.: අමාවකට සඳ පායා :.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හැමෝම කෑගහනවා ඉතුරු ටික දාන්න කියලා. නමුත් අත්දැකීමෙන් මම දන්නවා වැඩත් එක්ක කතාවක් ලියනවා කියන එක කොච්චර අමාරුද කියලා. මොකද මාත් මේකේ කතාවක් දාලා මුන් මාව කන්න හැදුවා ඉතුරුවා ඉල්ලලා. හැමෝම කිව්වේ කතාවේ රසය තියා ගන්න ඉක්මනින් ලීවා නම් තමා හොඳ කියලා? ඒත් පුළු පුළුවන් හැටියට දාපන් මචන් :yes::yes:
    මම තරුවකට පෙම් කලමි කතාව කියෙව්වා කලින්. හැබැයි PDF එක බාලා කියෙව්වේ එක සැරේ :P:P මේකත් එහෙම එනකන් ඉන්නවද කියලා බැලුවේ :oo::oo: කොහොම නමුත් ඔබට ජය
    :D:D
    :oo::oo::oo:
    උබ නම් මල්ලී ,,,,,
    තැනකින් කොපිකරා මෙතන පේස්ට් කරානේ.
    මූට එහෙම බැහැ නේ ලියන්නම වෙනවා නේ .............
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 4 :.

    ~ සිව්වන කොටස ~

    ඇයි එන්න වෙලා ගියේ?

    දිසංක පැවසු ආකාරයටම ඇය එම ස්ථානයෙන් පිටතට පැමිණියේ ඔහු එතැනින් නික්ම ගොස් තවත් පැය කාලකට පමණ පසුවය...

    එතනින් එන්න දෙන්න බෑ කිව්වනේ සර්, කස්ටමර් ල එන වෙලාව කියල කෑ ගහන්න ගත්ත....ආපහු එන්නේ නැති හින්ද ඒවා අහන්නෙ නැතුව මම ආව....එන්න හදනකොටම මට එතන වැඩ කියල දුන්න අක්ක ඉස්සරහට හම්බුනා, එයාට ඇහිලා අපි කතා කරපු සමහර දේවල්....

    ඒ කොහොමද එයාට ඇහිලා තියෙන්නේ?

    එයා අපි හිටපු බොක්ස් ඒකට අල්ලපු ඒකෙ ඉඳල තියෙන්නේ ඒ වෙලේ.....

    අහ්හ්, බොක්ස් කියලද ඒවට කියන්නේ....

    ඔව් සර් අපි එහෙමයි කියන්නේ, කොහොමත් ඉතින් ඒ නම ගැලපෙනවනේ...

    මේ දැන් ඔය සර් කෑල්ල ඕනි නෑ.....අපේ අම්මයි තාත්තයි මට ලස්සන නමක් දාල තියෙනවා දිසංක කියල....

    අහ්හ් අනේ සොරි මට ඒක ඉබේටම කියවෙනවා, එහෙනම් දිසංක අයිය කියන්නද?

    අන්න එහෙම එන්න, එතකොට ඔයා මොන නංගී ද?

    චතුමි නංගි

    ඇයගේ මුහුණේ සිහින් සිනාවක් ඇදුනේ බොහෝ කලකට පසුවය...

    ඒක නෙවෙයි චතුමි නංගි ඔයා හිනාවෙනකොට මාර ලස්සන, නෑ

    ඇය ගේ මුහුණේ තවත් සිනා රැල්ලක්

    ගෑනු අයට ඔය ලස්සනයි කියන වචන වැඩිපුර කියන්න හොඳ නෑලු නෙ ආඩම්බර වෙනවලුනෙ ඒකයි එහෙම කිව්වේ ....

    ඇත්තටම ලස්සන අය එහෙම වෙන්න ඇති.....

    හ්ම්ම්.. ඒක නෙවෙයි ඔයා දැන් රෑට එහෙම ඉන්නේ කොහෙද?

    ඇයගේ සිනාමුසු මුහුණ තවදුරටත් දැකීමට අවශ්‍ය වුවත් ඊටත් වඩා ඇයගේ මෙම විස්තර දැනගැනීම මේ වෙලාවේ වැදගත් බව ඔහුට හැඟෙන්නට විය....

    හොස්පිට්ල් එකේම තමයි අයියේ.....එතන ඉන්න දෙනවා , මම අම්ම නැතුව තනියෙන් ඉඳලම නෑනෙ කොහෙවත්

    ඒ කියන්නේ නිදාගන්නේ නැද්ද රෑට?

    අතරින් පතර නින්ද යනව, බස් ඒකෙ එනකොට තමයි ඉතුරු ටික නිදාගන්නේ....

    එතකොට ඔයාලගේ ගෙදර කව්ද ඉන්නේ?

    ඒ ගෙදර දැන් අපිට අයිති නෑ අයියේ, අම්ම ලෙඩ උනාට පස්සේ ගෙදර ඔප්පු දීල තමයි ඒ පැත්තේ මුදලාලි කෙනෙක්ගෙන් සල්ලි ඉල්ලගත්තේ.....ඒ මිනිහම තමයි මාව මුලින්ම මේ තත්වෙට ඇදල දැම්මෙත්...

    ඔයා ගොඩක් දුක් විඳිනවා නේද නංගි....

    ඇය ගැන ඔහුගේ සිතෙහි වූ අනුකම්පාව තව තවත් දලුලයි...

    මොනා කරන්නද අයියේ, ගිය ආත්මේ කරපු ලොකු පවක් පඩිසන් දෙනවා වෙන්න ඇති....

    පෙර තිබු ඇයගේ සුන්දර සිනහව අතුරුදන්ව ගොස් ඇත.....

    මම අඳුරන අක්ක කෙනෙක් ඉන්නවා, සයු අක්ක කියල අපි කියන්නේ.... එයාට තියෙනවා පොඩි කමියුනිකේෂන් එකක් මාලබේ ටවුන් එකේ, ඒ වගේ තැනක් ශේප් නේද? පහු ගිය දවස් වල එයා හොයා හොයත් හිටිය වැඩට කෙනෙක්ව.....

    අනේ ලොකු උදව්වක් අයියේ, මමත් මේ ජොබ් ඒකට එන්න කලින් ඒ පැත්තේ කමියුනිකේෂන් වලින් ඇහුව ඒත් චාන්ස් එකක් ලැබුනේ නෑ....එහෙම ලැබුන නම් මේ වගේ ජරා රස්සාවකට එන්නේ නෑ කීයටවත්.....

    හ්ම්ම් හරි එතනනම් ෂුවර් එකටම සෙට් කරල දෙන්න පුළුවන්....ඔයාට වැඩ උනත් කියල දෙයි, හරි හොඳ අක්ක කෙනෙක්.....අනිත් එක ඔයාට මාලබේ ඉඳල හොස්පිට්ල් ඒකට යන්නත් ලේසියි නෙ....

    අයියට ගොඩක් පින් මේ කරන උදව් වලට....

    ආ හරි පින් ටික මගේ අකවුන්ට් එකට වැටෙන්න ඇති....මම අද රෑම සයු අක්කට කතා කරන්නම්, ඔයා කලින් කරපු ජොබ් එක ගැන කියන්නේ නෑ හොඳද....මගේ යාලුවෙක්ගෙ නෑදෑ වෙන නංගි කෙනෙක් වගේ මොකක් හරි කතාවක් ගොතල කියන්නම් මම....ඔයා ළඟ ෆෝන් එකක් තියෙනවද නංගි?

    ඔව් අයියේ, ඒ දවස්වල මම තනියෙන් ඒලෙවල් ක්ලාස් ගියපු නිසා අම්ම සල්ලි එකතු කරල පොඩි ෆෝන් එකක් අරන් දුන්න....

    හරි එහෙනම් ඒකෙ නම්බර් එක මට දෙන්න මම ඔයාට හෙට උදේ කෝල් කරල විස්තර කියන්නම්....



    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    දිගටම ලි‍යපන් මචන්...
    11.gif

    සුපිරියි ඇරා.. දිගටම ලියපන්..
    අප්ඩේට් කලාම පුළුවන් නම් මට VM එකක් දාපන්..
    උඹට ජය මචං..

    ela ela apen unsum subapathum !!!!!!

    අඩෝ එල එල..
    Rep ++++++

    බොහොම ස්තූතියි෴ සහෝල....දිගටම මේ සප් එක ඕනි හොඳේ! :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    katawa tikak amutui wage.. et digatama liyamu..

    ඔව් සහෝ මම කොහොමත් අමුතු කතා(වෙනස් කතා) ලියන්න තමයි කැමති....කියවන අයට එහෙම දැනෙනවා කියන්නේ මගේ වැඩේ සාර්ථක ඇති එහෙනම්.... බොහොම ස්තුතියි අදහස් වලට දිගටම මේ වගේ අදහස් ඕනි හොඳේ....:)