MITSUBISHI GR-HEV DIESEL-ELECTRIC HYBRID PICKUP

lasperera444

Well-known member
  • Oct 6, 2011
    616
    208
    63
    01-mitsubishi-gr-hev-concept-geneva.jpg

    ජපානයේ මිට්සුබිෂි සමාගම ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති 2013 ජිනීවා මෝටර් ශෝ ප්‍රදර්ශණයේදී නවතම ඩීසල් හයිබ්‍රිඩ් පිකප් රථයක් ලොවට හඳුන්වාදුන්නා. නුදුරු අනාගතයේදී මිට්සුබිෂි සමාගමේ ජනප්‍රිය L200 පිකප් රථ මාදිලියේ නවතම ප්‍රතිමූර්තිය ලෙස ඉදිරිපත් කිරීමට නියමිත මෙම රථය ලොව පුරා පිකප් රථ ලෝලීන් කුල්මත් කිරීමට සමත්වී තිබෙනවා. අතිනවීන, ආකාර්ශණීය පෙනුමකින් නිමැවී ඇති මෙම රථයේ නිර්මාණය මෙන්ම රථය තුල අඩංගු කොට ඇති තාක්ශණයත් නවතම මෝටර් රථ ඉන්ජිනේරු තාක්ශණය බව පැවසෙනවා.

    ලීටර් 2.5 නවතම අඩු විමෝචන (low emission) ටර්බෝ ඩීසල් එන්ජිමකින් බලගැන්වෙන මෙම රථයට හයිබ්‍රිඩ් තාක්ශණයත් මුසුකොට තිබෙන්නේ නවීනතම විදුලි මෝටරයක් රථයේ power-train වෙත සම්බන්ධ කිරීමෙන්. මෙම විදුලි මෝටරයෙන් අමතර ජවයක් ලබාදෙන අතර එන්ජිම හා මෝටරය එක්ව ටොන් එකක බරක් ගෙනයාමට හැකි ව්‍යවර්ථ (torque) බලයක් ජනනය කරනවා.

    එන්ජිමෙන් හා මෝටරයෙන් දෙන ජවය පූර්ණ ස්වයංක්‍රීය (fully automatic) ගියර පද්ධතියක් මගින් full-time four wheel drive ආකාරයට රෝදවලට ලබාදෙන අතර සාමාන්‍ය ඩීසල් L200 පිකප් රථයක ඇති off-road හැකියාව එමගින් මෙම රථයට ලබාදෙනවා.

    ඩීසල් එන්ජිම හා මෝටරය එක්ව හයිබ්‍රිඩ් ආකාරයට ක්‍රියාකරන බැවින් මෙම රථයේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කිලෝමීටරයකට ග්‍රෑම් 149ක් තරම් අඩුවෙන අතර ඉන්ධන කාර්යක්ශමතාවය ඩීසල් ලීටරයකට කිලෝමීටර් 17ක් පමණ වෙතයි මිට්සුබිෂි සමාගම පවසනවා. ටොන් එකක බරක් ගෙනයා හැකි පිකප් රථයකට මෙවැනි ඉන්ධන කාර්යක්ශමතාවයක් තිබීම හයිබ්‍රිඩ් තාක්ශණයේ විශිෂ්ඨ සාධනයක් බව කිවයුතුයි.

    03-mitsubishi-gr-hev-concept-geneva.jpg

    05-mitsubishi-gr-hev-concept-geneva.jpg

    06-mitsubishi-gr-hev-concept-geneva.jpg

    12-mitsubishi-gr-hev-concept-geneva.jpg
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    හදිස්සියකට පොල් ගෙඩියක්වත් මේකේ බකට් එකේ දාන්න හිතෙන්නේ නෑ,,
    පට්ට භාණ්ඩේ.