙ Group එකේ අයට ගොඩක් අදවි කරලා තියනවා විශේෂයෙන් සෙල් කරන අයට. ඉස්සරහටත් කරනවා
මෙක ටයිප් කරද්දිත් අයිටමි එකක් ගෙදරටම ආවා..(32 gb flash drive ) එකක් ...
දැන්නමි අතත් රිදෙනවා ...ඔයාලා මෙිකෙන් යමක් ඉගෙන ගන්නවනමි එචිචරයි..
මම කෝකිල