එක සැරයක් නෙමෙයි සිය සැරයක් බලන්න පුළුවන් කැත නැතුව.. බෝඩිම, එතුමා ටෙලි නාට්‍යය බලනකොට නම් හිනා කාලා මැරෙනවා..
නියමයි මචං.. මා ගාව තිබුණා ඕකෙ DVD එක.. දැන් නම් තියෙද දන්නෙත් නෑ.. මං ගාව සෑහෙන පරණ ටෙලිනාට්‍ය DVD එකතුවක් තිබුණා.. මං ඒවා ගත්තෙ අපේ තාත්තා නිතරම ඔය ටෙලිනාට්‍ය ගැන කතා කරන නිසා.. අද කාලෙ යන ඒවා මොනාද කියල හිතෙයි අරව මේවා කියනවා.. බැලින් නම් කතාව ඇත්ත.. අද කාලෙ හැදෙන්නෙ ටෙලිනාට්‍යද..? හොරකම් කරන ඒවයි, කෙල්ලො දූෂණය කරන ඒවයි, කෙල්ලො පන්නගෙන යන ඒවයි.. ඒ එක කතාවකින්වත් සමාජයට එක හොඳ දෙයක් ලැබෙන්නෑ.. මං කලින් නම් ආසාවෙන් බැලුවා කෝපි කඩේ එක දිගටම.. දැන් ඒක ඩයලොග් එකට කඩේ යනවා.. හිනා කාලා මැරෙනවා කතාවෙ අවසානයට..
බෝඩිම, සෙනුරි, බැද්දෙ ගෙදර, ඉසුරුයෝගය, මැණික් නදිය ගලා බසී, කන්දේ ගෙදර, සූරිය දරුවො, සුදු පරවියෝ, කුමාරයාණෙනි, දු දරුවෝ, වෙද හාමිනේ, රතු රෝස, ගමන, ඇල්ල ළඟ වලව්ව, නිසල දිය සසල විය, ලා හිරු දහසක්, පහන් කනුව, ගංගා සහ නිස්සංක, තොන්ඩුව, එතුමා, යශෝරාවය, අඹ යාළුවො, කඩුල්ල, දඬුබස්නාමානය, ගිරය, හිරුට මුවාවෙන්, කැලෑ සන්නිය, දෙකොණ ගිණි, පලිගු මැණිකේ (ජැක්සන් ඇන්තනී කරලියට ආවෙ මේ ටෙලි නාට්‍යයෙන් තමා..) ඒ වගේම ලංකාවෙ මුල්ම ටෙලි නාට්‍ය දිමුතු මුතු ඔය ටෙලි නාට්‍ය එකක් නෑර බලල තියෙනවා..එක සැරයක් නෙමෙයි සිය සැරයක් බලන්න පුළුවන් කැත නැතුව.. බෝඩිම, එතුමා ටෙලි නාට්‍යය බලනකොට නම් හිනා කාලා මැරෙනවා..
ගල් පිලිමය සහ බොල් පිලිමය තමා මෑත කාලෙදි මං බලපු හොඳම ටෙලිනාට්‍ය..
ගොඩක් වෙලාවට අපේ තාත්තා DVD ටික අරන් තියල ඇති.. එයා ඔය වගේ දේවල් හරියට පරිස්සම් කරනවා.. ගෙදර ගියපු වෙලාවක තිබුණොත් අප්ලෝඩ් කරන්න පුළුවන් කෙනෙකුට ඒ සෙට් එකම Post කරන්නම් Write කරලා.. එතකොට හැමෝටම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්නේ.. මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක චාටර්..


