video~monk attack Fashion Bug

Sep 18, 2012
662
83
0


Challenging to police



අන්තවාදීන් විසින් රඟදැක්වුණු ෆැෂන් බග් නාටකයද දැන් අවසන්ව ඇත. මේ සිද්ධියට අදාල අය හඳුණාගෙන ඇති බව පොලීසිය පවසා ඇත. අප අවධාරණය කරන්නේ මෙම සිද්ධියට අදාල අය පොලීසිය මගින් හඳුනා ගැනුනද ඔවුන්ව අත්අඩංගුවට නොගෙන සිද්ධියට යම්තම් ගෑවුණු කිහිපදෙනෙකු පමණක් අත්අඩංගුවට ගැනෙනු ඇති බවයි. අපේ රටේ නීතිය ක්‍රියාත්මක වීම යනු මෙයයි. වැරදි කරනවුන් නිදැල්ලේ නොකළවුන් ඇතුලේය. සමහර විට අගතියට පත්වුවන් අත්අඩංගුවට ගන්නටද බැරි නැත.



ෆැෂන් බග් ආයතනයට පහර දීම කිසිදු පිළිගත හැකි හේතුවකින් තොරව වුවක් බව දැන් අනාවරණය වී ඇත. මුස්ලිම් තරුණයෙක් සිංහල තරුණියක සමග පෙම් පටලැවිල්ලක් ඇති වී පසුව එම තරුණියගේ පියා විසින් පොලීසියේ කරන ලද පැමිණිල්ලක් මෙයට හේතුවයි. මෙම තරුණයා විසින් තරුණිය සමග ලිංගිකව හැසිරී ඇති බැව් පැවසෙන අතර ඇය බාලවයස්කාර දැරියකි. තරුණියගේ පියා ඔහුට විරුද්ධව පොලීසියේ පැමිණිලි කර ඇත්තේ තරුණයා විසින් ඇයව මගඅරින්නට වීම නිසයි. මේ සිද්ධිය දෙස බලන කල තරුණයෙක් තරුණියකට පෙම් කිරීම බෞද්ධ සමාජය තුල වරදක් ලෙස නොසැලකේ. එය වරදක් වන්නේ ඉස්ලාමීය ෂරියාවට අනුවයි. ඒ අනුව මේ තරුණයා ෂරියාවට අනුව වැරදි කරුවෙකි.

මේ ෂරියානුකූල වරදට දඬුවම් දෙන්නට ඉදිරිපත් වන්නේ ඒ අසල පංසලක භික්ෂුන් වහන්සේලා සහ තවත් අන්තවාදීන් පිරිසකි. ඔවුන්ගේ දඬුවම කැකිල්ලේ තීන්දුවකට සමානය. ඔහු කලින් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත . ඔවුන්ට අනුව මේ තරුණයාට දඬුවම් දෙන්නට එම තරුණයා සොයා හෝ එම තරුණයා සේවය කළ ෆැෂන් බග් ආයතනය අසල පිහිටි වෙනත් සේවා ස්ථානය හෝ තෝරා නොගෙන ඔවුන්ට කුඩු කරන්නට සහ ගිනි තබන්නට හැකි ලෙස තිබෙන ෆැෂන් බග් ව්‍යාපාරය තෝරා ගැනීමකි. මොනරාගල බරවාහන ප්‍රවාහන සේවයක වැඩ කරන ඔහු ඇත්තටම එම තරුණයා ෆැෂන් බග් ආයතනයේ සේවය කළ කෙනෙකු නොවේ. නමුත් ෆැෂන් බග් විශාලව තිබෙන නිසා ජාතිවාදීන්ගේ ඇස් වලට ඇනෙන්නේ කටුය. මේ නිසා එම තරුණයාට විරුද්ධව ඇති චෝදනාවට දඬුවම් කිරීමට ෆැෂන් බග් ආයතනය තෝරා ගන්නට ඇත.

මේ සිද්ධිය සම්බන්ධව තවත් දෙයක් නම් මෙම සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නැති බව බොදු බල සේනාව, සිංහල රාවය සහ ජාතික හෙළ උරුමය විසින් ප්‍රකාශයට පත් කිරීමයි. නමුත් අප සියළුම දෙනා දන්නාවු ප්‍රසිද්ධ කරුණක් නම් මුස්ලිම් ව්‍යාපාර වලට එරෙහිව ජනතාව උසි ගැන්වීම කළේ මේ සංවිධාන තුනෙහි මුලිකයන් බවයි. ඔවුන් විසින් අන්තවාදය වපුරා දැන් කියන්නේ තමන් මෙයට කිසිසේත්ම සම්බන්ධ නොවු බවයි. නමුත් මේ කිසිවෙකුත් තවම මේ සිද්ධිය හෙලා දැක නැත. එමෙන්ම මෙම සිද්ධියට අදාල ප්‍රකාශයක් බොදු බල සේනාවේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර චීවරධාරියා විසින් පවසා ඇත. ඔහු විසින් කළ එම ප්‍රකාශය අන්තවාදයට රුකුලක් බව සැවොම පිළිගනිති.
 
Last edited:
Sep 18, 2012
662
83
0
69643_525150977537504_879943901_n.jpg
 
Sep 18, 2012
662
83
0
බොදු බල සේනාවේ ගලගොඩ අත්තේ ඥානසාර ශාසනයට නුසුදුසු බේබදු අයිආර්සී කාරයෙක්: මෙන්න ඇත්ත: හැකිනම් නැතැයි කියනු---------

(ලංකා ඊ නිව්ස් -2013.මාර්තු.29, පෙ.ව.5.30) ගෝඨාභය රාජපක්ෂගේ අණ පරිදි ක්‍රියා කරමින් සිංහල බෞද්ධයා වෙනුවෙන් දිවි පිදීමට පෙනී සිටින බව පෙන්වන බොදු බල සේනාවේ නායක ගලගොඩඅත්තේ ඥානසාර චීවරධාරියා සම්බුද්ධ ශාසනයට කිසිසේත්ම නොගැලපෙන අමුම අමු බේබදු අයිආර්සී කාරයෙක් බව සාක්ෂි සහිතව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා ලැබී තිබේ.

ගලගොඩ අත්තේ ඥානසාර චීවරධාරියා වර්ෂ 2000 අප්‍රේල් මස 14 දා එනම් සිංහල අවුරුදු දා පාන්දර 2 ට අධික ලෙස බීමත්ව අංක 6 ශ්‍රී 5444 දරණ මෝටර් රථය බලපත්‍ර නොමැතිව පදවමින් ග්‍රෑන්ඩ්පාස් හිදී තී්‍රවීල් රථයක් හප්පා එහි රියැදුරු වූ රවින්ද්‍ර කුමාර් නමැත්තාට බරපතල තුවාල සිදුකර පලා ගොස් ඇත. (හිට් ඇන්ඩ් රන්) පසුව පොලිසිය පසුපස පන්නා ගොස් ඥානසාර අල්ලාගෙන ඇති අතර ඔහු ඒ අවස්ථාවේ කෙලින් කටින් සිටීමට නොහැකි තරමට බීමත්ව සිට තිබේ. පොලිසියට රැගෙන විත් සිදුකළ ස්වසන පරීක‍ෂණයේදී කහපාට කොටස කොළපාට වී රතු ඉරද පන්නා ගොස් ඇත. ඉන් ඇඟවෙන්නේ මොහු අධික ලෙස බීමත්ව සිට ඇති බවයි.

පසුව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් රාජගිරියේ අංක 615 හි පදිංචි ගලගොඩඅත්තේ ඥානසාරට එරෙහිව නඩු අංක 6315/2000 යටතේ කොළඹ 12 රථවාහන වැරදි සම්බන්ධ අධිකරණයේ චෝදනා 9 ක් යටතේ නඩු පවරා තිබේ. බලපත්‍රයක් නොමැතිව බීමත්ව රිය පදවා තුවාල සිදුකොට පැන යෑමට අමතරව රාජකාරියට බාධා කිරීමද ඊට ඇතුලත්ව ඇත.

2000 සැප්තැම්බර් මස 20 දා අධිකරණයේදී සියළු චෝදනා වලට වරද පිළිගත් ගලගොඩඅත්තේ ඥානසාරට අධිකරණය විසින් රුපියල් දස දහසක දඩයක් නියම කර ඇත.

හැකි නම් මේ කරුණු බොරු යයි කියන ලෙස අප ගලගොඩඅත්තේ ඥානසාර නම් චීවරධාරී මදාවියාට සහ බොදු බල සේනා සංවිධානයට අභියෝග කරමු.

ඊයේ නීත්‍යාණුකූල වෙළඳ ව්‍යාපාරයකට බොදු බල සේනා ත්‍රස්තවාදීන් පහරදුන්නේ මෙවැනි බේබදු අයිආර්සී කාරයෙකුගේ පෙළැඹවීම මතය.

මේ හෙළිදරව්ව අනුව ප්‍රශ්න කිහිපයක් පැන නගී

• මෙසේ බරපතල ලෙස බුද්ධ ශාසනයේ විනය උල්ලංඝනය කළ පුද්ගලයෙකුට සංඝ නායක හිමිවරුන් විසින් දුන් ද~ුවම කුමක්ද?
• 'රාජකීය පණ්ඩිත' ලෙස නම්බු නාම දුන්නේ බීමත්ව රිය පදවා මිනිසෙකු හප්පා නොනවත්වා ගොස් පොලිසියෙන් අල්ලාගෙන නඩු දමා දඩ ගැසුම් කෑ පුද්ගලයෙකු නිසා අනෙකුත් හිමිවරුන්ට වඩා වැඩ කාරයෙක් ලෙස මහනායක හිමිවරුන් පවා පිළිගන්නා නිසාද?
• මෙවැනි බේබදු මදාවියන්ට සිවුරක් හැඳි පමණින් ලැඛෙන සමාජ වටිනාකමක් තිබේද?
• ජනතාවගේ දානයෙන් බීගෙන කෙතරම් නැටුම් නැටුවද මහනායක හිමිවරුන් ද~ුවම් නොකිරීම නිසා අද ඔහු ඊටත් එහා ගොස් බුදුන් ගේ ධර්මයේ නාමයෙන් ම්ලේච්ඡ වියරු කතා දෙසීමෙන් නොනැවතී සාමකාමී සමාජයට ත්‍රස්ත ප්‍රහාර එල්ල කරනවා නොවේද?
• තව දුරටත් නිහ~ව සිට මේ සියල්ල අනුමත කරමින් උතුම් වූ බුද්ධ ධර්මය මේ ශ්‍රී ලංකාවෙන් තුරන් වන තුරු ඇහැ කන පියාගෙන ඉන්නවාද?
• මේ බේබදු මදාවියා ශාසනයෙන් එළවා දමා උතුම් වූ සංඝ ශාසනය බේරා ගන්නවාද?

සාමාන්‍ය පුද්ගලයෙකුට නම් අධිකරණය දුන් ද~ුවම සෑහෙන නමුත් මොහු චීවරධාරියෙකු වන බැවින් ඔහුට විරුද්ධව සංඝයා වහන්සේලාගේ විනය අනුව ද~ුවමක් ලැබිය යුතුය. මේ වන තුරු මහා නායක හිමිවරුන් අධිකරණ සංඝනායක හිමිවරුන් මේ ගැන නොදැන සිටියා නම් අදින් පසු මොහු සම්බන්ධයෙන් ගන්නා වූ විනය ක්‍රියාමාර්ගය කුමක්දැයි අප බලා සිටිමු.

සංඝයා වහන්සේලාට අපහාස කිරීමට නොව ශාසනය කන ජාතිවාදීන් ගැන දැනගැනීම පිණිසයි
 

sachithmax

Member
Jun 9, 2007
6,597
88
0
39
de_dust 2
me harak nisa buddagama nikan vinasa wenawa shik...modayo wage hasirenne..building kudu karala mona huththak gannada me yakku hadanne?..baluwama muslim eun hodai ne ape eunta wada... ape eun ne jathi waade aussanne...shik siurata garu karanawa kiyala me wage unta nam garu karala wadak na..
 

rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    me harak nisa buddagama nikan vinasa wenawa shik...modayo wage hasirenne..building kudu karala mona huththak gannada me yakku hadanne?..baluwama muslim eun hodai ne ape eunta wada... ape eun ne jathi waade aussanne...shik siurata garu karanawa kiyala me wage unta nam garu karala wadak na..

    :yes:
     

    nam

    Member
    Oct 20, 2006
    223
    5
    0
    මෙ රටේ අපහු යුද්දයක් ඈති වේවි කියල මිනිස්සුන්ගෙ කටවල් වහන්න ඔය ගෙරි හෑත්තට බෑ, කොටි අවුරුදු 30ක් බොරුවට අනාගෙන හිටපු යුද්දෙ අවුරුදු 4 න් ඉවර කරල, අහින්සක සින්හල, දෙමල මිනිස්සු බෙරපු කොල්ලන්ට ඔය එහෙ මෙහෙ ඉන්න අන්තවාදි මුස්ලිම් අගමට මුවාවෙච් සුළු පොන්නයො රෑන කජ්ජක්ද බොල. මුස්ලිම් හොන්ද මිනිස්සු අනන්ත ඉන්නව. උන්ටත් අර අවජතක අන්තවාදි බල්ලො නිසා කතන්දර අහන්න වෙලා.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    me harak nisa buddagama nikan vinasa wenawa shik...modayo wage hasirenne..building kudu karala mona huththak gannada me yakku hadanne?..baluwama muslim eun hodai ne ape eunta wada... ape eun ne jathi waade aussanne...shik siurata garu karanawa kiyala me wage unta nam garu karala wadak na..

    :yes:
     
    Sep 18, 2012
    662
    83
    0
    මෙ රටේ අපහු යුද්දයක් ඈති වේවි කියල මිනිස්සුන්ගෙ කටවල් වහන්න ඔය ගෙරි හෑත්තට බෑ, කොටි අවුරුදු 30ක් බොරුවට අනාගෙන හිටපු යුද්දෙ අවුරුදු 4 න් ඉවර කරල, අහින්සක සින්හල, දෙමල මිනිස්සු බෙරපු කොල්ලන්ට ඔය එහෙ මෙහෙ ඉන්න අන්තවාදි මුස්ලිම් අගමට මුවාවෙච් සුළු පොන්නයො රෑන කජ්ජක්ද බොල. මුස්ලිම් හොන්ද මිනිස්සු අනන්ත ඉන්නව. උන්ටත් අර අවජතක අන්තවාදි බල්ලො නිසා කතන්දර අහන්න වෙලා.
    anthavaaadi bauddayo tika ehenam?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sinhala, tamil, muslim, english, onama samajayaka good and bad people la innawa. Mea seratama kalin thaman good man kenekk wenna try karanna ona. Eka thamanta hodai.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama good man kenek wenna try karana Sinhala minisek. Mama Sinhala , tamil, Muslim Minissunta avankavama help karala thiyenawa.