මවු උණුහුම සිහි වු මොහොතක ....

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ලොව දකින්න ජීවය දුන් මගෙ ආදර අම්මා.............
ලේ කිරි කර මා ඇති දැඩි කල කුමරිය අම්මා....
ආදරයෙන් පුතේ කියා නිතර දොඩන අම්මා.........
දින දින පා නැමැද නැමැද වදිමි ගෙදර බුදුන් අම්මා....

ලං ලංව උනුහුමින් වෙලා ...... දෝතින්
සිත් කොනක ආදරෙන් හෙලා .... සුසුම්
විත් යනෙන කැකෑරුම් පාරනා ....රිදුම්
දුන් දිනෙක සගවම් කදුළු ..... දෙනෙත්

නැතත් ලගින් අද තුරුළු .......වන්නට
ඇතත් සිතින් පැතු පැතුම් ..... පුරන්නට
කලක් සොවින් සිටි මවුනි .... දකින්නට
පතමි තුටින් දිගු කලක් .... වැජබෙන්න
 

Dark princess

Member
Jan 25, 2013
327
80
0
-ඝන අඳුරේ-
මවගෙන් දුරස් වී දිවි ගෙවනා කලට
ඇ‍යගේ සොඳුරු ගුණ නිතරම එ‍යි සිතට
ගව් ගණනක් දුරින් ඇ‍යට සිටි‍යාට
සිතින් ඉබේටම දිව‍ය‍යි ඇ‍ය වෙතට

ඇ‍යගේ සිතේ පැතුමන් ඉටුකරලන්න
සිදුවි‍ය ටික කලකට ඇ‍ය හැර‍යන්න
ඉන් අනතුරුව ‍යලි ඇ‍ය වෙත පැමිණෙන්න
හැකිවෙ‍යි ‍යලිත් ඇගෙ උණුසුම විඳගන්න

(ගොඩක් ලස්සන‍යි sis.:) අම්මගෙන් ඈත්වෙලා ජීවත්වෙනකොට තම‍යි එ‍යාගේ වටිනාකම ගොඩක්ම දැනෙන්නේ.:()
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලං ලංව උනුහුමින් වෙලා ...... දෝතින්
    සිත් කොනක ආදරෙන් හෙලා .... සුසුම්
    විත් යනෙන කැකෑරුම් පාරනා ....රිදුම්
    දුන් දිනෙක සගවම් කදුළු ..... දෙනෙත්

    නැතත් ලගින් අද තුරුළු .......වන්නට
    ඇතත් සිතින් පැතු පැතුම් ..... පුරන්නට
    කලක් සොවින් සිටි මවුනි .... දකින්නට
    පතමි තුටින් දිගු කලක් .... වැජබෙන්න

    පට්ට... :yes::D

    :baffled: එක කවියට රිප්ලයි දෙක ..................වැටෙනකොට....
    මගෙ සංකල්පනා පරදිනවා ................ඔබට.........
    මොනවා කියන්නද කියලා සිතුනි ....මට.....
    එළ එළ අක්කෙ උඹ ලියපන් තව ...........හොදට....
    11.gif


     

    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28

    ඇත්තටම ලස්සනයි..තව ටිකක් උපමා රෑපක භාවිතා කරොත් තවත් ලස්සන වෙයි.....හඟවා සැඟවීමට වඩා, සඟවා හැඟවීම තුළින් ගීතයේ හා කවියේ රසය වඩ වඩාත් උද්දීපනයවේ. ඔබට ජය.
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පට්ට... :yes::D

    :baffled: එක කවියට රිප්ලයි දෙක ..................වැටෙනකොට....
    මගෙ සංකල්පනා පරදිනවා ................ඔබට.........
    මොනවා කියන්නද කියලා සිතුනි ....මට.....
    එළ එළ අක්කෙ උඹ ලියපන් තව ...........හොදට....
    11.gif



    quote කරේ වැරදි කවිය ....
    අතපසු වීමකින් නොවේද ....
    ඉතින් කිමද විස්සෝපෙන් ....
    රැවුම් ගෙරුම් අමනාපෙන් ....
    අදහසක් නම් නෑ තව මට ...
    කවි ලියලා thread දාන්න ...
    එලකිරියට විත් යනු මිස ...
    නෑ අදහස් වැජබෙන්නට .....
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඇත්තටම ලස්සනයි..තව ටිකක් උපමා රෑපක භාවිතා කරොත් තවත් ලස්සන වෙයි.....හඟවා සැඟවීමට වඩා, සඟවා හැඟවීම තුළින් ගීතයේ හා කවියේ රසය වඩ වඩාත් උද්දීපනයවේ. ඔබට ජය.
    බොහොමත්ම ස්තුත්යි සොයුර .... මීට පෙර කවි ලියල නෑ ..... පොඩි උත්සාහයක් විතරයි මේ ... ඉතින් ඔයාල වගේ අයගෙන් ලැබෙන මේ වගේ අවවාද , උපදෙස් ගොඩක් වටිනවා ..... නැවත වරක් ස්තුත්යි .....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    quote කරේ වැරදි කවිය ....
    අතපසු වීමකින් නොවේද ....
    ඉතින් කිමද විස්සෝපෙන් ....
    රැවුම් ගෙරුම් අමනාපෙන් ....
    අදහසක් නම් නෑ තව මට ...
    කවි ලියලා thread දාන්න ...
    එලකිරියට විත් යනු මිස ...
    නෑ අදහස් වැජබෙන්නට .....
    රැවුම් ගෙරුම් නොකල බවට..
    ඔබත් නැගනි දනී යසට..
    පැමිනීමත් පිටවීමත්...
    ඔබත් මාත් කරනු මිසක...
    උස් තැනකින් වැජඹෙන්නට
    ජීටී නං නොවේ නෙ මම :rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    රැවුම් ගෙරුම් නොකල බවට..
    ඔබත් නැගනි දනී යසට..
    පැමිනීමත් පිටවීමත්...
    ඔබත් මාත් කරනු මිසක...
    උස් තැනකින් වැජඹෙන්නට
    ජීටී නං නොවේ නෙ මම :rofl:

    එහෙයි යසට දනිමි මෙමා....
    GTනං නොවෙයි කියා.....
    සිතට දැනෙන්නේ පැනයක්.....
    කිමද ඔබේ වෙනස කියා .....
    මතකයි ඉස්සරනං ඔබ ....
    අමතනවා අක්ක කියා ....
    කටක් පුරා වු කි සෙනෙහස....
    නොදනිමි කොහි ගියේ කියා .....
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    ලං ලංව උනුහුමින් වෙලා ...... දෝතින්
    සිත් කොනක ආදරෙන් හෙලා .... සුසුම්
    විත් යනෙන කැකෑරුම් පාරනා .... රිදුම්
    දුන් දිනෙක සගවම් කදුළු ..... දෙනෙත්

    නැතත් ලගින් අද තුරුළු ....... වන්නට
    ඇතත් සිතින් පැතු පැතුම් ..... පුරන්නට
    කලක් සොවින් සිටි මවුනි .... දකින්නට
    පතමි තුටින් දිගු කලක් .... වැජබෙන්න

    ලං ලංව උණුහුමින් වෙලුනු ඒ කලේ....
    ආදරෙන් හෙලූ ඒ සුසුම් මගෙ සිතේ....
    නැගෙන විට මතකයට මවුනි ඔබෙ සෙනේ ....
    සිත් කොනක රිදුම් දෙයි සෙනේ හැඟුමන් මගේ....

    පතමි මම.. මතුදිනක ළගින් ඔබේ තුරුළු වන්නට
    පතමි මම.. දකින්නට තුටින් සිටිනා මවුන් මගෙ
    පතමි මම.. වැජඹෙන්නට තුටින් ඔබ සදාකල්
    පතමි මම.. පැතුම් මගෙ සඵල වන්නට මෙසසරෙම

    :love::love::love::love:
    :rolleyes::rolleyes::baffled::yes::confused::cool: