විස්මිත_සතුන්ගේ_ඇස්

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
විස්මිත_සතුන්ගේ_ඇස්

ඇස් අදහන්න බැරි තරම් විස්මිත සතුන්ගේ ඇස්! පියවි ඇසට නොපෙනෙන ලොව කැමරා ඇසින්!



එක බැල්මෙන් ම සිත සසළ කරවනසුලූ, කිසිදාක නුදුටු උරගයන් හා උභයජීවීන්ගේ ඇස් දකින ඔබට මෙවන් අත්දැකීමක් මින් පෙර නොලැබෙන්න ඇතුවා නිසැකයි.

මේ විවිධ ස්වරූපවල ඇස් මේ සතුන්ට උරුම වෙන්නට ඇත්තේ නිසැකව ම වසර මිලියන ගණනක් තිස්සේ සිදු වූ පරිණාමයේ හාස්කමක් ලෙස වෙන්න ඇති.

වෘත්තීය වනජීවී ඡායාරූප ශිල්පියකු වූ ඩැනියෙල් හියුක්ලින් සිය කැමරාවත් අරන් ලොව පුරා රටවල් ගණනාවකට ගියා මේ පින්තූර එකතුව ඔබ වෙත ගෙන එන්න.

r7vnOMx.jpg
ඡායාරූප ශිල්පී ඩැනියෙල් හියුක්ලින්ගේ වඩාත් සිත් ගත් මේ ඡායාරූපයේ වර්ණ යෙදී ඇති අන්දම ඉතාමත් විස්මිතයි! මේ පැන්තර් බොහොඬෙකුගේ ඇසේ රුව කැමරාවට නැඟුවේ මැඩගස්කරයේදියි.

S5NGTMz.jpg
මේ මැඩගස්කරයේ වෙසෙන තක්කාලි මැඬියාගේ ඇසක්. ඒ නම ඌට දී ඇත්තේ උගේ සිරුරේ දීප්තිමත් රතු පැහැය නිසයි. ඌ කිසියම් දෙයකට කෝප වී ඇති හැඩයි!

කියුබානු ගස් ගෙම්බාගේ රත් පැහැ ගත් කළුඉංගිරියාවත්, කටුස්සකුගේ ඇසෙහි ඇති වෛවර්ණ රටා සහිත කළුඉංගිරියාවත් දුටු මේ කැමරාශිල්පියා විස්මයට පත් වුණා. ඒ නිසායි මේ විදියේ රූප පෙළක්ම ගන්න පෙළඹුණේ.

”මං ඇත්තෙන්ම පුදුමයට පත් වුණා මේ සතුන්ගේ ඇස්වල ඇති විවිධත්වය හා ඒවායේ සිත් ගන්නා ස්වභාවය ගැන” හැටපස් හැවිරිදි ප‍්‍රංශ ජාතික කැමරාශිල්පියා කියනවා.

”මට මේ පින්තූර ගන්නට මිනිත්තු කීපයකට වඩා ගියේ නැ. ඒත් ඒවායේ විචිත‍්‍රත්වය තේරුම් ගන්න යමකුට හුඟක් වේලා බලා ඉන්න වෙනවා.”

PpYsdrg.jpg
මේ කියුබාවේ ගස් ගෙම්බෙක්. ඇහේ බබා කුඩා කර ඈතට බැල්මක් හෙළමින් කල්පනාවක නිමග්නව සිටින අයුරු.

”මේවා අතරින් මගේ සිත් වඩා ඇද ගත් ඇසේ හිමිකරුවා කටුස්සෙක්, එහෙමත් නැත්නම් බොහොඬෙක්. ඒ තරම් පුංචි ඉඩක ඒ තරම් වර්ණ රැසක් එක් රැස්කර තියෙන හැටි දැක්කාම පුදුමෙනුත් පුදුම හිතෙනවා.”

ඩැනියෙල් හියුක්ලින් ප‍්‍රංශයේ වෙසෙන වනජීවී කැමරාශිල්පියෙක්. ඔහු උරගයන්, උභයජීවීන් හා විරල ගණයේ සතුන් කැමරාවට නැගීමේ විශේෂඥයෙක්.

ඔහු මෙහි ඉන්නා තක්කාලි ගෙම්බා හා බොහොඬා කැමරාවට නැගුවේ මැඩගස්කරයෙදියි.

ටෝකේයි හූනා කැමරාවට නැගුවේ පිලිපීනයේ පැනේ දූපතේදියි. මොනාක් හූනාගේ පින්තූර ගත්තේ පිලිපීනයේ ලූසොන්වලදියි.

W9SivO9.jpg
පිලිපීනයේ මොනාක් හූනු විශේෂය. උගේ ඇස් දකින විට අපේ මතකයට එන්නේ බළල් ඇස්ය. ඌ ඇහේ බබා සිරස්ව පිහිටුවා ගෙන බලා ඉන්නවා.

සිහින් දිගු පාද ඇති ගස් ගෙම්බා කැමරාවට හසු කර ගත්තේ ප‍්‍රංශ ගයානාවෙදි. කියුබානු ගස් ගෙම්බා හමු වුණේ එරට එවර්ග්ලේඞ්ස් ජාතික වනෝද්‍යානයෙදි.

කේප් වර්ඬේ හූනා හා කොළ පැහැති ගස් ගෙම්බා හමු වුණේ වනයේදී නෙවෙයි, ඔවුන් අල්ලා ගෙන ඇති කරන තැනකදියි.

SeERYHG.jpg
ඇස ආත්මය පෙනෙන කවුළුවක් වගෙයි. සිහින් පාද සහිත මේ සතාත් ගස් ගෙම්බෙක්.

rwpkR2f.jpg
රතු ඇස් ඇති මේ ගස් ගෙම්බාගේ ඇස විශේෂයෙන් කැපී පෙනෙනවා උගේ සිරුරේ වර්ණය කොළ පැහැ නිසා.

9lTAu0u.jpg
මේ පිලිපීනයේ ඉන්නා ටෝකේයි හූනු විශේෂයට අයත් සතකුගේ ඇසක්. ඇහේ බබා විශාල කර ගෙනයි ඉන්නෙ.

o4j2fkz.jpg
මේ කේප් වර්ඬේ රාජ්‍යයේ ඉන්නා හූනු විශේෂයක්. ඇහේ බබා හකුළා ගෙන ඉන්න හැටි දුටුවාම හිතෙන්නෙ වෙනත් ලොවකින් ආ සතකු වගේ කියලයි.


ගත්තේ "මල් කැකුළු"
 
Last edited: