.: අමාවකට සඳ පායා :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: අමාවකට සඳ පායා :.

    "තරුවකට පෙම් කලෙමි" මගේ මුල්ම නව කතාව කියවපු හුග දෙනෙක් කියපු දෙයක් තමයි තව කතාවක් ලියන්න කියන එක.....අන්න ඒ දිරිමත් කිරීම නිසාම තමයි මගේ මේ දෙවෙනි නිර්මාණය මේ විදියට පටන් ගන්න යන්නේ....මේකත් මුල් නිර්මාණය වගේම මේ ත්‍රෙඩ් එකත් එක්කම දිගට ලියවෙන කතාවක්....කලින් කතාවේදී වගේම ඉඩක් ලැබුණු හැම වෙලාවකදීම අලුත් කොටසකින් ත්‍රෙඩ් එක අලුත් කරන්න තමයි බලාපොරොත්තුව....ඒ නිසා "තරුවකට පෙම් කලෙමි" ට ලබාදීපු ඒ සහයෝගයම මේ නිර්මාණයටත් ඒ විදියටම ලැබෙයි කියල මම විශ්වාස කරනවා....බොහොම ස්තූතියි෴



    ~ පළමුවන කොටස ~


    "Skyline Cyber Cafe"

    ඉතා අලංකාර ලෙස නිර්මාණය කරන ලද මෙම නාම පුවරුව සහිත අන්තර්ජාල සේවා සැපයුම් ආයතනය අසල රැදී දෙගිඩියාවෙන් බලා සිටින්නේ මෘදුකාංග නිර්මාණ ශිල්පියෙක් වූ දිසංක ඇහැලබණ්ඩාර නම් වූ තරුණයෙකි.

    හ්ම්ම්....මොකද කරන්නේ, මෙතනින් ඩවුන්ලෝඩ් කරනවද, නැද්ද....

    ඔහු මේ අයුරින් තමාගෙන්ම ප්‍රශ්න කරන්නේ අද දින ඔහුට අවශ්‍ය කරන මෘදුකාංගයක් භාගත කරගැනීමට සිදු වී ඇති නිසාත් ඔහුගේ ජංගම අන්තර්ජාල සේවා පැකේජය අතවශ්‍ය මොහොතේම විසන්ධි වී ඇති නිසාත්ය.

    නම වගේම ස්පීඩ් එකත් තිබ්බොත් හොඳයි...

    ඔහු අවසාන තීරණයට එළඹුණේ ඒ මොහොතේදීය.

    අ එක්ස් කියුස්මී...මට ටිකක් ලොකු සොෆ්ට්වෙයා එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඉන්ටනෙට් යුස්‌ කරන්න ඕනි, ඔයාලගේ චාජස් ඇන්ඩ් ස්පීඩ් එක එහෙම කොහොමද?

    ඇතුළු වූ විගසම සිනා මුසු මුහුණින් ඔහුව පිළිගත් රූමත් තරුණියගෙන් ඔහු එලෙස විචාළේය...

    ඔව් සර් පුළුවන්.... නෝමල් ඉන්ටනෙට් නම් පැයකට 80යි.....ට්වෙන්ටි එම්බී ස්පීඩ් එක...

    නෝමල් ඉන්ටනෙට් කිව්වේ?

    තරුණියගේ පිළිතුර අපැහැදිලි නිසා ඔහු එම පැනය යොමුකළේ ඒ පිලිබඳ තවත් පැහැදිලි කරගැනීමට අවශ්‍ය නිසාවෙනි...

    ඔව් සර්, තව එකක් තියෙනවා, 500 පර් අවර්...

    එවර තරුණියගෙන් ලද පිළිතුරත් සමග ඔහු වික්ෂිප්ත වී ගියේය....

    වට් ද....එච්චාර චාජ් කරන්නේ ඔයාද එක්කන් යන්නේ ඉන්ටනෙට්?

    ඔහුගෙන් උපහාසත්මක් ප්‍රකාශයක්...

    ඔව්, සර් කැමති නම් මට එක්ක යන්නත් පුළුවන්....එහෙම නැත්තන් වෙන කෙනෙක් ව තෝරගන්නත් පුළුවන්...

    ඇය මේ පවසන්නේ වෙන යම් දෙයක් ගැන බව ඔහුට සැකපහල විය.

    ඔව් සර් ඔය හිතන දේ ගැන තමයි මම කිව්වේ....මොන විදියටද කැමති සර්?

    ඔහු පිළිතුරක් ලබාදීමට මත්තෙන් එම තරුණිය නැවත හඬ අවදි කලේ දිසංක කල්පනා කල දෙය ඉවෙන් මෙන් වටහා ගත් නිසාවෙනි.

    ම්ම් ආ ඒත්...

    තම යටි හිත සහ උඩු හිත සමග වාදයක යෙදී සිටින ඔහුට නිශ්චිත පිළිතුරක් දීමට නොහැකි විය.

    බයවෙන්න කිසිම දෙයක් නෑ සර් අපි සියට සීයක්ම ප්‍රයිවසි තියනවා....හිඩ්න් කැම් මොනාවත් දාල නෑ....ඕනි නම් සර්ට චෙක් කරලා බලන්න උනත් පුළුවන්.....

    තරුණියගේ එම වචන හමුවේ සැඟවීමට උත්සාහ දැරූ යම් ආශාවක් ඉස්මතු වෙමින් පවතින බව ඔහුට හැඟෙයි .

    එහෙනම් සර් ටයිම් එක දාන්නද?

    හැගීම් මැඩ පවත්වාගැනීමට කිසිඳු ඉඩක් ඇයගෙන් නොලැබිණි....

    ම්ම් ඕකේ...

    ඒ පිළිතුර ලබාදුන්නේ ඔහුමදැයි ඔහුටද විශ්වාස නැත....ඔහුගේ සිත තුල මේ නලියන්නේ කාමුක ආශාවක්ද එසේ නැතහොත් මේ තරුණිය පිලිබඳ ආකර්ෂණයක් පමණක්ද කියා ඔහුටද නිර්ණය කරගත නොහැකි අවස්ථාවකට ඔහු මුහුණදෙමින් සිටී.


    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203FA.gif


    එල ඇරා දිගටම ලියමු ,,,,
    ඔයාගේ කථාත් බඩියා මල්ලිගේ වගේම ලස්සනයි.
    ගොඩාක් දවස් ගන්නේ නැතුව දාන්න......
     
    • Like
    Reactions: TNHM and argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 2 :.

    ~දෙවන කොටස ~

    ඇය මෙහි නිරත වන වෘතිය කුමක් වුවද ඇගේ හුරුබුහුටි අහිංසක මුහුණෙන් නික්මෙන භාවාත්මක ප්‍රකාශනයන් හමුවේ තමන් වැනි යොවුන් වියේ පසුවන තරුණයින් අතරමං වීම පුදුමයක් නොවන බව ඔහුට සිතිනි....

    සර් කාවද තෝරගන්නේ? මාවද නැත්තන් අනිත් අයවත් බලල ඉන්නවද?

    මේ ඇයට ලැබී ඇති උපදෙස් පිලිපැදීමකි...

    ඔයානේ මාව දැන් මේකට අහුකරගත්තේ, වෙන අය නෙවෙයි නේ....

    එම ප්‍රකාශය හමුවේ තරුණියගේ පියකරු මුහුණ මැලවී යන අයුරු ඔහු තරමක සතුටින් බලා සිටියේ තමා ජයග්‍රාහී ලෙස ඇයට වරද පැටවුවා වැනි හැගීමක් ඔහු තුල ඇතිවූ නිසාවෙනි....

    සොරි සර්!

    දිසංක ඇයගෙන් දිගු පිළිතුරක් බලාපොරොත්තු වුවද ඇයගේ මුවින් පිටවුනේ එපමණකි...

    නිසැකවම ඇය මෙම රැකියාවේ නිරතවන්නේ යම්කිසි අසරණකමක් නිසා වියයුතු යැයි ඔහුගේ සිතට තදින් දැනෙන්නට විය...

    සර්ට ඕනි නම් චෙක් කරලා බලන්න....

    මේසයක් මත වූ පරිඝනකයක් සහ පුටු දෙකක් වටකොට කිසිවෙකුට නොපෙනන සේ තැනූ කුඩා කාමරයක් තුලට පැමිණුනු පසු ඇය එම ප්‍රකාශය සිදු කලේ දිසංකගේ මුහුණ දෙස නොබලමිනි....

    ඕනි නෑ මම ඔයාව බිලීව් කරනවා....ඇයි දැන් බිම බලන් කතා කරන්නේ?

    දැන් ඔහුගේ වාරය යැයි ඔහුට සිතිනි.....නමුත් ඇයගෙන් පිළිතුරක් ලැබුනේ නැත....ඒ වෙනුවට ඇයගේ දෙනෙතේ කඳුළු කැටයක් දිලිසෙනු ඔහුට හොඳින් දැකගත හැකිවිය...

    ඇයි ඔයා වගේ අහිංසක ලස්සනක් තියෙන කෙනෙක් මේ වගේ ජොබ් එකක් කරන්නේ?

    දිසංකගේ ඊළඟ ප්‍රශ්නය ඇයගේ හදවත පසාරු කරන්නක් මෙන් ඇයට දැනෙන්නට විය...

    සර්, මේ දේවල් කතා කරන්න නෙවෙයි නේද මෙතෙනට ආවේ?

    ඇය ඉකිගැසුම් අතරින් එසේ පැවසුයේ ඉතා අපහසුවෙනි.....

    ඒවා වැඩක් නෑ, මම අහන දේවල් වලට දැන් ඔයා උත්තර දෙන්න....ඉස්සෙල්ල ඔයානේ කතා කරන් ගියේ දැන් මගේ වාරේ ඇවිත් තියෙන්නේ....

    සර් මගේ ප්‍රශ්න දැනගත්ත කියල මොනා කරන්නද?

    කරන්න පුළුවන් මොනාද බලන්න කියල ඉන්න එපැයි

    ඇයි සර් මට උදව් කරන්න හදන්නේ?

    ඇය තමාගේ පෞද්ගලික ප්‍රශ්න නන්නාදුනන පුද්ගලයෙකුට එක්වරම ප්‍රකාශ කිරීමට කැමැත්තක් නොදක්වයි....

    හරි මම කියන්නම්, ඔයා අර දේවල් කියන් යද්දී මට මොනා කියන්නද කියලවත් ඔලුවට ආවේ නෑ,මට හිතාගන්න බැරි උනා මොන වගේ ෆීලින් එකක් නිසාද මම මෙහෙම එන්න කැමති උනේ කියල....මෙතෙන්ට එනකන්ම මම කල්පනා කරේ ඒක....මට දැන් තේරුණා මට ඔයා ගැන තියෙන්නේ වෙන හැගීමක්....ඒක මොකක්ද කියල මට කියන්න තේරෙන්නේ නෑ හැබැයි මට ඔයාගේ විස්තර දැනගන්න ඕනි....මටත් නංගි කෙනෙක් ඉන්නවා ඒක නිසා මම කැමතියි ඔයාට උදව් කරන්න.....

    එවර ඇයගේ ඉකිගැසුම හැඬුමක් බවට පත්වී ඇත...


    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    000203FA.gif


    එල ඇරා දිගටම ලියමු ,,,,
    ඔයාගේ කථාත් බඩියා මල්ලිගේ වගේම ලස්සනයි.
    ගොඩාක් දවස් ගන්නේ නැතුව දාන්න......

    බොහොම ස්තූතියි නුවන් සහෝ෴:)
     
    • Like
    Reactions: TNHM

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,870
    113
    -In Darkness-
    හැමෝම කෑගහනවා ඉතුරු ටික දාන්න කියලා. නමුත් අත්දැකීමෙන් මම දන්නවා වැඩත් එක්ක කතාවක් ලියනවා කියන එක කොච්චර අමාරුද කියලා. මොකද මාත් මේකේ කතාවක් දාලා මුන් මාව කන්න හැදුවා ඉතුරුවා ඉල්ලලා. හැමෝම කිව්වේ කතාවේ රසය තියා ගන්න ඉක්මනින් ලීවා නම් තමා හොඳ කියලා? ඒත් පුළු පුළුවන් හැටියට දාපන් මචන් :yes::yes:
    මම තරුවකට පෙම් කලමි කතාව කියෙව්වා කලින්. හැබැයි PDF එක බාලා කියෙව්වේ එක සැරේ :P:P මේකත් එහෙම එනකන් ඉන්නවද කියලා බැලුවේ :oo::oo: කොහොම නමුත් ඔබට ජය
    :D:D
     
    • Like
    Reactions: gayan94 and TNHM