-=(¯`·._.· හිටිවන කවි සමාජය ·._.·´¯)=-

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මගුලෙ විභාග‍ය ඇත මට එපා..............වෙලා
    නිවනක් නැතේ දවසම පාඩම්..............කරලා
    විභාග කි‍යන දේ ඇරඹූ උන්.............හො‍යලා
    එන්නට හිත‍යි දතක් කැඩෙන්නට.........නෙලලා

    :dull::dull::dull:



    අනිවා මචන් මම එනවා සප් එකට
    නෙලලා එමුද වැදු මවු සිහි වෙන්ට
    දෙතුන් දෙනෙක් බාවාලා කොඩි ඇදලා
    වල දාල එමු දානෙට වග කියලා....​
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;14732445 said:
    කන්නෙ කැන්ටිමෙන් නැ එවගෙ ලුනු රසය
    ඉන්නෙ බොඩිමෙ නැ මෙවගෙ කිසි ගතිය
    මගෙ හද මඩල දුන් යුවතිය නැත ලගක
    කෙසේ වාවා ගන්නද මෙ දුක සෝක
    කැන්ටින් කෑම මට නම් අවුලක්.........නැති‍ය
    බෝතල් ඇති කලට බෝඩිම නම්........මරු‍ය
    කෙල්ලෙක් නැති නිසා ඒ ගැන......දන්නැති‍ය
    උලත් පිලත් කොතන උනත් මට.........එක‍ය
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;14732466 said:
    අනිවා මචන් මම එනවා සප් එකට
    නෙලලා එමුද වැදු මවු සිහි වෙන්ට
    දෙතුන් දෙනෙක් බාවාලා කොඩි ඇදලා
    වල දාල එමු දානෙට වග කියලා....​
    අහිංසක අපේ මුලු දිවි‍යම............කාලා
    උන් ඇත බම්බු විභාග‍යක් සෙට්....කරලා
    මට නම් මදි නිකම්ම ඕකුන්.........මරලා
    ඇහේ ඉඳන් පට්ට ගහමි ලුණු........දාලා
     
    කවි පද ලියන්නට නම් මම නැහැ දන්නේ
    අහක බලන් යන්නට නැහැ සිත දෙන්නේ
    ඒ හින්දා ඉතින් පද වැල් ගලපන්නේ
    නොදැනිම කාලය වරුවක් ගෙනිහින්නේ
    :dull: :rolleyes:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,709
    4,050
    113
    Kingdom of Hyrule
    කැන්ඩි අයිය අලුත් වැඩක් අරබාලා
    එලකිරියන් කවි ලියනවා හෝගාලා
    හිටිවන කවි රසයෙන් දැන් මත්වීලා
    මාත් එකක් ලිව්වා කවි රසදාලා


    :D:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට නම් ඇතේ දැන් ‍යන්නට........සිදුවීලා
    නැත්තම් ඉතින් ‍ය‍යි මාහට........කෙලවීලා
    විභාග ඇරඹු උන්ගේ මව.........සිහි කරලා
    මම ‍යනවා හෙමින්සැරේ.........මාරුවෙලා


    :baffled::baffled::baffled:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මට නම් ඇතේ දැන් ‍යන්නට........සිදුවීලා
    නැත්තම් ඉතින් ‍ය‍යි මාහට........කෙලවීලා
    විභාග ඇරඹු උන්ගේ මව.........සිහි කරලා
    මම ‍යනවා හෙමින්සැරේ.........මාරුවෙලා


    :baffled::baffled::baffled:
    දන්නවා රගේ ඇති කල ඔය ......... විභාගේ
    ඉන්නවා ඒත් නෑ එළකිරි දමා .......... ගියේ
    ලීවට කිමද කම් නෑ කවි ............ සමාජේ
    ගොඩ යනවා විභාගෙ දුක් නොවන් .... මලේ
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පියවි ගහ කොළ රුසිරු දැක මත් වෙලා කවියන් අසිරියෙන්
    දනන් සිත් තුටු කරන කව් පද එදා බැන්දේ පන්හිදෙන්
    දිස්නෙ ගහනා මොනිටරේ සැර වදින විට හිස කැරකෙමින්
    සතර පදයක් ගැලපුවා මම යතුරු පුවරුව තෙරපමින්
     
    පියවි ගහ කොළ රුසිරු දැක මත් වෙලා කවියන් අසිරියෙන්
    දනන් සිත් තුටු කරන කව් පද එදා බැන්දේ පන්හිදෙන්
    දිස්නෙ ගහනා මොනිටරේ සැර වදින විට හිස කැරකෙමින්
    සතර පදයක් ගැලපුවා මම යතුරු පුවරුව තෙරපමින්

    මෙන්න බොලේ බින්ගොත් ඇත කවි ලියලා
    නිකන් නොවේ හොඳ බර වචනත් දාලා
    දිගටම ලියමු කවි පද හැඩ වැඩ දාලා
    නග්ගල ගමුකො එලකිරි හිටිවන කවියා
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    ආවෙමි මමත් කවියෙන් පද ගලපන්න..
    කවුරුත් නැද්ද මා හා දැන් එක්වන්න..
    පාලුව තනිය මග හරවා ගන්න..
    කට්ටිය එන්න කවියෙන් පද ගලපන්න..
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    කිසිදින නොලද ඒ නිර්මල පෙම්........සුවඳ
    පතමින් ලතැවුනිය මා සිත නිති........නිබඳ
    විකසිත වුනිය තරුවක් තුන් සිත.......ලබැඳ
    පායන් කුමරියේ ඔබ මා සතු............වේද
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    කෙල්ලන් ඇති තරම් ලන්කාවේ ඉන්නේ..
    ඒත් තාම මම තනිකඩ් වෙන්නේ..
    අහන අහන කෙල්ලට කොල්ලන් ඉන්නේ..
    කවදද මගේ පෙම මාහට හමුවන්නේ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිසසල රැයකි සද වට තරු හිනැහෙනවා....
    පිනි බිදු තන මතින් අදුරේ දිලිසෙනවා.........
    සිසිලැල් සුලගකින් තුරු ලිය සෙලවෙනවා...
    මා පැතු කුමරි නිදි යහනේ සැතපෙනවා.....:rolleyes:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නූල දුටුව..............කල
    පිපුනි හිසේ............මල
    කියවා කවි.........කොල
    මමත් ලිව්වා........බොල
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    දූටූවෙමි විවිධ දස්කම් "එලකිරි" ඇතුලේ
    සතුටට කාරණාවකි එය මේ කාලේ
    කවිකම ඇති අයට මම මේ කතා කලේ
    දෙන්න පිලිතුරක් හිටිවන කවි මඩලේ

    දුටුවෙමි මමත් දස්කම් "එළකිරි" ඇතුලේ
    සතුටු උනෙමි ඒවා දැක මේ කාලේ
    කවිකම ඇති අයට ඔබ ඒ කතා කළේ
    පිළිතුරු නැති උනේ ඇයි දෙන්න ඒ කාලේ

    :dull::dull:

    කවි පද ගොතන්නට දස්කම් නෑ ......මෙමට
    දුටු විට අහක බලලා යන්නේ ...... කෙලෙස
    මෙතරම් වටින හූයක් යට ගියෙ ....... මන්ද
    නග්ගල ගත්ත පද්දල ගන්නකෝ ..... ඔන්න

    දස්කම් නැහැලු නුඹ හට කවි ගොතන්නට
    එනමුදු ගොතයි නුඹ කවි පද ඇඬේන්නට
    බොරුව නොපා දෙනු හිටිවන හැලෙන්නට
    පද්දල ගනින් අක්කේ හිත හැදෙන්නට

    :P
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,709
    4,050
    113
    Kingdom of Hyrule
    සීතල රැයකි තරු අහසේ දිලිසෙනවා
    කවියක් ලියන්නට මගේ සිත පොපියනවා
    කවි රස සමග මුසුවී ගත පුබුදිනවා
    රසවත් පද යොදා කවියක් පබදිනවා


    :D:D
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ කවි නූල මම දැක්කේ මේ දැන්ය
    පද හතරක් නොලියා යන්නට බැරිය
    රැකියාවට යන්නට දැනටත් මා පමාය
    තව ලියන්න ගියෝතින් කෙල වෙනවාය
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මෙන්න බොලේ බින්ගොත් ඇත කවි ලියලා
    නිකන් නොවේ හොඳ බර වචනත් දාලා
    දිගටම ලියමු කවි පද හැඩ වැඩ දාලා
    නග්ගල ගමුකො එලකිරි හිටිවන කවියා
    වැලි කැට කැට බැඳ වේයන් බඳින තුඹස් උන්ට වටියි
    කවි පද බැඳ අමාරුවෙන් හදපු කවිය මටත් වටියි
    Tyra Dee ගෙ අගය කෙරුම ඒ දෙකටම වැඩිය වටියි
    කවි කාරයෝ එකතු උනොත් ත්‍රෙඩ් එක රත්තරන් වටියි