මත්තල_ගුවන්යානයක් පැය එකහමාරක් නවතී
කොළඹ සිට සෞදි අරාබියේ රියාද් නුවර බලා පියාසර කළ UL-273 ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය ඉන්ධන ලබා දීම ප‍්‍රමාද වීම නිසා පැය එකහමාරක් පමණ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඊයේ රඳවා තිබූ බව වාර්තා වේ.
මෙය ඊයේ මධ්‍යහ්නයේ දී කටුනායක ගුවන්තොටුපොළින් පිටත් වූ අතර, ඉන්ධන ලබා ගැනීම සඳහා මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළට ගොඩ බස්සා ඇත. තෙල් සැපයීමට අදාල බවුසරය නො පැමිණීම හේතුවෙන් පැය 1 1/2ක කාලයක් යානය ප‍්‍රමාද වී මගීන් අපහසුතාවයට පත් ව ඇතැයි ද වාර්තා වේ.

lankacnews
gossiplanka

gossiplanka